ශ්රී ලංකාවේ සිදු වී යැයි කියන යුද අපරාධ චෝදනා විමර්ශන පිළිබඳ විස්තර ලබන ජුනි අවසානයේ දි ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමරිකාවේ ටයිම් සඟරාවට පවසා ඇත.
යුද අපරාධ චෝදනා විමර්ශනය කිරිමේ ගැන ශක්තිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවට ශ්‍රී ලංකා රජය එක්සත් ජාතින්ගේ සංවිධානයට දැනුම්දුන් බවත් එම පරීක්ෂණයට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මගින් එක්සත් ජාතින්ගේ උපදෙස් ලබා ගැනිමට ඇති හැකියාව විමසු බවත් ජනාධිපති ටයිම් සඟරාවට කියා ඇත.
ජනාධිපතිවරයාගේ විධායක බලය අහෝසි කරන බවට සිරිසේන මහතා ඉකුත් ජනාධිපතිවරණ මැතිවරණ සමයේ දුන් පොරොන්දුව පිළිබඳ ටයිම් සඟරාව ඇසු පැනයට පිළිතුරු දන්වමින් පවසා ඇත්තේ විධායක බලය කේන්ද්‍රගත වි තිබිම රටේ දැවැන්ත ප්‍රශ්නයක් බවයි. එය බෙදි යා යුතු බවත් ඔහු කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නාමල්, දෙවැනි ලෝක යුද්ධයේදී ජපානයේ එවක විසූ අපමණක් මිනිසුන්ගේ ජිවිත නැසීමෙන් නොනැවතී නූපන් ජිවිත වලටද පරම්පරා ගණනාවක් පුරා විඳවීමට සිදු වන පරිදි පරමාණු බෝම්බ හෙළූ ඇමරිකාව එකී යුද ජයග්‍රහණයෙන් පසුව යුද අපරාධ චෝදනාවන්ට ලක් කළෝ කවරහුද? ඒ වෙනුවට සිදු වුයේ පරාජිත ජපානයට තවදුරටත් දඬුවම් කිරීමට ජයග්‍රාහකයන් උත්සාහ කිරීමයි. අහලා නැද්ද එවක අප රටේ මුදල් ඇමතිව සිටි හිටපු ජනපති ජේ ආර් ජයවර්ධන මහතා වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව පහදා දෙමින් එම අවස්ථාවේදී සැන් ෆ්රන්සිස්කෝහිදී කළ සුප්‍රසිද්ධ කතාව හෙම? කොහොම වුණත් මේ කියන අප රටට එරෙහි යුද අපරාධ විමර්ශනය නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වර්ගයේ නඩු විභාගයක් බවත් නඩු විභාගය පවත්වන්නේ නඩු තීන්දුව තීරණය කර ගැනීමෙන් පසුව බවත් ත්‍රස්තවාදයට එරෙහි යුද මෙහෙයුම් සිදු වන විට රටෙත් නොසිටි පුද්ගලයන්ගේ හිතළු කතා පවා සාක්ෂි ලෙස ගනිමින්ද සාක්ෂි කරුවන් හෙළිදරව් නොකරමින් ද සිදු කරන පක්ෂග්‍රාහී කුමන්ත්‍රණයක් බවත් මෙහිදී සත්‍ය වශයෙන්ම සිදු වන්නේ කොටින්ට කිරි පොවා වැඩූ බටහිරයන්ගේ අණසකත් අභිමතයත් නොතකා කොටි නැසීමේ වරදට අප රටට දඬුවම් කිරීම බවත් මොලේ කළඳක් හෝ ඇති හොරට නොනිදන කාට වුවත් වටහා දිය හැකිය. එහෙත් හොරට නිදන්නන් නින්දෙන් ඇහැරවා ඔවුන්ට සත්‍යය වටහා දීමට කවරෙක් නම් සමත් වෙත්ද? .(බ)
