සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනිය 1972 දී පැනවූ ව්‍යවස්ථාවෙත්, 1978 ජේ ආර් ජයවර්ධන ජනපතිගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් අඩුපාඩුකම් හා දෝෂ පිළිබඳව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ‘එසැණ‘ සමඟ විග්‍රහයක් කළේය.
ඔහු අවධාරණය කරනුයේ 1978 ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති බලය අහෝසි කිරීමට මුළු රටම එක් විය යුතු බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 2016 වන තුරු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බව ද සිල්වා මහතා කියයි.
තමා කිසි ලෙසකින් දේශපාලනයට නොඑන බවත්, අනාගත රජයක තනතුරක් නොදරන බවත්, එහෙත් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට නීතිමය දැනුම ලබා දෙන බවත් සිල්වා මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේනාරත්නට පෙනෙන්නේ නැතුව ඇති එදා වේල හොයාගන්න බැරුව දුක්විඳින ජනතාවක් මේ රටේ ඉන්න විත්තිය. (නි)
සමහර නායකයොයි ඒගොල්ලන්ගේ හෙන්චයියෝයි දෙගොල්ලන්ම මේ කලපාන්තයෙනුත් එහා අමරණීයයි වගේ සමහර කියුම්. (නදී)
උදිත මහත්මයා, යුද්ධය දිනීම සදහා අවශ්‍ය වූ දේශීය සහ ජාත්‍යන්තර තත්වයන් ගොඩනැඟුනේ දීර්ඝකාලීනව. එක දවකින් හෝ දෙකක් ඇතුළත ගත් තීරණ නිසා යුද්ධයක් දිනුවා කිවුවොත් ඔබ මෝඩයෙක් කියලා මිනිස්සු හිතයි. (නි)
මට නම් දැන ගන්න ඕන මේ විධායක බලය පොදුවේ රටට බලපාන ආකාරය ගැන විද්වත් අදහස් මොනවාද කියලා. එහෙම නැතිව එ්ක ලැබෙන්න ඕන කාටද කියන පුද්ගලික මත වලින් මට නම් වැඩක් නැහැ. (නදී)
දැන් ඕවා කියලා වැඩක් නැහැ (නි)
චීනෙට කුණු කොල්ලෙට රටේ වටිනා කියන මර්මස්තාන සියල්ලම විකුනම් කාල ඉවරයි .රටට බාහිර බලපෑමක් ඇති කරගෙන ඉවරයි . තව මොනවා නැති වෙන්නද? (ස)
බන්දුල පෙරේරා, මධුභාෂිනී. කලට වෙලාවට "ජන ගගක් " සමගම "පොදු අපේක්ෂකයෙකු" සැපත් වේවි.එතකම් ඉවසල ඉන්නකෝ. (ස)
මට නම් මේ අදහස් කියවන කොට තේරුනේ එකම දෙයයි. තමන් කැමති නායකයාගේ අතේ විධායක බලය තිබෙන තාක් ඒක "හරි හොඳයි." වෙන කෙනෙකුගේ අතට බලය යනවා නම් " අපෝ රටට කිසි වැඩක් නැති දෙයක් " (නදී)
පද්මිණි.ඔය කියන ඒවා කරන්නේ කව්ද කියල දන්නවද? (ස)
