(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව තේවනුවර විදුලි අලි වැටේ රාජකාරි කරමින් සිටි බහුකාර්ය සේවකයකු රාජකාරි නිමවා එමින් සිටියදි වල් අලියකු පහර දීමේන් මරණයට පත්ව ඇති බව  අද(10)   වනාතවිල්ලුව පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වනාතවිල්ලුව පදිංචි 34 හැවිරිදි දෙදරු පියකු වු වර්ණකුලසුරීයගේ අමිල සුදේෂ් උද්‍රාර නැමති වනජීවි දෙපාර්තුමේන්තුවට අයත් වනාතවිල්ලුව වනජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටි විදුලි අලි වැට රාජකාරි වල නිරතව සිටින බහුකාර්ය සේවයකයකු බව කියයි.

 මෙම සේවකයා තවත් විදුලි අලි වැට සේවකයින් පිරිසක් සමග රාත්‍රියේ රාජකාරි කර නිවෙස ඒමට ප්‍රථම තවත් කටයුත්තක් සදහා රාජකාරි කල ස්ථානයේ සිට මිටර් කිපයක් කැලෑව දෙසට ගමන් කරමින් සිටියදි මෙලෙස වල් අලියා පහර දී ඇති බව කියයි.