ඇමෙරිකාව අප රටට කරන්නේ උදව්වක් නෙවෙයි නිපුන්. මේ කියන අප රටට එරෙහි යුද අපරාධ විමර්ශනය නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වර්ගයේ නඩු විභාගයක් බවත් නඩු විභාගය පවත්වන්නේ නඩු තීන්දුව තීරණය කර ගැනීමෙන් පසුව බවත් ත්‍රස්තවාදයට එරෙහි යුද මෙහෙයුම් සිදු වන විට රටෙත් නොසිටි පුද්ගලයන්ගේ හිතළු කතා පවා සාක්ෂි ලෙස ගනිමින්ද සාක්ෂි කරුවන් හෙළිදරව් නොකරමින් ද සිදු කරන පක්ෂග්‍රාහී කුමන්ත්‍රණයක් බවත් මෙහිදී සත්‍ය වශයෙන්ම සිදු වන්නේ කොටින්ට කිරි පොවා වැඩූ බටහිරයන්ගේ අණසකත් අභිමතයත් නොතකා කොටි නැසීමේ වරදට අප රටට දඬුවම් කිරීම බවත් දන්නෝ දනිති. මොලේ කළඳක් හෝ ඇති හොරට නොනිදන නොදන්නන්ටද මෙය වටහා දිය හැකිය. එහෙත් හොරට නිදන්නන් නින්දෙන් ඇහැරවා ඔවුන්ට සත්‍යය වටහා දීමට කවරෙක් නම් සමත් වෙත්ද? ඔබ (බ)
පුදුමෙයි කියන්නේ ඇමරිකාව අපට ආදරේ නිසා කරන්නය කියන්නෙත් අර විසිරුණු දෙමළ ජනයා තරහෙන් දත් මිටි කකා අප ලවා කරවා ගන්න හදන දේමයි නේ! ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ? (බ)
ප්‍රකාශ් ගේ කතාව ඇත්තයි. අන්තිමට වෙන්නේ අමාරුවෙන් රැක ගත්ත රට ඊනියා ජාත්‍යන්තරයට ඕන විදියට බන්දේසියක තබා බෙදුම්වාදීන්ට පිළිගැන්වීමයි. "එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ" කියලා තමයි මහින්ද හාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඉතින් අපිත් කල්පනාවෙන් රට ගැන දුර දිග බලා වැඩ කරමු. (බ)
ඇමරිකාවයි ඇමරිකාවෙන් කාල ඇඳලා ඉන්නා එක්සත් ජාතීන්ගේ සංවිධානයයි හිතන්නේ අපේ රට උන්නේ යටත් විජිතයක් කියලනේ. අනේ ඉතින්, අපේ අයත් නගුට වනා උන්නේ අණට එකඟ වෙනා! (බ)
මෙයාල අපේ රට එයාලගේ කොලනියක් කියලා හිතාගෙන කතා කරන හැටි දකිද්දී "අනේ කූඹින්නේ - අපටත් රජෙක් හිටියා - අපේ මෝඩයෝ ටික එතුමා ගෙදර ඇරියා " කියලා හිතෙනවා. (බ)
මෝදිත, ඊනියා ජාත්‍යන්තරයට මිනිස්සු බනින්නේ අපේ රටේ ස්වාධීනත්වයට ඇඟිලි ගහන හින්දයි; අපේ රටවල් අවුල් වියවුල් කරලා මිනිස් ජිවිත නසලා එයාලගේ ආත්මාර්ථකාමී අරමුණු ඉටු කරගන්න හදන හින්දයි. ඇමරිකාවට හරි යුරෝපයට හරි ගිහින් ඇස් කන් ඇරගෙන ජිවත් වුණොත් ඒ රටවල් ඔය හිතන තරමේ කේතුමතී රාජධානි නොවන බව වැටහේවි. (බ)