යුද්දේ දිනන්නේ හමුදාව හින්ද කියල මොලේ ඇති කෙනෙක්ක්ට තේරෙනවා. යුද්දේ තිබුන කාළේවත් නැති විදියට මිනිස්සුන්ට අමාරුයි. කොටි නායකයෝ රටේ මිනිස්සුන්ගේ වියදමෙන් නඩත්තු කරන්නේ ඇයි? (නදී)
විපක්ෂයට ජනාදිපති ඡන්දය දිනන්න නම් ප්‍රසිද්ධ නමක් අවශ්‍යයි. මේ පාරත් කොහොම හරි පරදින්න පොටක් හොයා ගනීවි. පොදු අපේක්ෂකයෙක් කියන්නේ තනිව මුහුණදෙන්න බැරිය කියලා,මුළු ලොවටම පෙන්වන දුර්වල කමක්. (නදී)
මොනවා කිවුවත් මට නම් දැනට සිටින හොඳම පොදු අපේක්ෂකයා තමයි අපේ ජනාධිපතිතුමා (නි)
මොන සාකච්ඡාවකින් හරි කෙරෙන්න ඕනේ එක දෙයයි ජනතා යහපතයි. (නදී)
පතිරන, මොනතරම් දේවල් ලැබිලා තිබෙනවද සාමාන්‍ය ජනතාවට?ඇයි ලැබිලා තියෙන දේවල් වලින් සෑහීමකට පත්වෙන්න බැරිද ? (නි)
බමුණු , බමුණා හිට්ලර් ගැන අහල නැද්ද? පාලකයාට බලය තිබිය යුතුමය, නමුත් බලය යොදා පිස්සු කෙලින එකට වැට බැදිය යුතුය (නදී)
රටට දෙවියන්ගේම පිහිටයි! (නි)
බන්දුල පෙරේරා, ඔය කියන්නේ සාධාරනව පවත්වන ඡන්දයක් ගැනද? නැත්නම් "ඡන්ද යුද්ධයක්" ගැනද? (නි)
අපේ රට ඈත අතීතයේ සිට පාලනය වුණේ රජවරුන්ගෙන්. ජනාධිපති වගකියන්නේ මහජනතාවට. 1977 න් පස්සේ කිහිප දෙනෙක් ජනාධිපති වුණා. ඒ තීරණ ගත්තේ මහජනතාව. විධායක ජනාධිපති ක්‍රමය ගැන ප්‍රශ්න තියෙන්න අපි වගේ පොදු මහජනතාවට නෙමෙයි (නි)
පතිරන, කන බොන දේවල් වලට ගහන බදු මුදල් 100% කින්ම අඩු කළානේ.තව මොනවද ඉල්ලන්නේ? (නි)
ලංකාව දැන් වේගයෙන් දියුණු වෙනවා. ලංකාවේ බහුතරයක් හිතන්නේ ඔහොම තමයි. ඒකට බැනලා වැඩක් නැහැ. (නි)
ඉන්දි, ඔබේ කතාව හරියට හරි (නි)
මෙතන තියන ප්‍රශ්නය විධායකය බලය ලැබුනාම කැමති විදියට හැසිරෙන්න අවකාශ ඇති එක. එහෙම නැතුව විධායක බලයෙහි ඇති වැරැද්දක් නෙමෙයි. ඒක රටෙහි යහපතට මිස තමන්ගේ පුද්ගලික න්‍යායපත්‍ර සඳහා යොදා නොගන්න එක බලය ලැබුන කෙනාගේ වගකීම. (නි)
බලවත් විධායක ක්‍රමයකට දැන් තියෙන කුඩු, එතනෝල්, ගස්කපන ඒවා, හොර නිදන් හාරන ඒවා, කොමිස් ගහන ඒවා, නිතිය අතට ගෙන පිස්තෝල කරකවන ඒවා නතර කරන්න පුලුවන් වියයුතුයි (නි)
මට පේන හැටියට මේ සභාවේ ෂොට් එකක් දාගත්ත ඩෝප් කාරයෙකුත් ඉන්නවා වගේ. කියනවා කියවනවා කියවනවා. වෙන කාටවත් දිනන්න බැහැලු. අසවලාව පරාද කරන්න බැහැලු. ඇත්තට කීයෙන් කීදෙනාද අනෙක් අයට වැඩක් තිබෙන විමර්ශනයට ලක් කරන්න සුදුසු හරවත් අදහසක් ලියලා තියෙන්නේ. (නදී)
