මෙරට භුමියේ ප්රමාණත්වය සමග මේ වනවිට ඇති වන ගහණය 27% හා 28%ක තත්වයක ඇති බවත් එහි වගකීම එක් පැත්තකින් දේශපාලඥයින්, විද්‍යාඥයින් හා පාරිසරික ආරක්ෂණය නොසලකා හරිමින් අතහැර වැඩ කළ සියලු දෙනාම ගත යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) දිගන පැවැති උත්සවයකදී පැවැසිය.
‘පරිසර සුරක්ෂිත භාවය ඉටු කිරීමේ කාර්යය අද දැඩි අභියෝගයකට මුහුණපා තිබෙනො.ස්වභාවික සම්පත් නොසලකා, පාරිසරික වටිනාකම් නොසලකා, පරිසර සංරක්ෂණය නොසලකා ලෝකයේ බලවතුන් කටයුතු කිරීම නිසා මිනිසාට පමණක් නොව සතා සිවුපාවා ගස් කොළ පවා බරපතල අභියෝගයකට මුහුණ පා තිබෙනවා‘ යැයි ද ජනපති කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරය ආරක්ෂා කිරීමේ හෝ රැකගැනීම පිළිබඳ කිසිම අභියෝගයක් නැහැ. නීතිය ක්‍රියාත්මක කරගන්න තරම් අපේ පාලකයන්ට කොන්දක් නැහැ. බලය,නිලය පිළිබඳ පමණයි හිතන්නේ. රටට අනාගතයට හෙණ ගැහුවත් කමක් නැහැ (නි)
නැතිවූ ජල පෝෂිත නැවත ලබාගත නොහැක (නි)
ඉතින් අපිට කියන්නේ මොකක් කරන්න කියලද? ඔබතුමා නේද මේ රටේ ජනාධිපති? කිය කියා ඉන්නේ වැඩක් කරන්න. (නි)
මේවා ඇහෙනකොට අපිට උතුර දකුණ මාරුවෙනවා (නි)
මොන පත්තරේද තිබුනේ? හැබැයි අපි නම් ඕක දැනගෙන ගොඩක් කල් (නි)
කටින් බතල හිටවලා වැඩක් නැහැ. පුළුවන් නම් ඕවා නවත්තන්න (නි)
මෙයා කියන ඒවාට මට නම් මොකුත්ම කියන්න හිතන්නේ නැහැ. අපිට පිස්සුද මම දන්නේ නැහැ. (බ)
එටකොට විල් පත්තුව පැත්තේ කපන්නේ තණකොළද ? (ම)
ඔය වගේම විල්පත්තුව පැත්තෙත් ගියානම් තමා හොඳ (බ)
විල්පත්තුව දැකල නැ වගේ මෙතුමා තාම (බ)
ඔබ තුමා පත්තරේ දකිනකම් මොකුත් දන්නේ නැහැනේ පත්තරවල මොකුත් මේවා ගැන ලියන්නෙත් නැහැ නේ. (බ)
වන විනාශය නවත්වන්න පියවර ගත යුත්තේ බලධාරින්.(හේ)
ඇත්තටම ඔබතුමා ඕක දන්නේ අදමද..?(හේ)
ඔය විදායක බලය යොදවලා පරිසරය සුරකින්න.(හේ)
වන විනාශය නවත්වන්න එක තීන්දුව ඔබ තුමා අතේ තියෙන්නේ.(හේ)
මෙහෙමත් විහිළු සපයන ජනාදිපති කෙනෙක්.. (ම)
ඔබතුමා අැයි විල්පත්තුවේ වන විනාශය නවත්වන්නේ නැත්තේ (හෙ)
බලධාරින්ගේ වැඩ නිසයි ඒ දේවල් වෙන්නේ.(හේ)
