(සුජිත් හේවාජුලිගේ)
වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් ඊයේ සිට රක්ෂිත ලෙස ගැසට් කෙරිණ.
මේ අනුව මොණරාගල, අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්කවල රජයේ වනාන්තර රැසක් මෙලෙස රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
රක්ෂිත ලෙස ගැසට් කර ඇති වනාන්තර මෙසේය
මොනරාගල දිස්ත්‍රික්කය
මොණරාගල අඩවියේ - ආගරේ, බන්ඩාරවාඩිය, කුඩාගොඩකන්ද, මිල්ලකැලේ, වන්තිබ්බාගොඩ, වෙහෙරගලකන්ද රජයේ වනාන්තර
සියඹලාණ්ඩුව අඩවියේ - අඹත්තාහෙල රජයේ වනාන්තරය
වැල්ලවාය අඩවියේ - කන්දෙයාය, පොරමැඩිල්ල, වැලිආර රජයේ වනාන්තර
අම්පාර දිස්ත්‍රික්කය
අක්කරපත්තුව අඩවියේ - පාලකුඩා කඩොලාන වනාන්තරය
අම්පාර අඩවියේ - කරංගාව රජයේ වනාන්තරය
මහඔය අඩවියේ - බදුලුගොඩ රජයේ වනාන්තරය
ලාහුගල අඩවියේ - පානම උතුර රජයේ වනාන්තරය
මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර අඩවියේ - රිලාගල සහ රජගල රජයේ වනාන්තර
ඒ අනුව, මෙම සියලු රජයේ වනාන්තරවල හෙක්ටයාර 5711.75 ක භූමි ප්‍රමාණයක් රක්ෂිත බවට ප්‍රකාශයට පත් කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වනාන්තර 16ක් රක්ෂිත ලැයිස්තුවට