බන්දුල පෙරේරා මහත්තයෝ - අදාල කාරණයට තර්කානුකූලව උත්තර දෙනවා වෙනුවට මගේ වයස සහ මං ලංකාවේ ඉන්නවද නැත්ද ආදී කතා සහ වෙනත් වල්පල් ගැන ඔබ කියන කතා අනුව ඔබගේ දේශපාලන වටපිටාව ගැන අපිට අදහසක් ඇති කරගන්න පුළුවන්. යන ක්‍රමය හරි කියල කියන්න වැල්වටාරම් තොගයක් ලියල තියෙනවා. අපරාදේ කාලේ. ඔය කියන බහුතරය තියෙනවා නම් විධායකය ඇයි ඉතින් සදාචාර විරෝධීව විරුද්ද පක්ෂ භේද භින්න කරලා ,වරප්‍රසාද දීල පිට අය අරගෙන දියවන්නා මාලිගාවේ තුනෙන් දෙක බලෙන් හදාගත්තේ (නදී)
මධුභාෂිනී/බන්දුල පෙරේරා ගැරඩියගේ ඇඟේ භූමිතෙල් ගෑවුනා වගේ දඟලනවා. (නි)
බමුණු මහත්මයා, බෝම්බ ගැන නම් ගමගේ මහත්මයාගේ අදහස කියවන්න. මම කියන්නේ එකාධිපතීන් බිහිකරන ආණ්ඩු ක්‍රමයක් තුලින් අපේ රටට හෙටක් නැහැ. ලෝකයේ දැනට බිහිවෙලා හිටපු සියලුම එකාධිපතීන් සියල්ලම රටේ සම්පත් සියල්ලම තම පාලනයට නතු කරගෙන තම සහ තම පවුල වර්දනය කරගත්තවුන්. අපේ රටේ එකාධිපතීන් පෝෂණය කරන්න තරම් සම්පත් නැහැ. ඒක නිසා අපේ ඉදිරියට ඉන්න පරපුරම නය කාරයෝ වෙලා ඉන්නේ. බටහිර පැත්තෙන් එන පලපෑම් වලදී සහයෝගය ලබාගන්න ඉන්දියාවට එක විටත් චීනයට තවත් විටත් අපි විවිද ක්‍රමයට කප්පම් දෙනවා. මේ ක්‍රමයෙන් අපි මිදෙන්න ඕන එ්කට තියෙන හොදම ක්‍රමය මේ ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම. මෙතැන අපි කතා කරන්නේ ක්‍රමය ගැන මිසක් පුද්ගලයා ගැන නෙවි. හොදට මතක තියාගන්න මේ ලෝකේ කිසිම එකාදිපතියෙක් කිසිම රටක් දියුණු කලේ නැහැ. එහෙම දෙයක් අනාගතේ වෙන්නෙත් නැහැ. (නදී)
උදිත බස්නායකගේ අදහසට 100% එකඟයි (නි)
මේ කාගේත් හැටි අපි හොඳට දන්නවා. කව්රුත් ඕක අහෝසි කරන්නේ විපක්ෂයේ ඉන්නකම් විතරයි. නැත්නම් දැන් කීදෙනෙක් ඕක අහෝසි කළාද? සමහරු මෙතන පාට කණ්ණාඩි දාගෙන රට දිහා බලලා මේකට අදහස් දමනවා (නි)
මිනිපේ, මෙතෙක් කල් අවුරුදු ගණනක් නිදාගෙනද හිටියේ. චන්ද්‍රිකා මහින්ද දෙන්නම අාවේ ඕක නැති කරනවා කියලා. රනිල් ජනාධිපති උන බවක් මම දන්නේ නෑ. (නදී)
බන්දුල පෙරේරා මහත්මයා සහ මධුභාෂිණි නෝනා කියන්නේ එකම කතාවක්. "ඉස්සර තිබුනාට වැඩිය දැන් ටිකක් හොඳයි. ඒක නිසා අපි මෙතනම පල්වෙවී ඉඳිමු" කියන එක. (නි)