වන විනාශය වළක්වන්න පුළුවන් වෙන්නේ දේශපාලන පියවර වලින් පමණයි. යට තට්ටුවේ ඉන්න අපිට මේක කුටු කුටු ගාල හරියන්නේ නෑ. මොකද උඩ ඉන්න අය තමයි සියලුම ජරා වැඩ කරන්නේ. මුලින් නීති ශක්තිමත් කරලා නීතියට වැඩ කරන්න ලොකු පොඩි බේදයක් නැතුව. අපි වගේ පොඩි මිනිස්සු කරන පොඩි පොඩි විනාශ ඉබේම නවතීවි එතකොට. මේ යන විදියට තව අවුරුදු 10කින් දිවයින පුරා වෙන කිසිවක් නැතිව ගෙවල් පමණක් දැකිය හැකි වනු ඇත. දියුණු රටවල් නම් මේ විදියට හැම තැනම ගෙවල් හදන්න දෙන්නේ නෑ. එයාල ඉඩම් ආරක්ෂා කරනවා වගා සහ වනාන්තර සඳහා. (බ)
ඇස කන් ඇති අය රටට ඕනේ (බ)
නුබ නාඩන් අපිට පිස්සු, අනේ මෙහෙමත් (බ)
ජනාධිපතිතුමනි ඔබ නේද රටේ ප්‍රධාන පුරවැසියා. මේ වගේ දේවල් වෙනකොට රටේ ජනතාව හිත අහන්නේ මොනවාද ? (බ)
මේවට කියන්න වචන නැහැ .(බ)
චාමර ගහපන් පොල්ලකින් මගේ ඔලුවට (බ)
ඉතිරි වෙලා තියෙන ගස් ටිකත් කපලා දැම්මහම කාන්තාරයක්වෙන බව තේරෙන්නේ නැද්ද (බ)
මේ මනුස්සයව තවත් එපා වෙනව ඔය කියන හතර බීරි කතා ඇහුවම. (බ)
අනේ හා විල්පත්තු තියෙන්නේ ලංකාවේ නෙවේ විල්පත්තුවේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ (බ)
මෙතන මහදැනමුත්තා නාට්‍යය රගපානවද ? (බ)
අසේල, ඉස්සර විල්පත්තුව වුණාට දැන්විලක්වත් නැහැ. (බ)
අර හාදය කපන කැපිල්ලට හෙට අනිද්දා වෙනකොට 10% බහී හරියට දන්නෙ නෑ වගෙනෙ කතාව (බ)
මේ ගණන් ආයෙම වැරදියි. අපිට තිබෙන්නේ 18-20% අතර ප්‍රමාණයක් (බ)
අපේ වැරැද්ද.ඔබතුමාලා නිදහසෙන් පසු අපිටනේ ඡන්දය දුන්නේ (අ)
අපේ ගමේ මිනිස්සු නම් කියන්නේ ගස් කපන අය ඉන්නේ පාර්ලිමනේතුවේ ආණ්ඩු පක්ෂෙලු අනේ මමනම් දන්නේ නෑ (අ)
වන ගහනය අඩු වෙන්නේ මිනිස්සුන්ගේ ක්‍රියා නිසා ජනාවාස ඉදිකරන්න කිසිම පාලනයක් නැතුව එක එක්කෙනාට එක එක නිතිය නැතුව හැමෝටම එකම නිතිය ක්‍රියාත්මක කළානම් මෙහෙම වෙන්නේ නැහැ (බ)
මමද එතකොට ජනපති ? (බ)
මට නම් මේ කතා දකිනකොට ඇතිවෙන්නේ පිළිකුල්සහිත කෝපයක්. හිටපු ජනපති කාලයේ පටන්ගෙන අද ඉතාමත් හොඳින් කෙරෙන විල්පත්තු වන විනාශයට ප්රධානවශයෙන්ම වගකිවයුත්තේ මේ රටේ ප්‍රධාන පුරවැසියන් නොවේද? හදවතට එකඟව සිතා බලන්න. හේතුව බලලෝභී දේශපාලනයයි. (නි)
අම්මපා! මම මේක දැන්නේ දැනගත්තේ! (නි)
