තව එක් මැතිවරණයකින් පසු තමා දේශපාලනයෙන් සමු ගන්නා බව වනජීවී ඇමැති ගාමිණී විජිත් විජයමුනි සොයිසා මහතා මොණරාගල මාලිගාවිල විහාරස්ථානයට ඇත් දළ ජෝඩුවක් පරිත්‍යාග කරමින් කීවේය.
‘අපේ තියෙන ඔක්කොම ගස් මොරටුවෙන් ඇවිත් කපාගෙන යනවා. අපි වවන අපේ ගහ අපිට වවාගන්න බැරි වුණාට මොරටුවේ මහත්තයෙක් ආවොත් අවසර ලැබිලා කැපිලා පැටවිලා අපේ පාරවල් බෝක්කු කඩාගෙන කොට ලොරි පිටින් පටවාගෙන යනවා.
මේ සම්පත් සංරක්ෂණය කරන්න තමයි ජනපති මට මේ අමාත්‍යංශය භාර දුන්නේ. යුද්දෙටත් වැඩිය අමාරු කාර්යයක් තමයි මට කරන්න තියෙන්නේ.
සතුන් පෙළපාළි යන්නේ නෑ. ඒ සතුන්ගෙන් මට කිසිම කරදරයක් නෑ. කරදරේ තියෙන්නේ මිනිස්සුන්ගෙන්. අලි ඉන්න තැනට අපි ගිය නිසා අද අලින්ගේ ප්‍රශ්නය වැඩි වෙලා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න එපා අයියා,යන්න එපා.අපි ඔයාට විරුද්ධව පෙලපාලි යන්නෙත් නැහැ,පිකටින් කරන්නෙත් නැහැ,පෙත්සම් ගහන්නෙත් නැහැ,(ස)
පරම්පරා හත් අටකට හම්බකරලා ඇතිනේ. ඉතින් විශ්‍රාම බැරිනම් කොහේ ගියත් මොකෝ දැන්.(ස)
විශ්‍රාම යන්ට පෙර පවුලේ කීදෙනෙක් දෙශපාලනෙට ආදේශ කළා ද ? (ස).
ඔව් ඉතින් , ඒත් මිනිස්සුයි කියලා මොනවා කරන්නද මහත්තයෝ? (නි)
ඇත් දළ ජෝඩුව කොහෙන්ද? මම නොදන්නා නිසයි අහන්නේ (නි)
අනේ! තව මැතිවණරයක් එනතුරු ඉන්නේ ඇයි මහත්තයෝ? (නි)
කොහොමටත් මේ මැතිවරණයෙන් යන්න වෙනවා (නදී)
මෙන්න නියම මහත්වරු (නි)
ඇත්ත තමයි මහත්තයෝ. මේ හැමදේම අනිත්‍යයයිනේ (නි)
මේ ඔක්කොටම ඇස් ඇරෙන්නේ හත් අවුරුද්දකට පස්සේ වෙච්ච එකනේ පුදුමේ! (නි)
ඒ කාලය වෙද්දී අලි සංඛ්‍යාව කොහොම වෙලා තියෙයිද දන්නෙ නැහැ (නි)
ඇහුවට තරහා නොවන්න. දළ ජෝඩුව එතුමාට තෑගි හම්බවෙලාද? (නි)
අනේ! ඔබ යන එක ගැන නම් අපිට හරිම දුකයි (නි)
ඇමැතිතුමාටවත් නවත්වන්න බැරි විදියට අලි හොරකම් කරන කෙනා කවුද අනේ? (නි)
අනේ ඇයි මහත්තයෝ මෙහෙම තීරණයක් ගත්තේ? (නි)
තන්හාව අත අරින්නකෝ.(නදී)
අපි උදව් කරන්නම්කෝ මේ පාර ඡන්දෙදි... (නි)
මට අදහාගන්නත් බැහැ, වනසතුන් පවා හඬා වැළපේවි (නි)
අනේ පවු ඒ මහත්තයා! (නි)
මට නම් දරාගන්න බැරිතරම් දුකයි (නි)
සමු ගත්තට පස්සේ වනයටම වෙලා ඉන්න. (අ)
කොන්ද පන ඇතුව වැඩ කරානං ඔය අලි හොරු ටික, ගස් හොරු ටික මේ වෙනකොට ඇතුලට දන්නා තිබුණනේ ඇමතිතුමා. එහෙනං ඔබතුමාට වීරයෙක් වගේ දේශපාලනෙන් සමුගන්න තිබුණ. කලකිරීමක් නැතුව. (අ)
තව කී කාලයයිද මහත්තයෝ තියෙන්නේ? ඉලක්කයට ආවට පස්සේ ඔබතුමා තීරණයක් ගන්න (නි)
තවත් එක් මැතිවරණයකට මුහුණ දෙනවා. පරාද වී ගෙදර යනවා. එහෙමද? නැත්නම්, තවත් එක් මැතිවරණයකට මුහුණ දෙනවා. දිනලා ගෙදර යනවා. කොයි එකද කියලා තේරෙන්නේ නැහැනේ. (නි)
දැන් එතකොට කවුද කියලා තිබුනේ කැළේ ඉන්න අලි ටික අල්ලලා උන්ව බලාගන්න පුළුවන් අයට බාර දුන්නහම අලි ප්‍රශ්නය ඉවරයි කියලා. මේවා ජාතික සම්පත් නේද? (නි)
අනේ සාධු! තව එක චන්දෙකට මුහුණ දීල පැරදිලා ගෙදර යනවට වඩා හොඳ නැද්ද දැම්ම තියාම අයින් වෙලා ගෙදර යන එක.අනික ඔබතුමාලගේ තවත් ඇමතිවරයෙක් කියල තිබුනේ තරුණයින්ට තැනක් දෙන්න ඕනේ .එයත් අයින් වෙනවා කියල. (ස)
මටත් තියෙන ප්‍රශ්නය මේ ඇත් දල ජෝඩුව කොහෙන්ද කියල. (ස)
මේ වනජීවී අැමතිතුමා කොහොමද දල ජෝඩුවක් පන්සලට පුජකරන්නේ. (ස)
අද මුදලට හෙට ණයට (ස)
දැන්‍මම ගියොතින් තමයි වඩාත් හොඳ එතකොටවත් ඉතුරු ටික බේරගන්‍න හැකි වේවි . (ස)
රන් කහවනු මුට්ටිය තවම සම්පුර්ණයෙන්ම පිරිලා නෑ වගේ එහෙනම්. ඒකයි මේ නැවත තරඟ කරන්න තියන උවමනාව. නැතිව මේ රටට ආදරේකට නෙවෙයි. (ස)
දැන් ඉතින් ආයේ තව කරන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා යැ? (ස)
ඇමති තුමාට පොඩි අමතක වීමක්ද රජයේ ඇමති කෙනෙක් බව. (ස)