වරාය නගරය ව්‍යාපෘතියට අවසරය ලබාගැනීම පමාවීම නිසාවෙන් සිදුවූ පාඩුව පියවාගැනීමට එම ව්‍යාපෘතිය භාර චීන සමාගම ඉල්ලා සිටින වන්දිය සම්බන්ධයෙන් සහනයක් ලබාගැනීමට එම සමාගම හා නැවත වරක් සාකච්ඡා කිරීමට ශ්‍රීලංකා රජය සූදානමින් සිටී.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම වසරක පමණ කාලයක් ප්‍රමාදවීම නිසා ඒ වෙනුවෙන් ඩොලර් ලක්ෂ 1250 ( රුපියල් කෝටි 1828.8 කට ආසන්න) වන්දියක් ලබාදෙන ලෙස හෝ දැනට වෙන්කර ඇති බිම් කොටසට වඩා වැඩි බිම් කොටසක් අත්පත් කරගැනීමට අවසරය ලබාදෙන ලෙස එම සමාගම ඉල්ලා ඇතැයි බස්නාහිර පළාත් සංවර්ධන සහ මෙගාපොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ මෙගාපොලිස් අමාත්‍යංශය යටතේය.
වන්දිය ලබාදීම හෝ බිම් කොටසක් ලබාදීම සම්බන්ධයෙන් ලබන හය වැනිදා යෙදෙන අගමැතිවරයාගේ චීන සංචාරයේදී එරට බලධරයින් සමග සාකච්ඡා කෙරෙනු ඇති බවද රණවක මහතා කීය.
චයිනා කොමියුනිකේෂන්ස් කොන්ස්ට්‍රක්ෂන්ස් කම්පැනි ලිමිටඩ් (සීසීසීසී) වෙනුවෙන් ව්‍යාපෘතියේ කටයුතු මෙහෙයවන සීඑච්ඊසී පොර්ට් සිටි කලම්බු සමාගම නව රජය බලයට පත්ව පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට ගෙවුණු වසරක කාලයක් පුරාවට වරාය නගර ව්‍යාපෘතිය නවතා දමා තිබීම නිසා සිදුවූ අලාභය ආවරණය කරගැනීමට යැයි කියමින් මෙසේ වන්දි හෝ ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
අගමැතිවරයා චීනය බලා පිටත්වීමට මත්තෙන් මේ සම්බන්ධයෙන් යම් එකගතාවක් ඇතිකරගැනීමට නියමිතව ඇති බවද රණවක පැවසීය.නමුත් දීමනා ලබාදීම ඇතුළු තවත් ගැටලු රාශියක් සම්බන්ධයෙන් එකගතාවයන්ට පැමිණීමට තවත් කාලය අවැසි බවද ඔහු කීය.
එකගතාවන්ට පැමිණීමෙන් පසු එම යෝජනා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කෙරෙනු ඇත.නව ගිවිසුමක් ඇති වන්නේ නම් එයට අත්සන් තැබෙන්නේ ඉන් පසුවය.
එකගතාවන්ට පැමණීමේදී ව්‍යාපෘතිය සඳහා වෙන්කර තිබෙන හෙක්ටයාර 263 ක බිම් කොටසට වැඩි අවධානයක් යොමුකරන බව අමාත්‍යවරයා පැවසීය.පෙර පරිදි කිසිඳු අයකරගැනීමකින් තොරව නොව වසර 99 ක බදු පදනම යටතේ මෙවර එම බිම් කොටස ලබාදීමට සාකච්ඡා කෙරෙන බවද ඔහු කීය.
පෙර වතාවේදී ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් පිළිඹද වාර්තාව සකස් කර තිබුණේ හෙක්ටයාර 200 ක බිම් කොටසක් පමණක් ආවරණය වන පරිදිය.
නව ගිවිසුම යටතේ අහෝසි කිරීමට නියමිත ඉදිකිරීම් අතර කැසිනෝ සහ මෝටර් රථ ධාවන තරග සඳහා වන ධාවන පථ ආදිය තිබෙන බව අමාත්‍ය රණවක පැවසීය.