මෙයාගේ කතා වලට කොහෙන් හිනා වෙන්නද කියලයි හිතාගන්න අමාරු. 62 ලක්ෂයක් තණකොළ, කොස්කොල, ක්‍රෝටන් කොළ කන උදවිය ඉන්න බව දන්නා නිසාද මන්ද මෙවන් කතා කිසි අපුලක් නැතුව කියන්නේ. (නි)
මේවා සම්බන්ධයෙන් නිවැරදි ඍජු තීරණ අවශ්‍යයි අපිට දැන් (නි)
කියන්න තියෙන්නේ පොල්ලක් අරන් මට ගහගෙන ගහගෙන යන්න කියලා 2016 ජනවාරි කළ මෝඩකමේ තරම තේරෙන්න (නි)
ඉතින් ඒක නවත්වන්න. මහින්ද යවලා ඔබලාට බලය දුන්නේ ඒකට (නි)
නොමිලේ ගෙවල් සාදාදෙන එක නවතා මහල් නිවාස සාදා දී සුළු මුදලක් අයකරගන්න. (නි)
කතා කරලා විතරක් මදි. ක්‍රියාවයි අපිට අවශ්‍ය (නි)
අපිට ඕවා කියන්නේ නැතුව විල්පත්තුව ගැන කෙළින් තීරණයක් ගන්න. මේවා විහිළු වැඩ මහත්තයෝ. (නි)
ඕවා කියලා විතරක් වැඩක් නැහැනේ මහත්තයෝ (නි)
අපේ ජනාධිපතිතුමා කියන බොහෝ දේවල් ඇත්තය. ඒවා අපි පිළිගන්නෙමු. එහෙත් රටේ විධායක ජනාධිපතිට නිවැරදි දේ කරන්න නොහැකි නම් අපි කුමක් කරමුද? රටක නායකයාගේ ප්‍රකාශ ජනතාවට විහිළුවක් නොවිය යුතුය. රාජ්‍ය ආයතන නීතියකට යටත්ව කටයුතු කිරීමට නියෝග කිරීමට රාජ්‍ය නායකයන්ට හැකිවිය යුතුය. එසේ කටයුතු නොකරනන් හට දැඩි පියවර ගැනීම නායකයාගේ ගෞරවය රැකෙනු ඇත. (නි)
මේ විදිහට රට ගියොත් වන ගහණයට පෙර ජනගහණය නැතිවෙයි (නි)
අපේ බලධාරීන්ට නින්ද ගිහිල්ල ඉඳලා දැන් තමයි ඇස් ඇරිලා තියන්නේ. (නි)
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා කර තිබෙන ඒවායේ ප්‍රතිඵල මේවා. අහිංසක මිනිසුන්ට තමන්ගේ සින්නක්කර ඉඩමක ගහක් කපාගෙන ඉරාගන්න විදියක් නැහැ. එකට දාහක් නීති. කරුණාකර වන රක්ෂිත ආරක්ෂාවට ආරක්ෂක හමුදා වලට බාර දෙන්න. හමුදා නිලදාරීන් මේ වැඩේ හරියට කරයි. (නි)
වන ගහණය අඩුවෙමින් යනවා වගේම අපේ වර්ගයාත් අඩුවෙමින් යනවා (නි)
ඔබතුමා අැයි විල්පත්තුවේ ඇතුළු සතර දික්භාගයේ වන විනාශය නවත්වන්නේ නැත්තේ? (නි)
එ්කත් ඇත්ත. දේශපාලකයන්ට කපන්න මදිවෙනවනේ මිනිස්සු ගස් කැපුවහම (නි)
මෙතුමා මේ වග කියන්නේ හරියට, රටේ අහිංසක දුප්පත් ජනතාව මේ විනාශයට මුල වගෙයිනේ. ඔය ටික කියන්න ඕනෑ කැබිනට එක කැඳවලා. නැතුව අපිට නොවේ. අපි ඔය වේලුණු දර කෑල්ලක් කපාගන්නවා නම් තමයි (නි)