
(නිමල කොඩිතුවක්කු)
වන අලින්ට වෙඩි තැබීම් සහ අනවසර විදුලි වැට ඉදිකිරීම්වලට විරුද්ධව නීති දැඩි කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි මහතා කොළඹ දී පැවසීය.
වන අලින්ට වෙඩි තැබීම් ඇතුලු ගැටලු සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පරිසර අමාත්‍යාංශයේදී අද(15) පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසීය.
වන අලින්ට සිදු කරන වෙඩි තැබීම්වලට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස පරිසර අමාත්‍යවරයා විසින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත එහිදී උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම පුද්ගලික ඉඩම් කේන්ද්‍ර කර කරගනිමින් නීති විරෝධී ලෙස ඉදිකර ඇති විදුලි වැටවල් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහාත් වනසතුන් ඝාතනය කිරීමේ නීති යාවත්කාලීන කරමින් වරදකරුවන් වෙත දඩුවම් පැමිණවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නෙ මේ රජයටත් අලි මිනිස් ගැටුමට විසඳුමක් නෑ.
හොඳ යෝජනාවක්. පරිසර අමාත්‍යාංශයේ ලේකම් තුමා දක්ෂයෙක්. අවශ්‍ය නීති සම්මත කරලා වැඩේ ඔහුට බාරදීලා ඔයා පැත්තකට වෙන්න. නැත්නම් පැලවත්තේ මෝඩයෙක් ඕකට දේශපාලන කයිවාරුවක් ඔබලා වැඩේ අල කරයි.
ඇතියන්තම් , අලි ඇතුන් 500ක් මේ වසරේ මැරෙන්න ආසන්නය. මෙහෙමවත් අමාත්‍ය තුමගේ හිත උණු වුණා නම්... බොරැ පොරොන්දු නොවී, හරියටම කලොත් හොඳයි
අනවසර ගිනි අවි ළඟ තබාගැනීමට හා භාවිතයට එරෙහිව දැඩි දඬුවම් දීමට නීති සම්පාදනය නොකර මොනවද මේ කියන සුරංගනා කතා. අපි කොච්චර කිව්වත් අහන්නෙ නෑ.කරගන්න බැරිනම් දාල යන එකයි තියෙන්නෙ.
වන අලි හා ගොන් අලි 2ම එකට, ලාංකිකයෙක්ව ඉපදුණු හින්දාද එතකොට වන අලි ප්‍රහාරවලින් මැරෙන්න ඕනෑ, 35%ක් වගාවන් නැති කරගෙන හැමදාම ණයකාරයෝ වෙන්න ඕනෑ, රටේ ඉන්න අලි ගණනවත් හරියට දන්නේ නැති ගොං අලි. අනවසර දේවල් රටේ තියෙන්න ඕන නෑ එහෙම දේවල් අනවශ්‍ය නම්. ස්ථිර විසඳුමක් ලැබෙනවා නම් වැඩි වී ඇති අලි, රිලා, මොණර, දඬු ලේන ගහනවලට මොකටද පෞද්ගලිව වැටවල්, හැමතැනම කානු, මිනිහෙක්ගේ හැමදේම කාලා විනාශ කළාම වෙඩි තියෙන්නේ නැතුව මෛත්‍රී කරයිද මිනිස්සු. එක්කෝ අභය භූමි වලට දාලා ඒවා වෙන කරලා ආරක්ෂා කරන්න ඕනෑ... හැමදාම එක එකාට හිතෙන දේවල් කරලා මහජන මුදල් අවභාවිතා කරන කාලකණ්ණි...
සිද්ද වෙන්නේ මෙහෙම කතා කර කර ඒවාට සම්බන්ධ සංවිධාන වල රිදී ජුබිලි සමරන්න එක විතරයි. පිහිටුවා ගත්තු ස්වේච්ඡා සංවිධාන තියෙනවා නම් ඊවට ලැබෙන මුදල් ආධාර නිසි පිළිවෙළට භාවිතා වෙනවාදැයි කියන එක ප්‍රශ්නයක්... එහෙම නැතිව වන අලින්ට සහ කැලය ආශ්‍රිත ඉන්න ජනතාවට වෙන කිසිම සෙතක් වෙලා නෑ...
සත්තු මරණෙට පතකරන එක අපරාධයක් තමයි. හැබැයි ඒ පළාත්වල ජනතාව මේ සත්තු නිසා මරණෙට පත්වෙනවා. අතපය කැඩෙනවා. වගා ඇතුළු ඔවුන්ගේ දේපළවලට හානි සිදුවෙනවා. මේ දෙගොල්ලන්ම ජීවත්වීමට මහ හටනක් කරන්නේ. ඒකට තමයි ඒ පළාත්වල අලි මිනිස් ගැටුම කියලා කියන්නේ. ඒකට ජනප්‍රිය තීන්දු නොවෙයි ගතයුත්තේ. විදුලි වැටවල් බලන්න විශාල පිරිසක් වැටුප් ගෙවලා යොදවලා ඉන්නවා. නමුත් අලි ගම් වදිනවා. මේ ප්‍රශ්නයට විද්‍යාත්මක ක්‍රමවේදයක් හොයනවා කියලා නේද කීවේ.? අලුත් දෙයක් නම් නෑ වගේ පරණ කතාමයි..