(යොහාන් භාසුර)

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් සිව් දෙනෙක් ආබාධයන් හේතුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේය.

වේග පන්දු යවන්නන් වන ළහිරු කුමාර සහ ඩිල්ෂාන් මධුසංඛ ද සංචිතයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා එක්දින සංචිතය:

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් (උපනායක), චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුෂාන් හේමන්ත, බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන්.