වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු සහකාර අධ්‍යක්ෂ උසස්වීම් ඇතුඵ ගැටලු රාශියක් හමුවේ වනජීවී සහකාර අධ්‍යක්ෂවරු පසුගිය 24 වැනිදා සිට ඇරඹූ වෘත්තීය ක්‍රියා මාර්ගය නිසා රක්ෂිතයන් අසල ජනතාවට මෙන්ම වනජීවි දෙපාර්තුමේන්තුවට විශාල ගැටලු ප්‍රමාණයකට මුහුන දිමට සිදුවි ඇතැයි රාජකාරි ආවරණ සහකාර අධ්‍යක්ෂවරුන්ගේ වෘත්තීය සංගමයේ ලේකම් පී.ජී.ඩී.ජෙ.පෑබොටුව මහතා පැවසිය.
2001 වර්ෂයෙන් පසු වනඡිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට බාහිරින් හෝ අභ්‍යන්තර උසස්විම ලෙස කිසිදු සහකාර අධ්‍යක්ෂවරුන් බදවාගෙන නැති බවත් අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති නිලධාරින් සිටියදීත් උසස් විම් ලබා නොදිම නිසා බරපතල පරිපාන ගැටලු මතු වි ඇති බවත් සුදුසුකම් සපුරා ඇති නිලධාරින්ට උසස් විම් ලබා නොදිමෙන් එම නිලධාරින්ට විශාල අසාධාරණයක් සිදුවි ඇති බවත් සංගමය වසර ගණනාවක් පෙන්වා දුන් බවත් පැබොටුව මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන සතුන්ට ලොකු නිදහසක් මේ දිනවල ඇති යන්තම් මේ අයගේ වර්ජන වලට පින් සිද්ද වෙන්න. මේ වන සතුන් වර්ජන කරවිද දන්නේ නැ මේ සියලු නිලධාරීන් ඉවත් කරන්න කියල, ඔවුන්ගේ නිදහසට කරදරයක් කියල (බ)
නිලතල දුන් පළියට කිසිදෙයක් වෙන්නෙ නැහැ. ඒ සඳහා අවංක උවමනාවක් තියෙන්න ඕනෑ. දවසගානේ වනේටයි වන සතුන්ටයි වෙන දේ අපි දන්නවනේ (නි)