සාකච්ඡාවලදී ව්‍යාපෘතියේ මූලික අදියර වල පාරිසරික බලපෑම් පිළිඹඳ වාර්තාවේ නිර්දේශයන් උල්ලංඝණය කර ඇති අවස්ථා පෙන්වා දෙන බව මෙගාපොලිස් අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා කීය.
වෙරළාරක්ෂක සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමෙන්තුව ව්‍යාපෘතිය සඳහා දැන් නිකුත් කර තිබෙන අවසර පත්‍රයට නව කොන්දේසි 72 ක් එක්කර තිබෙන බවත් ව්‍යාපෘතිය භාර සමාගම එම කොන්දේසි වලට එකඟතාවය පළකර තිබෙන බවත් රූපසිංහ මහතා පැවසීය.
ව්‍යාපෘතිය ආරම්භ කළ පසු විශේෂ රථවාහන සැළැස්මකට අනුව කොටුව ප්‍රදේශයේ වාහන ගමනාගමන කටයුතු සිදුකිරීමේ සූදානමක්ද ඇති බව ඔහු වැඩිදුරටත් කීය.
ඩොලර් කෝටි 150 ක වටිනාකමකින් යුතු වන මෙම ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුමට චීන ජනපති ෂී ජින්ග්පින්ගේ ප්‍රධානත්වයෙන් අත්සන් තැබුණේ 2014 සැප්තැම්බර් මස 17 වැනිදාය.මෙරට ක්‍රියාත්මක ඉහළම වටිනාකමින් යුතුවන පෞද්ගලික ව්‍යාපෘතියද මෙයයි.
ඉඩම් අත්පත් කරගැනීම සඳහා වසර තුනක්වත් ගතවනු ඇතැයි අනුමාන කෙරෙන අතර ඉදිකිරීම් කටයුතු ආරම්භ වන්නේ ඉන් පසුවය.ව්‍යාපෘතිය අවසානයේ රැකියා අවස්ථා 80000 ක් පමණ උත්පාදනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
COMMENTS
චීනෙන් ණය නොගෙන හිටියනම් ඉවරයිනේ. (බ)
සම්පුර්ණ ව්‍යාපෘතිය කරන්න ඉඩ දෙන්න එෆ් .වන්. වගේ ධාවන පථයක් තිබුනම මොකද වෙන්නේ සංචාරක ව්‍යාපාරය කෙලින්ම බලපානවා. මෙවැනි දේශපාලන පටු අදහස් හින්දා රට ඉදිරියට යාම කෙමෙන් කෙමෙන් අඩුවෙනවා කෙලින් තීරණ අරගෙන කෙලින් වැඩකරන්න මුලික දේ රට ගොඩ නැගීම.(බ)
ගෙදර ගියොත් අඹු නසී, මඟ සිටියොත් තෝ නසී! නියමයි 10 ගුණයේ සංවර්ධනය! (නි)
පිටබැද්දර ජයා, දැනට අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් වී ඇති බව දන්නේ නැතිද?නාගදීපේ බුදුපිලිමේ හදන එක ,පලාලි ගුවන් පථය හදන එක ඉන්දියානු අණදීමෙන් නැවතුනා කියල දන්නේ නැතිද මේ ටික නොතේරෙන මිනිසුන් ගැන මොනවා කියන්නද මොනවා කරන්නද ? (බ)