බන්දුල පෙරේරාට කිවයුත්තේ නිදහස් සාධාරන මැතිවරණයක් තිබ්බොත් විපක්ෂයේ පොදු අපේක්ෂකයෙක් හරහා ඔයාගේ සුරංගනා ලෝකය බිඳවැටීම සිදුවීමට හැකි බව සහ අසීමාන්තිකව එම ධුරය බදාගෙන අනිත් අයව වට්ටලා තම බලය රැක ගැනීමට යාම තුලින් ලංකාවට වන අයහපත වැඩි බවය (නි)
අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ වලට මුහුණ දී ඇති මේ මොහොතේ කිසිසේත් විධායක ජනාධිපති ක්‍රමය අවලංගු කළයුතු නොවේ. (නි)
පතිරන මහත්තයෝ, යුද්ධය දිනුවත් සාමාන්‍ය ජනතාවට ලැබුනු දෙයක් තියනවද? (නි)
අයියෝ සිරිසේන, ඔබ මේ කියන්න හදන්නේ මොනවාද? (නි)
පොරොන්දු වලට ඡන්දෙ දුන්න කාලේ අහවරයි.දැන් ඡන්දෙ දෙන්නේ කරපු කෙරුවාවන් ගැන හිතලා.බඩු මිල කිසිම රජයක් විසින් අඩු කර නැත.රටින් ගෙන්වන සුපිරි ආහාර වලට වැඩි බදූ අය කල යුතයි.එතකොට කන්න පුළුවන් එකා වැඩි මිලකට ඒවා මිලදී ගනීවි.මෝටර් සයිකල් හා පොඩි රථ වලට ආනයන බදූ අඩු කරන්න.මෙය කිරීමෙන් බස් වල තද බදය අඩුවෙයි.මෝටර් රථයක් කියන්නේ සුපර් බඩුවක් නොවේ.එදිනෙද ජිවිතයට අවශ්‍ය දෙයක්.(අ)
දේශපාලන පක්ෂ සහ එම දේශපාලන පක්ෂ වලින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණවලට ඉදිරිපත්වන අපේක්ෂකයෝ තම ප්‍රතිපත්ති මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණ මගින් ජනතාවට ඉදිරිපත් කරයි. තමාට බලය ලැබුණ පසු ජනාධිපති ධූරය අහෝසි කරණවා යයි ප්‍රතිඥා දුන් අපේක්ෂකයා ජයග්‍රහණය කල පසු එම පොරොන්දුව ඉටු නොකෙලහොත් ඔහුට ඡන්දය දුන් පුරවැසියෙකුට අධිකරණයට යාහැකිද? ජනාධිපති වූ පසු ඔහුට ලැබෙන මුක්තිය නිසා නඩු පැවරිය නොහැකි නේද? පොදු අපේක්ෂකයාත් මෙලෙස කලහොත් ජනතාවට ගත හැකි පියවර කුමක්ද? මෙි ගැන පැහැදිලි කර දෙන ලෙස සරත් සිල්වා මහතාගෙන් ඉල්ලමි. (නදී)
අද ලංකාවේ සිදුවිය යුත්තේ ජනාධිපති ක්‍රමය නැතිකිරීම නොවෙයි. යුද්ධය ඉවර කරන්න රජයට තිබුණු ලොකුම ශක්තිය වුණේ ජනාධිපති සතු බලතල. අද ලංකාවේ බලය සතු ජනාධිපතිවරයෙක් ඉන්න ඕනෑ. සිදුවිය යුත්තේ රජය හා දේශපාලන පක්ෂ වෙන වෙනම වැඩකිරීමයි. (නි)
බන්දුලට සහ මධුභාෂිණීට තිබෙන එකම ප්‍රශ්නය විධායක බලය රටට සහ මහජනතාවට බලපාන්නේ කොහොමද කියන එක නෙමෙයි. අසවල් කෙනාට ඒ බලය අහිමි වේද කියා තිබෙන භීතිකාව. (නි)
අනේ එන්න කියන්නකෝ! (නි)
මම නම් හිතන්නේ සරත් සිල්වා කරන්නේ මොකක් හරි ලොකු බොරුවක්. සරත් සිල්වා කියන්නෙත් විස්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමේ. මේක ආණ්ඩුවේම වැඩක් වගේ. අලුත්ම රැවටිල්ල වෙන්නත් පුළුවන් (නදී)