ලිහා වෙන් කර ගන්න ඉතා ම අපහසු වන පරිදි කිටි කිටියේ එකට පැටලිලා තියෙන දේවල් වන ලෝක දේශපාලනයි, හොරකමයි, වංචාවයි පටළවාගන්න එපා ය කියලා අවවාදයක් ලැබුණාම ඔයාලට මොනවද හිතෙන්නේ? (බ)
අපේ වීරෝධාර සෙබලු දවස ගානේ අපේ අහිංසක මිනිස්සු මරපු එක අවසානයක් කරා. අපේ දළදා මාලිගාවට බෝම්බ තිබ්බ අමනුස්සයෝ ටික විනාශ කරා මොනවාද හොයන්න තියෙන්නේ. කිසිම වරදක් නැහැ. රටේ එකම එක සෙබලෙක් හරි පාවා දුන්නොත් රටේ ලොකු ප්‍රස්නයක් ඇති වේවි (නදී)
වරදක් වෙලා නැතුවත් බය වෙන්න සිදුවෙන්නේ රසික, යුද අපරාධ විමර්ශනය යනු අපේ රණවිරුවන්ටත් ඔවුන්ට දේශපාලන නායකත්වය දුන්නු නායකයන්ටත් එරෙහිව ඇටවූ භයානක ඒකපාර්ශ්වික උගුලක් වීම නිසයි. ලෝකයේ කොහෙවත් නීති විරෝධී ත්‍රස්තවාදී සංවිධානයකින් රටවැසියන් මුදා ගැනීමට නිත්‍යානුකුල ආණ්ඩුවකට ඇති අයිතියට අභියෝග කරන්නේ වත් යුද ජයග්‍රහණයක් අත් කරගත් රටකට යුද අපරාධ චෝදනා නගන්නේ වත් නැහැ. අපේ රටට විතරක් වෙනසක් මොකද? හැරත් මුල් පදිංචි කාරයන්ගෙන් රටක් උදුරාගෙන දැනටත් එහි ඉන්න මුල් පදිංචි කරුවන්ටයි කල්ලන්ටයි අපමණක් හිරිහැර කරන නිකරුණේ ඔවුන් මරණ එමෙන්ම පකිස්ථානයේ කිරි දරුවන් පවා මරණ, එරටට හොරෙන් ඇතුළු වී රෑට ගෙට රිංගා බින් ලාඩන් මැරූ ඇමරිකාවට අපට විරුද්ධව නඩු අහන්න තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද? (නදී)
ඇමරිකාවේ මුල් පදිංචිකරුවන් තලා පෙළා මරා ඔවුන්ගෙන් පැහැර ගත් රටේ සිටිමින්ම අදටත් ඔවුන් පෙළන ඇමරිකාව වගේ අනුන්ගේ ලේ තමන්ගේ හත්පොලේ ගා ගනිමින් මානව හිමිකම් ගැන කතා කරන විළි ලජ්ජා නැති රටක් ලොවෙත් නැත. දැනුදු එරටේ කල්ලෙක් වීම පමණක් වුවත් නිකරුණේ මැරුම් කෑ යුතු වරදකි. එහෙව් ඇමරිකාව අපේ රටේ මානව හිමිකම් කඩවීම් ගැන කතා කරන්නේ සත් භාවයකින් නොවන නිසාත් ඊනියා එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඔවුන්ගෙ අතකොළුවක් පමණක් වන නිසාත් මේ යුද අපරාධ පිළිබඳ පරීක්ෂණය පිළිබඳව අපි පරෙස්සම් විය යුතුමයි. එය ප්‍රතික්ෂේප කළ යුතුමයි. (නදී)
අපේ අය මොන වගේද තියා මට නම් තේරෙන්නේ නැහැ. වරදක් වෙලා නැතිනම් ඇයි බයවෙන්නේ ? (නදී)
