ශ්‍රි ලංකාවේ නගර ආශ්‍රිත දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇති කසල එකතුවිම සදහා නවීන තාක්ෂණික උපකරණ සමග දැනුම ලබා දෙමින් ඊට විසදුම් සොයා දිමට වෙරෝනා නගර සභාව ඉදිරිපත්ව සිටි.
මෙ වන විට ඉතාලියේ සංචාරයකට එක්ව සිටින වෙන්නප්පු ප්‍රාදේශිය සභාවේ සභාපති වික්ටර් සුසන්ත මහතා පසුගියදා වෙරෝනා නගාරාධිපති ෆාලාවියෝ ටෝසි සමග සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස කසල ප්‍රශ්නයට විසදුම් සොයා දිමට නගර සභාව ඉදිරිපත් විය.
ප්‍රථම අදියර වශයෙන් වෙන්නප්පු ප්‍රාදෙශිය සභා බල ප්‍රදෙශයේ කසල එකතුවන හා බැහැර කරනා ආකාරය සොයා බැලිම සදහා ඉතාලි ජාතික ඉංජිනේරුවරුන් තිදෙනකු ඉදිරියේදි ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතය.
අනතුරුව නවින තාක්ෂණික උපකරන පරිත්‍යාගයෙන් හා දැනුම ලබා දිමෙන් වෙන්නප්පු බල ප්‍රදේශයේ එකතුවන කසල ප්‍රතිචක්‍රිය කර කාබනික පොහොර හා ගෑස් නිපදවීමට ඔවුන්ගෙ අවධානය යොමුවේ.
මෙය ලංකාව පුරා ව්‍යාප්ත කිරිම ගෑන සකච්ඡා කිරිම සදහා වෙරෝනා නගරාධිපතිවරයා ලංකාවට පැමිණීමට නියමිත අතර එහිදි ඔහු එහිදි ඔහු රජයේ ඉහල බලධාරින් හමුවිමට සුදානමින් සිටි. වෙරොනා නුවර ජිවත්වන ශ්‍රි ලාංකිකයකු මේ සදහා මැදිහත්ව කටයුතු කරන අතර ඔහු කියා සිටියේ තමා ජනප්‍රියත්වය උදෙසා මෙවෑනි දෙ නොකරන බවත් රට වෙනුවෙන් දෙයක් කළහෑකි නම් ඔනෑම මොහොතක එය නොපිරිහෙළා ඉටුකරන බවත් තමාගේ නම සදහන් නොකරන ලෙසත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සත් ක්‍රියාවට මුල් වුන සොයුරාට ගොඩක් පින්.රටට වටිනා මහතෙක්. (නි)
වෙන්නපුවේ කසල කොහොමත් වැඩිය තියෙන්නේ ඉතාලියේ තමයි (නි)
වෙන්නප්පුවට සුබ අනාගතයක්! (නි)
කොහොමත් පිටරට වලින් ඉවත දමන කුණූ අපේ අයනේ අරගෙන යන්නේ (නි)
චන්දන පුතේ,ලංකාවේ විහිළුකාරයෝ ඉන්නවා කියලා පෙන්නන්න ඕනෑ වෙලා තියෙන්නේ. (නි)
ඇමරිකාවේ නාසා ආයතනයේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ පමණක් දෙසීයක් ඉන්නවා. එය ලෝකයේ දෙවැනි තැන. පළමු තැන ගන්නේ ඉන්දියා විද්‍යාඥයෝ ගණනින් තුන්සීයක් පමණ. මේවාට අවශ්‍ය දැනුම අපේ රටේ ඉතාලියට වඩා හොඳින් තිබෙනවා. ප්‍රශ්නය මේවා දේශපාලකයන් හරහා සිදු කිරීමේදී බාධා පැමිණීමයි. මේ අයට පුළුවන් නම් ගිහිල්ලා හැමදාම පත්තරේ යන ඔවුන්ගේ රටේම 'නාපොලි' නගරයේ කුණු ප්‍රශ්නය පළමුව විසදන්න කියන්න. (නි)
ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුමෝ, පක්ෂ නායකත්වය දැනුවත් කරලද අපේ රටේ කුණු ප්‍රතිචක්‍රීය කරණය කරන්න වත් දන්නේ නැහැ කියල ලෝකේ වටේ කියව කියවා උදව් ඉල්ලන්නේ? ඇත්තටම ඔබට මේ ගැන අහගන්න ලංකාවේ කෙනෙක් හිටියෙම නැද්ද?.(නදී)
වැඩේ නම් හොදයි
අනේ පින්සිද්ධවෙයි වෙරෝන වල ඉන්න සිංහලයන්ට,මේ හොර ජාතියක් ඉන්න ලන්කාවටනම්, කිසිම උදව්වක් දෙන්නම එපා, දීල දවසයි දෙකින් කෝටි ගණන් වටින ඔය උපකරණ ඔක්කොම ගලවාගෙන ගිහින් විකුනෛ මෙහෙ ඉන්න අය (දී)
බලනකොට අපේ හැම දෙයක්ම කරන්නෙ විදේශිකයොනෙ.අපිට කොච්චර ආඩම්බරද? ලෝකේ ගොඩක් රටවල් අපේ සේවකයෝනේ. ඕකනේ කියන්නේ අපි තමා ලෝකෙන්ම උතුම් ජාතිය කියලා. (ස)
අපේ අයට ඉතින් කෝ සල්ලි ඕආ කරන්න. (ස)
ලංකාවේ අපි කනගාටු වෙන්න ඕනේ ඇත්තමයි (දී)
දකුණේ කවුරුත් වෙන්නප්පුව ගැන කරදර වෙන්න ඔන් නැහැ. අපි වෙන්නප්පුව ගැන බලා ගන්නම්.