කිසිවක් කල නොහැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකුට නඩු පැවරිය නොහැක. (නදී)
බොහොම ඇත්ත. මමත් පිළිගන්නවා ඒ කතාව (නි)
මෙයත් එක එක වෙලාවට එක එක දේවල් කියනවා. මේ ගොල්ලෝ දේශපාලකයන්ටත් එහා ගිහිල්ලා වගේ. (ස)
ජාත්‍යන්තර නීතියෙන් නඩු පවරන්න පුළුවන්. ලංකාව ඇතුලෙදි බැරි උනාට. (ස)
මේවා පට්ටපල් බොරු. ජනතාව රැවටීමම තමා කවුරුත් කරන්නේ, (ස)
විදායක ජනාධිපති ක්‍රමය නිසා තමයි යුද්දය පහසුවෙන් ජය ගත්තේ. දැන් සංවර්දනයත් හොඳින් කෙරනවා මහින්ද මහත්තයා නැති කරලා රට ආපස්සට අදින්න බටහිර බලවේග සමග ඉන්න කුහකයන් උත්සහ දරනවා රජයට විරුද්ද බලවේග වලට ඩොලර් වැහි වහිනවා (නදී)
ඉන්දි කියන එකෙත් ඇත්තක් තියනවා වගේ. මුලු රටම බොරුවෙන් වෙලිලා, ගිලිලා. කවුරු විස්වාස කරන්නද? ඒත් මටත් මේ විධායකය තිත්තයි වහ කදුරු වගේ. (නදී)
ලංකාවෙ එකම නීතිය හදාරලා අග විනිසුරුවන් වූ සරත් එන් සිල්වා මහාතාත් මොහාන් පීරිස් මහාතාත් එකම කාරණාව සම්භන්දයෙන් තීන්දු දෙකක් දෙනවා නම්, අපේ ගමේ ඉන්න මාටිං අයියයි සූටිං අයියයි මේ කාරණාව ගැන මත දෙකක් ඵල කිරීම පුදුමයක් නෙවෙයි. කාටත් පොදු නීතිය අග විනිසුරුවන් දෙදෙනෙකුට පොදු වෙන්නෙ නැති එක තමා පුදුමෙ. පුදුමෙ = නීතියේ පාට. (නදී)
ඔය අගවිනුසුරුතුමා තමයි අපේ රටට නීතිය පැත්තෙන් ගොඩක් සාධාරණ තීන්දු දුන්නේ උතුරු නැගෙනහිර පළාත් සභා වෙන් කරලා රට ආරක්ෂා කරලා දුන්නා. හෙජින් ගනුදෙනුවේදී රජයට වාසි වෙන විදිහට තීන්දු දුන්නා .(අ)
ඉන්දි කියන දේ ඇත්ත. අග විනිසුරු තනතුර දරද්දී කල කී දේවල් ගැන ලොකු විවේචන තිබුන නේද? දේශපාලනේට හේත්තු වෙලා මඩත් ගා ගත්ත නේද? ශිරානි ගියාට පස්සේ ඒක ලැබෙයි කියලත් බලාපොරොත්තු වුනා නේද? ඔක්කොම වැරදුනාට පස්සේ කියන දේවල් අපි ඒ තරම් ගණන් ගන්නේ නැහැ. (නදී)
නැහැ ඉතින් 2016 යන්ට තියන එක 2015 න්ම ගියා නම් හොඳයි නේ. (නදී)
මධුබාශිනි සහ බන්දුල දෙන්නටම වැදගත් වෙන්නේ තමන්ගේ පුද්ගලික මනාපය තිබෙන කෙනා බලයේ ඉන්නවද නැද්ද කියන එක විතරයි. අඩු ගානේ ඔවුන්ට පක්ෂය සහ එහි ප්‍රතිපත්ති ගැනවත් තැකීමක්වත් නැහැ. ඔවුන් දෙන්නාම මෙතනත් පුද්ගලික මට්ටමේ චන්ද ප්‍රචාරක කර්තව්‍යයක් ඉටු කරන්නේ. (නදී)
