ඕළු මුවා යනු අදින් වසර ලක්ෂ 150-350ත් අතර කාලයක සිට මිහිතලය මත වාසය කරන්නට ඇතැයි සිතන සත්ත්ව විශේෂයකි. ඉංග්‍රීසි බසින් ‘‘බාකින් ඩියර්‘‘ ලෙස හඳුන්වන මොවුන් විශේෂ ගණනාවක් ලෝකය පුරා දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාවේ ඕළු මුවා ලෙස හඳුන්වන විශේෂය සත්ත්ව විද්‍යාත්මකව ‘මුන්ටියාකුස් මුන්ජැක්‘ ලෙස හැඳින්වේ.
ලොව පුරා මේ විශේෂයේ උප විශේෂ 15ක් වාර්තාවෙයි. ඉන්දියාවේ එවැනි උප විශේෂ දෙකක් දක්නට ලැබෙන අතර ඒ අතරින් එක් උප විශේෂයක් වන ‘මුන්ටියාකුස් මුන්ජැක් මලබාරිකස්‘ නමැති උප විශේෂය ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙයි.
ඔවුන් සත්ත්ව විද්‍යාත්මක වර්ගීකරණයට බඳුන්කැර ඇත්තේ 1780 වර්ෂයේ දී සිමර්මාන් විසිනි.
ඕළු මුවන් ශ්‍රී ලංකාවේ සියළුම දේශගුණික කලාපයන්හි දක්නට ලැබෙයි. මෙරට සිටින මුවන් අතරින් බහුලව ම සිටින විශේෂය ලෙස ද හැඳින්වේ. පහළ කඳුකරයේ වැඩි වශයෙන් දක්නට ලැබේ. කැලෑ අයිනේ දෙදෙනා බැගින් බොහෝ විට සැරිසරති. රාත්‍රී කාලයේ ආහාර සොයා යන ඕළු මුවා හිමිදිරියේ හා රෑ බෝවූ පසු දැකිය හැකිය. බල්ලකු බුරන හඬට සමාන හඬකින් කෑගසයි. කොටියකු හෝ වෙනත් ආක්‍රමණිකයකු දුටු ගමන් නොනවත්වා කොළ වර්ග කෑමට ගනී.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, දකුණුදිග චීනය, උතුරු ඉන්දියාව, නේපාලය, පකිස්ථානය, කාම්බෝජය, වියට්නාමය, සුමාත්‍රා, ජාවා, බාලි, බෝර්නියා ඇතුළු රටවල් රැසක පැතිර සිටින මොවුන් නිවර්තන වැසි වනාන්තර, වියළි කලාපීය වනාන්තර, ශුෂ්ක වනාන්තර, තණ බිම්, සවානා බිම්, ලඳු කැලෑ ඇතුළු සෑම පරිසර පද්ධතියක ම පාහේ දැක්නට ලැබෙයි. එමෙන් ම මුහුදු මට්ටමේ සිට අඩි 9,800ක් දක්වා පැතිර සිටින ඕළු මුවන් උප විශේෂ 15ක් ලෝකයේ දක්නට ලැබෙයි.
විල්පත්තු වනෝද්‍යානයේදී ජනක සේනාරත්න මහතා ඕළු මුවා ඡායාරූප ගත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සත්තු දඩයම් කරනවා... බොරු කියන්න ඕන නෑ.(හේ)
ඉංගිරියේ බෝධිනාගල ආරණ්‍යයේ ගොඩක් ඉන්නවා මේ සත්තු (දිල්)
ඔව් සිරිපාල, ඔයා හරි එහෙම වෙනවා තමයි. නමුත් මෙයා මරන්න තහනම් සතෙක් හරි, රතු දත්ත පොතේ ඉන්න කෙනෙක්ද කියල නම් හරි මම හරියට දන්නේ නැහැ. (ර)