එතකොට නාමල්, ඔය යුද නැතිව කොටි බෝම්බෙන් බස් නැවතුමේදී, බසයේදී සේවා ස්ථානයේදී මැරුණු අයටයි 80 ගණන්වල නිකරුනේ මැරුණු තරුණයන්ටයි අදටත් ඇමරිකානු ඩ්‍රෝන් යානා නිසා මව් ඇකයේදී මරු වැළඳගන්න පකිස්තානු කිරිකැටියන්ටයි මානව හිමිකම් නැතිව ඇති නේද? ඒවාට නම් යුද අපරාධ කියලා කිව්වත් කටපව් පිරෙන නිසා අපි ඒ අපරාධකරුවන් ගැන කතා නොකර කොටි ත්‍රස්තවාදයෙන් රට මුදා ගත් රණවිරුවන්ව දන්ගෙඩියට දක්කන ක්‍රමයක් හොයමු නේද?අනේ මගේ කට! (බ)
අප්පට සිරි ආප්ප කාලා ඇවිත් කිවුවේ විධායක බලය අහෝසි කරනවා කියල .. දැන් කියන්නේ ඒකත් ආප්ප කැවා වගේ බෙදාගෙන කමු කියලද ? අපි ගෙදර මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන කතිරේ ගැහුවේ ඔය කතා අහන්න නෙමෙයි .. අපේ ලජ්ජා නහර තාම හොදට වැඩ ..(බ)
පුළුවන්තරම් ඉක්මනට වෙන නායකයෙක් පත්කරගන්න වෙයි වගේ (නදී)
මේ බොරු චෝදනාවන්ට ලක්වීමට සිදුවී තිබෙන්නේ මේ රටේ ඇති බලපෙරේත දේශපාලනය නිසා. රටේ ජාතියේ නාමයෙන් මේ අවස්ථාවේදී හෝ එකාවන්ව මෙම ප්‍රශ්නයට මුහුණදිය නොහැකිද? (නි)
මියගියවුන් කවුරුන් වුවත් ඔවුන්ට සාධාරනය ඉටු කළයුතුයි. යුධ අපරාධකරුවන් සෙවිය යුතුයි. එච්චරයි (නි)
සුමුදු හේවලා ඔලුවෙන් හිටගෙන කිවුවත් රටේ ගෞරවය ආරක්ෂා කරගන්න වැරදි කළවුන්ට දඬුවම් කළයුතුයි. ඒ ඇමරිකාව කියන නිසා නෙමෙයි, දෙමළ මිනිස්සුත් අපේම සහෝදර ශ්‍රී ලාංකිකයින් නිසා. (නි)
ඇමරිකාව අපිට කරන්නේ උදව්වක්. ලංකාවට යුධ අපරාධ හොයාගන්න අවස්ථාවක් දී තිබෙනවා. ඉතින් යුධ අපරාධ වෙලා නැත්නම් ඇයි ඔච්චර බය? (නි)
කතාව දෝලාවෙන් ගමන පයින් (බ)
ඇයි ජාත්‍යන්තරයට බනින්නේ? රටේ ලෝකේ මිනිස්සු එක්ක හොඳින් ඉන්න මෙතන අය කැමති නැද්ද ?ඇමරිකාවට හරි යුරෝපයට හරි එන්න ලැබුනොත් ඕවා කියන්නෙ නැහැ.මොනවද ජාත්‍යන්තර කුමන්ත්‍රණ ? දේශපාලනයි, හොරකමයි, වංචාවයි පටළවාගන්න එපා.ගොඩක් අපේක්ෂකයෝ ඡන්දෙට මිලියන් ගණන් වියදම් කරනවා. ඒ වුණත් මන්ත්‍රී කෙනෙකුගේ පඩිය කීයද? (නි)
ජාත්‍යන්තරේට ඕන විදියට රට පාවා දේවි (නදී)
විධායක බලය පිළිබද රටේ මිනිස්සුන්ට වඩා ඇමරිකාව ප්‍රමුක බලවේග වලට කොපමණ තදියමක් තියනවද කියල පේනවා නේද? ඕකම තමා ඩයස්පෝරාවෙත් ටී.එන්.ඒ එකෙත් බලාපොරොත්තුව. බලය බෙදන්න එ්ත් විදායක බලය අතේ තියාගන්න තව ටික කලකට හෝ (නදී)