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රී වරයෙක් පක්ෂය මාරු කලොත් ඔහුගේ ආසනය අහිමි වුනා. නමුත් ඔබතුමා ඒ නීතිය වෙනස් කරලා තීන්දුවක් දුන්නා ඕනෑම මන්ත්‍රී වරයෙකුට ආසනය අහිමි නොවී පක්ෂය මාරු කරන්න පුළුවන් විධියට. එ්ක සාධාරණද? (නදී)
මමත් උදිත සමඟ එකඟයි. හැමදේකම හොඳ නරක කියලා දෙකක් තිබෙනවා. මේ ජනාධිපති ක්‍රමයටත් ඒක පොදුයි. සමහරුන්ට මේක හරි වදයක් තමා. ඒත් මේක එකපාරටම වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මුළු ඡන්ද ක්‍රමයම වෙනස් කරලා කරන්න ඕනෑ. (නි)
සිරිසේන මහතාට යමක් තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා වගේ. (නි)
සරත් සිල්වා කියන්නේ විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට මහා ජනතාව එක්විය යුතු බවයි. එහි තිබෙන බොරුව මොකක්ද? ජනාධිපති ධුරය ආරක්ෂා කිරීමට වලිකන කටු කන බල්ලෝ අදහස් ඉදිරිපත් කරනවා සරත් සිල්වා කියන්නේ බොරු කියමින්. (නදී)
සරත් සිල්වා මහතා ජනාධිපති උපදේශක නේද? නිකන් බොරු පාට් දාල යාලුවට බලයේ ඉන්න ක්‍රමයක් නේද හොයන්නේ? (නදී)
දැන්නේ ඉතින් ඕවා කියන්නේ (නි)
මධුභාෂිණී කෑ ගහනවා, ඉවරයක් නැහැ. (නි)
මෙතන මධුභාශිනි කතා කරන්නේ එයාගේ පුද්ගලික කැමැත්ත ගැන මිසක් මේ දේශපාලන ක්‍රමය ගැන කිසිම හරවත් දෙයක් හෝ විමර්ශනයකින් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ. ඔයා කාටද කැමති කියලා පුන පුනා කියන්න අවශ්‍ය නැහැ. ඒක මෙතන අයට තේරිලා තියෙන්නේ (නි)
සල්ලි වලට, බලයට, පෞද්ගලික වාසි වලට දගලන අය ඉන්න පාර්ලිමේන්තු අච්චාරුවකට වඩා මහජනතාව විසින් සෘජුව පත් නොකරන අධිකරණයකට වඩා මහජනතාව සෘජුව පත් කරන විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට හොදයි. හැබැයි හැම දෙයකටම පුද්ගල ප්‍රතිපත්තිය තීරණාත්මකයි. (නදී)
ලලිත් මහත්මයෝ, ලෝකයේ හැම රටක්ම අතීතයේ පාලනය උනේ රජවරුන්ගෙන් සහ ගෝත්‍රික නායකයෙන් ගෙන්. අනික ජනාධිපති ජනතාවට වග කියන්නේ නැහැ. එයා කරන්නේ සියලු මාද්‍ය පාලනයට අරගෙන ජනතාවගේ මොළ සෝදලා වන්දි බට්ටයෝ බිහිකරගන්නවා. බන්දුල පෙරේරා, මධුභාෂීනී ඊට හොදම උදාහරණ. ලෝකය ගොත්‍රික නායක සහ රාජාණ්ඩු පලනයන්ගෙන් ඉවත් වෙන්න උත්සහ කරනවා. ශිෂ්ටත්වය කියලා කියන්නේ එ්කට. (නදී)