අපිට ජීවිතය කියනෙ ලොකු සටනක්. ඒත් අපිත් වෙන්න ඔනෙයි ,තමන්ට වටා ගත නොහැකි දේ, රට වෙනුවෙන් රටට උතුම් මිනිසුන් කොටසක් රට වෙනුවෙන් ඉන්න බව අපිට ආඩම්බරයි. (ස)
මේ මැදිහත් වෙලා ඉන්න මහත්මයා ඉතා හොඳ දෙයකට අත ගසා ඇත්තේ.මෙතුමා වෙන්නප්පුව ප්‍රාදේශීය සබා සභාපතිතුමා සමග මේ කරන මහඟු කර්තව්‍යය සාර්ථක කර ගැනීමට අවශ්‍ය දිරිය ශක්තිය ලැබේවා! (නි)
වෙන්නප්පුවේ සභාපති තුමා ඔය දේට ඉතාලි ගියේ මොකද?තම බල ප්‍රදේශයේ ජනතාව දෙනුවත් කරන්න සහ දිරි ගන්වන්න කසල ක්‍රමවත්ව බැහැර කරන්න. (දිල්)
මෙම කාර්යයට මුලිකත්වය ගෙන ක්‍රියා කරන ශ්‍රී ලංකික මහතාගේ ක්‍රියාව අපි ඉතා අගය කල යුතුයි.ඒ වගේම එතුමා කැපී පේන්නට ඇති අකමැත්තත් ඊටත් වඩා අගය කල යුතුයි. (ස)
ඇයි දකුණ ලංකාවේ කොටසක් නෙමෙයිද? (නි)
හොද දෙයක්. ක්‍රියාත්මක වෙනවා නම් අපේ රටට හොද ආදායම් මාර්ගයක් තමයි (නි)
කොළඹට ගිහිල්ලා බලන්න, ඉතාලියේ වගේම කුණු දමන බදුන් පාරේ තැන තැන තියලා ඇති ආකාරය (නි)
මෙම මහත්වරු කරන්න හදන ක්‍රියාව ඉතාම කාලෝචිත හොද දෙයක්. හරි නම් මේවා කරන්න පටන්ගන්න තිබුනේ මීට අවරුදු 40 කට විතර උඩදී. තවම ප්‍රමාද නැහැ. ජනතා මුදලින් යැපෙන අමාත්‍යංශ නිලධාරීන් ලැජ්ජා විය යුතුයි. (නි)
කසල තෝරා බේරා විද්‍යානුකූලව ප්‍රතිචක්‍රීය කිරීම ලංකාවට පමණක් නොවේ ලෝකයේ බොහෝ දියුණු රටවලට පවා අපහසු දෙයකි. ඉතාලීය ඉංජිනේරුවන් සමග අපේ ලාංකිකයින් එලෙස ලංකාවට උදව්කළ හැකිනම් ඒ කාර්ය්‍යට ඉතාමත් ගෞරවයෙන් ප්‍රශංසා කළ යුතුයි.(නදී)
සිරියලතා, ලංකාවට අධිවේගී මාර්ග, ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් , වරායවල් හදන්න සල්ලි තිබෙනවා නම් මේ වැඩේ කරන්න සල්ලි නැත්තේ මොකද? මෙය ඉතාම සරල දෙයක්. පළමුව කුණු වෙන්කිරීම කළ යුතුයි. කුණුවල ඇති ඉදුල් ආහාර අපද්‍රව්‍ය වැනි ඉක්මනින් දිරායන දේවල් එක ගොඩකටත් , පොලිතින්, ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය තව ගොඩකටත්, විදුරු ,ලෝහ වැනි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දේවල් තව ගොඩකටත් දමා, ඊටපසු දිරායන අපද්‍රව්‍ය සහිත ගොඩ කොම්පෝස්ට් නිපදවීමට , විදුරු ලෝහ අඩංගු ගොඩ ප්‍රතිචක්‍රීකරණය කිරිමටත් , පොලිතින් ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය කුණු දහනාගාරයක් මගින් පිළිස්සිමත් සිදු කළ යුතුයි. යුරෝපා රටවල මෙම ක්‍රමය ඉතා සාර්ථකව සිදු කරනවා. (නි)
ඔයගොල්ලෝ මිලානෝ එනවා නම් කියන්නකෝ, මගේ ගෙදර කුණු ටිකත් එකතු කරලා තියන්නම් අරගෙන යන්න. (නි)
අදහස් කියැවූ විටයි දැනුනේ කොතරම් විහිළුකාරයින් අපේ රටේ සිටින්නේදැයි කියා (නි)
මෙම කරන්නට යන කාර්යය ඉතාමත් කාලෝචිත දෙයක්. එහෙත් අපගේ මෙයට මැදිහත් වන සහෝදරයන්ට කියන්නට තිබෙන්නේ මෙම තාක්ෂණික උපකරණ පමණක් රැගෙන යන්නේ නම් හොඳ යැයි යන්න මාගේ අදහස බවයි. (නි)
කෙසේවුවත් ඔහුගේ රට ගැන ඇති හැගීම අපි අගය කළ යුතුයි (නි)
ඇයි ඉතාලි යන්නේ? එන්න බලන්ගොඩට (නි)