චීන්නු කිසිම රටක කිසිම ව්‍යාපෘතියක් කරන්නේ නැ එම ව්‍යාපෘතියෙන් වියදම් කරනවට වඩා ලාබයක් එන්නේ නැත්නම් .. මෙපමණ කාලයක් ලංකාවේ චීන ටවුමක් තිබුනේ නැහැ .. චීන දෙයියන්ගේ පිහිටෙන් චිනට මහින්ද රාජපක්ෂ හින්ද ලෝකේ ලොකුම චීන ටවුම ලංකාවේ වටිනාම ටවුමේ මිලකරන්න බැරිම ස්ථානයෙන් නොමිලේම සින්නක්කරවම සදහටම ලැබුනා .. මහින්ද ගහල තියෙන ගිවිසුම අහෝසි කරනවා නම් ලංකාව වික්කත් පියවගන්න බැරි වන්දියක් ඔය චීන සමාගමට ගෙවන්න වෙනවා ..(බ)
නාගදීපයට බලපෑ වෙරල ආරක්ෂාව ගාලු මුවදොරටත් තිබුනානම්? (බ)
මෙතැන බොහොමයක් අය අදහස් පළකර ඇත්තේ තම දේශපාලන මතය පිලිබිඹු කිරීමටය පමණි ... මෙය නැවැත්තුවේ කුමන කරුණු නිසාද?... එසේ නොකර දිගටම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින්ම එම අඩුපාඩු සකසා නොගත්තේ මන්ද ?... එලෙස ව්‍යාපෘතිය නැවැත්වීමෙන් සිදුවෙන පාඩුව මුල්‍යන කරගන්නේ කෙසේද යන්න පිලිබදව කවුරුත් තම අදහස් පල කර නොමැත.. ඒක නිසා තමයි අපේ රට මේ විදියට ඒක තැන පල් වෙන්නේ...(බ)
හොද වැඩේ මුන්ට බොරු සෝබනේට චීනෙට ලොකුකම් පෙන්නන්න ගියාට. සල්ලි තියන අපේ රටට ඇත්තටම හිතවත් රටවල් ඇත ඇරලා අනුන්ගේ රටවල් වලට ඇගිලි ගගහ වද දෙන කාලකන්නි රටවල් කරේ දාගත්තට. බලේට එන්න කියන බොරු නිසා විනාශ වෙන්නේ අපේ රට. (බ)
චීන ජනතාව නොකන දෙයක් නැහැ. ලංකාවත් හුරගෙන කන එක අහන්න දෙයක් නැහැ. (හේ)
පිටිගල මිලානෝ හරි. ණය ගිවිසුම් ගහනකොට අපේ රටේ කොටසක් 99 වසරකට හරි චීන්නුන්ට දෙන්න වෙන බව මහින්දලා දැනගෙන නෙමෙයිද හිටියේ? 99 වසර අවසානයේදී අපි කොහෙද චීනය කොහෙද, ඒ කොටස ඔවුන්ගෙන් ආපසු ගන්න ලැබෙයිද කියල හිතනවට වඩා කොමිස් කුට්ටිය ගැන හිතුවාම සිද්ද වෙන දේ තමයි මේ. (හේ)
මෙතෙක් කලක් අවුරුදු 60 කට වැඩි කාලයක් අපිට හිටපු බොහෝ නායකයින් කිසිවෙක් හිටපු නායකයා නය ගත්ත කියල සංවර්ධන වැඩ නතර කලේ නෑ. (හේ)
අහක යන නයි රෙද්ද අස්සේ ගෙන කනවෝ කනවෝ කියනවා... (හේ)
පිටබැද්දර ජයාට පිස්සුද? ආ ගමන් ලොකු කතා කියලා ඕක නවත්තලා මෙයාලා වැඩේ වරද්දාගෙනයි දැන් ඉන්නේ (නි)
චීනෙට සියලු කෙනෙහෙළිකම් කළා. දැන් ආයෙත් චීනේටම හිඟමනේ යනවා. ඔක්කොටම කලින් හිතන්න තිබුනේ මහලොකු ඇමරිකාවත් ණයට සල්ලි ගන්නේ චීනෙන් කියලා. දැන් මහින්ද දුන්නට වඩා දෙයක් දෙන්නකෝ.... (නි)
ඒ ඉල්ලන කෝටි ගණන දීලා දමන්න, ණයවෙලා හරි. ඔය අය අපේ රටට එපා. අායේ කවමදාකවත් චීනුන් එක්ක බිස්නස් එපා. (නි)