යුද ජයග්‍රහණය දීර්ඝකාලීනව ජනාධිපතිවරුන් කීපදෙනෙක් යටතේ වැඩකළ කණ්ඩායම් වල සාමුහික වෙහෙසවීමේ ප්‍රතිඵලයක් ලෙසයි මම නම් දකින්නේ. නමුත් වර්තමාන ජනාධිපතිවරයාගේ නිවැරදි තීරණ එහිදී විශාල වැඩකොටසක් කළා. කොහොම නමුත් පශ්චාත් යුදකාලීන සිදුවීම් විචාර බුද්ධියක් ඇති කිසිවෙක් අනුමත කරන්නේ නැහැ. මගේ පුද්ගලික අදහස මේ ක්‍රමය දැන් ඉවත්කළ යුතු බවයි (නි)
අදහසක් හිතට එන්නෙ නැහැ (නි)
අනේ රන්ජිත් සිල්වා මහත්තයා අපිට නම් යුද්ධෙට කලිනුත් කිසිම අහේනියක් තිබුනේ නැහැ බඩට කන්න බැරි වෙන තරම්. අපේ දෙමව්පියන් පුද්ගලික අංශයේ සුළු වැටුපෙන් වුනත් අපිට තුන් වේල කන්න දුන්නා. ඔබ කතා කරන්නේ යුද්දේ දිනන්න කලින් මුළු ලංකාවේම මිනිස්සු හිඟන්නෝ වගේ හිටියා වගේනේ. අපි ඒ ජයග්‍රහණය උතුම් කොට සලකනවා. හැබැයි අපේ හතර වරිගෙටම කන්න ලැබුනේ 2009 ට පස්සේ කියල ඔබ හිතනවා නම් බොහොම වැරදියි. (නදී)
78 ඉඳන් 94 වෙනකම් හොඳ විධායක ජනාධිපති ක්‍රමය නරකක් උනේ එ්කෙන් යුද්ධය ජය ගැනීම, රටේ හැම දේකටම මැදිහත්වීම, චාරයක් නැති අවස්ථාවාදී මැති ඇමති වරු පාලනය කරගෙන රජය ඉදිරියටම ගෙනයාම, ජාත්‍යන්තර බලවේග වලට යට නොවී රටට යහපත් තීරණ ගැනීම නිසා කොන්ද පණනැති පක්ෂ වලට ඊට මුහුණ දෙන්න බැරිවීම නිසා මිසක වෙන හේතුවකට නෙවේ. (නදී)
සමහරු මෙතන ඡන්ද ප්‍රචාරය කරන්න වේදිකාවක් කරගෙන. අපිට ඕන මේ කාරනාව ගැන වියත් අදහස් මිසක් එක එක්කෙනාගේ පුද්ගලික කැමැත්ත වල් නෙවෙයි. මෙතන දේශපාලනය ගැන මධ්‍යස්ත මත දරන අයත් ඉන්නවා. මාතෘකාවෙන් පිට යන දිග පල් හෑලි ලියන අයත් ඉන්නවා (නදී)
යුධ ජයග්‍රහනයට ජනාධිපති පදවිය සැහෙන්න වාසියක් ලැබුනා. ඒ යුධ කාලයේ රෑට ලොජ් වටලන එක ගැන සහ මාර්ග බාධක සම්බන්ධයෙන් ලබාදීපු තීන්දු සාමන්‍ය ජනතාව අතර ලොකු කථාබහට ලක්වුනා. යුද්ධය අවසන් වුන වහාම මෙතුමා ෆොන්සේකා මහතාට පක්‍ෂව පෙනී සිටියා. හිටපු අගවිනිසුරු ගැටළුවේදී රජය පැත්තට පෙනී සිටියා. කොහොම වුනත් අපේ විපක්‍ෂයට ශක්තිමත් අපේක්‍ෂකයෙක් නැති නිසා නේද මේ සියළු බය? (නදී)
කවුරු කවුරුත් තමන්ගෙ හෘද සාක්ෂියෙන්ම විමසනවා නම් තමයි මම සතුටු (නි)
මගේ නම් අදහස වන්නේ අපේ රටට ඕනෑ බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව සකන් කළ ව්‍යවස්ථාවක් කියායි (නි)
