(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ අලි මෙහෙයුමක නිරතව සිටි වනජීවී නිලධාරීන් 15 දෙනකු අද(16) ප්‍රදේශවාසීන් පිරිසක් විසින් නිවාස අඩස්සියට ගනු ලැබූහ.
අදාළ නිලධාරීන් සියලු දෙනා ප්‍රදේශයේ විහාරස්ථානයක උඩුමහලේ රඳවා ගේට්ටු වසා දමා ප්‍රදේශවාසීහු එහි පහළ රැඳී සිටිති.
දින කිහිපයක සිට මෙම නිලධාරීන් ප්‍රදේශයේ වල් අලි මෙහෙයුමක නිරතව සිටි නමුත් වයඹ වනජීවී කාර්යාලයේ ඉහළ නිලධාරියකුගේ උපදෙස් පරිද අද පෙරවරුවේ මොවුන් මෙහෙයුම අතරමග නතර කර දමා ආපසු ගෙන්වා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් මැදිහත්ව ඔවුන් එහි රඳවාගෙන ඇතැයි වාර්තා වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට බල්ලට ගිහින්. මිනිස්සු නීතිය අතට අරන්, කෙළවරක් නැති මේ වගේ අනවශ්‍ය වැඩ, ඒ වගේම පාරවල් අවහිර කරමින් උද්ඝෝෂණ. පාලකයන්ට කරගන්න දේකුත් නැහැ.
හරි වැරැද්ද විසඳාගන්න පිළිගත් ක්‍රම තියෙනවා. අපි ඔක්කොටම නීතිය අතට අරන් පිස්සු නටන්න පුළුවන් නම් මොකටද නීතියක් තියෙන්නේ? මේක සාපරාධී බලහත්කාරකමක්. ආණ්ඩුව මොකද කරන්නේ? නැට්ට පස්ස පැත්තේ තියාගෙන නිදා ගන්නවද?
පොලිස් නිලධාරියා දාගෙන ඉන්නේ කැමරා කණ්ණාඩියක්.. ලස්සනට කතා කරකර කට්ටියගේම ෆොටෝ ගහගන්නවා ...