කොච්චර හොඳට ඉන්න තිබුනද ජපනාව ළංකර ගත්තා නම්! ගිය ආණ්ඩුව කළේ දුෂිත චීනාව ළංකර ගත්ත එක (නි)
දැන් ගෙවාපල්ලකෝ එ්කත් මහජනයාම (නි)
ඇයි මේකේ මෝටර් රථ ධාවන තරඟ පථය අහෝසි කරන්නේ? මේවායින් සංචාරක කර්මාන්තය දියුණු වෙන්නේ නැද්ද? මොකද මේ වගේ වැඩ කරන්නේ? ලංකාවේ මෝටර් රථ ධාවන තරඟ හොඳ නැද්ද? පැහැදිලි කළොත් තමයි හොඳ (නි)
රෙජීමය චීනුන්ගෙන් කා තිබෙනවා යැයි කියන කොමිස් වලින් වන්දි ගෙවන්න කියමු (නි)
වෛරී දේශපාලනයේ අතුරු ඵලයක්ද (බ)
මේ ආණ්ඩුව ඉල්ලගෙන කනවා. එ්කෙන් රට ඉවර වෙනවා. මෙයාලට රට කරන්න බැහැ (නි)
හලෝ පිටබැද්දර ජයා, බලන්න හොඳට ප්‍රවෘත්තිය කියවලා (නි)
ජයා, ගැට ලිහන්න පුළුවන් සුපිරි පාලනයක් කියලා නේද ඔබතුමන්ලගේ අය කිව්වේ? (නි)
පිටබැද්දර ජයා ඔලුවෙන් හිටගෙනද කොහෙද ඉන්නේ. ලොකු චණ්ඩිකම් පෙන්නලා මේවා නැවැත්තුවට ඊටත් වැඩිය නරක විදියට මේගොල්ලෝ එ්ක කරන්නේ. කෝ ඔය කියපු පරසර හානි? වන්දි ගෙවන්නේ මහින්දගේ වරදින්ද? දැන්වත් කකුල් දෙකෙන් මහපොළවේ හිටගෙන බලන්න!! (නි)
මහින්ද දැන් කියයි අපි නම් ඕවා කෙරුවේ නැහැ කියලා. මේ අලුත් ආණ්ඩුවටත් කිසිමදේකට වගකියන්න උවමනාවක් නැහැ. ත්‍රස්තවාදය ඉවරයි කියලා මමයි රජා කියලා උඩපැන්නාට අරයා දැන් මේ ආණ්ඩුවට බනිනවා. (නි)
නිම්මිගේ කතාව මමත් අනුමත කරනවා. (නි)
චතුරිට පිස්සු තදවෙලා වගේ! මහින්ද හිටියා නම් වගකීමෙන් වැඩ කරනවා මීට වඩා (නි)
මේ රටටත් වෙන්න යන්නේ ඇන්ගෝලාවට වුණදේමයි. ආයෝජන කියා කොමිස් ගහගන්න වැඩි පොළියට ණය අරගෙන ගෙවාගන්න බැරිවුණාම රටේ බිමෙන් වන්දි ගෙවන්න වෙනවා. ඔන්න පපුවට ගහගෙන 'මගේ රට හාමුදුරුවනේ' කියපු අයගේ කෙරුවාව. (නි)
දේශපාලන වෛර පිරිමහගන්න රටට ආර්ථික පාඩු කළ මෙවන් මෝඩ යහපාලකයින්ගෙන් පෞද්ගලිකව මෙම මුදල් අයකර ගතයුතුයි. අලුත් ආණ්ඩුවක් පැමිණි කලෙක මේ අයවත් මුල්‍ය වංචා පොලිසියට ගෙනගොස් මෙම පාඩු අයකරගත යුතුයි. (නි)
මේකෙ අදහස් දාන ගොඩක් දෙනෙක් දන්නෙ නැතුව ඇති, චීනයේ ලෝකෙම අල්ලගන්න ව්‍යාපාරයක් කිුයාත්මක වෙනවා. මුහුදෙ නැති දුපත් හදනවා. ඒකෙන් මුහුදු බල ප්‍රදේශය වැඩි කරනවා. අප්‍රිකාවෙ රටවල් වලට චීන පාතාලය ඇතුලුවෙලා. ලංකාව මේ කළ වැඩෙන් චීනය තමන්ගෙ අණසක නැතිවෙයි කියලා තැතිගැන්මකට ලක්වෙලා තියෙන්නේ (නි)
