සේරුනුවර අරිප්පු මංසන්ධියේදී අද (16) පෙරවරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව සේරුනුවර පොලිසිය කියයි.
වෑන් රථය වේගය පාලනය කරගත නොහැකිව මෙසේ මාර්ගයෙන් ඉවතට පැන අසල ඇති කුඹුරු යායකට පෙරළී නතර වන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.
තුවාලකරුවන් සේරුනුවර රෝහලට ඇතුළු කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමල රෝහලට යවා ඇතැයි රෝහල් ආරංචි පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ග සංවර්දනය-වේගය-මරණය (නදී)
දැන් ට්‍රැක්ටර් මිල අධික නිසාත්, කුඹුරු වැඩ කරන්න හිටපු මීහරක් ටික දේශපාලන වේදිකා උඩ තප්පුලන නිසාත්, මේ රියදුරා කල්පනා කරන්න ඇති වාහනේ කුඹුරු යායට බස්සන්න.(හේ)
ෂොක් ඩ්‍රයිවර් මහත්තයා. නිදිමත නම් අයිනක් අල්ලලා නිදාගන්න එපැයි (නදී)