(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් අවදානමක් හේතුවෙන් වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයද වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් අංශයද වසා දමා ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය.
කොවිඩ් ආසාදිත රියදුරකු මුළු ආමාත්‍යාංශය පුරාම ඇවිද ඇති බවට තොරතුරු හෙළිවීම නිසා අමාත්‍යංශය මෙසේ වසා දැමූ බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මේ තත්වය නිසා අමාත්‍යාංශයේ සෙසු සේවක පිරිස්ද කොවිඩ් පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන ඇත.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් අංශය වසා දමා ඇත්තේ එහි සේවකයකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීම නිසා යැයි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.
මේ පිළිබඳව තොරතුරු හෙළිවීමෙන් පසු එම අංශයේ සෙසු සේවකයන්ද කොවිඩ් පරීක්ෂණවලට යොමු කරනු ලැබ සිටින අතර ඒවායේ ප්‍රතිඵල අද (12) ලැබීමට නියමිතය.
වසා දමා ඇති ස්වාභාවික සම්පත් අංශය කාර්යබහුල අංශයක් හෙයින් එහි කටයුතු ඔන්ලයින් ක්‍රමවේදයට පවත්වාගෙන යෑමට පියවර ගෙන ඇතැයිද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
වනජීවී රාජ්‍ය අමාත්‍යාංශය සහ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් අංශය විෂබීජහරණය කිරීමටද පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යමු, යමු, යමු, අපි.. අලි දඩයමේ යමු...!
මොක ඇරියත් සුරාබදු එකයි, වනජීවී එකයි කලබලෙන්ම වැහුවා...