වෛර පිරිමහගන්න කළ මේ පමාවෙන් රටට වෙන පාඩුව ගෙවන්නේ කවුද? රු. කෝටි 1828ක් යනු කජු අැට කොස් ඇටද? (නි)
බලනකොට චීන මස්සිනාලත් නරක නැහැනේ. රටවල් දෙකක් අතරවූ ගිවිසුමක් තාවකාලිකව හෝ නවතනවිට මෙවැනි ප්‍රශ්න මතුවෙන බව මෙහෙ අයට වැටහුනේ නැද්ද? කමක් නැහැ ජාතිය ජන්මය කුමක් වේවා, හැම බරක්ම පැටවෙන්නේ නැති බැරි එකාගේ පිටේනේ (නි)
දේශපාලන වෛරය මත පදනම්වුණ තීරණ වලින් රට වෙන පාඩුව පේනවා නේද? (නි)
දැන් එයාලා ඔය කොච්චර විතර කොටසක්ද ඉල්ලන්නේ? (නි)
වන්දි ඉල්ලන්නේ අපේ රටට හිතවත්කමක් නැති නිසයි. (නි)
අවවාදයි ටොකුයි අනින බටහිරට වඩා ආසියාතික චීනය හොඳයි. ඇමෙරිකාව සහ තවත් බටහිර රටවල් චීනයෙන් ඩොලර් බිලියන ගණනින් ණය අරන් තියෙන්නේ. (නි)
කොහොමද යහපාලනය? වෙනස සැපයිද? (නි)
"කොහොමද යහපාලනේ ටිකිරි මොළේ"යන යන තැන අනාගෙන. මහින්දට අපහස කර කර හිටියා මිසක් වෙන මොකුත් කළේ නැහැනේ. දැන් ඉතින් ඒවටත් මහජනතාවටයි වන්දි ගෙවන්න වෙන්නේ. (නි)
මහින්දව එළවන්න බොරු කිව්වා වගේ නොවෙයි, ප්‍රායෝගිකව එම ප්‍රශ්න වලට මුහුණ දෙන්න ගියාම වෙන ආනිසංස තමා මේවා. (නි)
දබර ඇගිල්ල උලුක්කරගෙන කනේ මයිල් පුප්පගෙන ලංකාවේ මෝඩ ඡන්දදායකයින් රවට්ටගෙන බලයට එනවා වගේ ලෝකේ රටවල් රවටන්න බයකරන්න මෙගා පොලිස් කාරයට බැරිබවයි පෙනෙන්නේ (බ)
මම හිතුව ඕක වෙයි කියල මේ ආණ්ඩුව අාපු ගමන් මේක නැවත්තුවම. දැන් ව්‍යාපෘතියත් පරක්කුයි. ඒවගේම වන්දිත් දෙන්න වෙලා.මේ ඔක්කොම පටු දේශපලන වාසි නිසා. (බ)
සාලිය, කරුණාකරලා දන්න දෙයක් කතාකරන්න (නි)
මේ ආණ්ඩුව දවසින් දවස එක එක පඹ ගාලවල්වල් පැටලෙන ගමන්ම, රටත් ආපස්සට හරවමින් ඉන්නේ. (බ)
මෙයාලගේ වැරදි නිසා වන්දි ගෙවලා, ඒවත් මහින්දගේ ගිණුමට දමාවි. මෙයාලට කිසිම ලැජ්ජාවක් නැහැ. මහා ලොකු කයිවාරු ගහලා, දැන් ඔය චීනා ළඟට යන්නේ රෙදි ඇඳගෙනද? කිසිම සැළසුමක් නැහැ, පැලැස්තර දමමින් අවුරුදු 5 ගෙවන්න තමා හිතාගෙන ඉන්නේ. (නි)
ඕවට අපි කියන්නේ ඉල්ලගෙන කනවා කියලා (නි)
ඔක්කොම ටික දීල දැම්මනම් ඉවරයි. (ම)
ගිය ආණ්ඩුව පටලපු පඹගාලේ මුළු රටම පැටලිලා , විතරක් නෙවෙයි රටේ බහුමික අඛණ්ඩතාවයත් අහවරයි , දැන් අපේ රටේ කොටසක් චීනුන්ට සින්නක්රේටම දීල තියෙන්නේ , මේ ටික නොතේරෙන මිනිසුන් ගැන මොනවා කියන්නද මොනවා කරන්නද ? (බ)