බොහෝ දෙනෙක් අමතක කරන දෙයක් තමයි පාර්ලිමේන්තුවේ බල තුලනයක් තිබුනොත් මෙම විදායක ජනාදිපති දුරය දුර්වල වෙනවා. ඩී.බි. විජේතුංග යටතේ පොදු පෙරමුණු රජය රාජ්‍ය පරිපාලනයේ මාද්‍ය ඇතුළු අනෙක් බොහෝ වැදගත් ක්ෂේස්ත්‍ර ගණනාවක් පාලනය කලා විතරක් නොවේ ඊළඟ ජනාදිපති වරණයේදී සාදාරන මැතිවරණයක් තුලින් අද දක්වා නොබිදී ඇති ඓතිහාසික ජයග්‍රහනයකුත් ලැබුවා. චන්ද්‍රිකාගේ දුර කාලයේ 2002 සිට 2004 දක්වා කාලයේත් එතුමිය කරකියා ගන්න දෙයක් නැතුව ඉන්න විට ජවීපෙ පිහිටෙන් යන්තම් ගොඩ වුනා. ඒ අර්බුද කාලයේ තමයි ඔය 17 වන සංශෝදනය ගෙන අාවෙත්. ඒ නිසා බය වෙන්න එපා යකා කියන තරම් කළු නැහැ. මේ පාර්ලිමේන්තුව තව වැඩිකල් මෙහෙම පවතින්නේත් නැහැ. පසු ගිය පළාත් සබා මැතිවරණ වලින් හොඳ සංඥාවක් වැටුනා අනාගත පාර්ලිමේන්තු මැතිවරණයකදී කෙසේ වේවිද කියලා. මට පුදුම ඇයි තරිඳු ඒ වගේ ප්‍රශ්න ඇහුවේ නැත්තේ කියල. (නදී)
කවුරු මොනවා කිවුවත් ජනතාවට දුන් පොරොන්දු ඉටුනොකරන අයට රැවටිලා නැවතත් ඡන්දය දෙන අය වැඩිපුර ඉන්න රටක් මේක. යුද්ධය අවසන්වෙලා දැන් අවරුදු 6 කට වැඩියි. හැමෝම සමගි වෙලා රට දියුණු කරන්න කාලය ඇවිදින්. මේ සිටින දේශපාලකයන් සහ පවතින ඡන්ද ක්‍රමයට අපේ රටේ උද්දමනය , විරැකියාව, දේශපාලන මැරකම් , දුෂණය අඩු කිරීමට නොහැකිනම් වෙනත් නායකයන් සහ වෙන ඡන්ද ක්‍රමයකට හැරීමට කාලය පැමිණ ඇත (නි)
සමන් කුමර කියනදේ සහතික ඇත්ත. පක්ෂය මාරු කිරීමත් සමගම මංත්‍රීකම අයින් වෙන නීතිය නැති කර දැමීමේ සාපයට මේ තුමා පැහැදිලිවම වඟ කිව යුතුයි. (නදී)
පොදු අපේක්ෂක නෙමෙයි, නිර්පාක්ෂික පොදු අපේක්ෂක එතකොට එයා ජනාධිපති උනාට පාර්ලිමේන්තුවේ එයාගෙ ආණ්ඩුවක් නැහැ, ඒ නිසා එයාට දිගටම බලයේ ඉන්න හැකියාවක් නැහැ (නදී)
ඔන්න මැගී නැන්ද ගෙ දූ මිනිහෙකුට බන්දලා දුන්නා. අවුරුදු අටක් ගියත් දරුවෙක් නෑ. ඒ පාර මැගි නැන්දා ඒ කසාදෙ කටුගාවල දු වෙන මිනිහෙකුට බන්දලා දුන්නා. බැඳල මාස තුනෙන් දරුවෙක් ලැබුනා. ඒ පාර මැගි නැන්ද කිය කියා යනවා අර මිනිහට අවුරුදු අටක් කරලත් කරන්න බැරි උනා එක මේ මිනිහ මාස තුනෙන් කලා කියලා. අන්න ඒ වගේ තමයි මහින්ද තනියෙන් යුද්ධය දිනුවයි කියන එකත්. (නදී)
මේ වෙන නාඩගමකට එන්නයි හදන්නේ (නදී)
විධායක අධ්‍යාපන ඇමතිකෙනෙක් මහජන ඡන්දයෙන් පත් කරන්න. අවුරුදු 10 යනකොට ඔක්කොම ප්‍රශ්න ඉවර වේවි. රට දියුණු වේවි. (නි)
මිනිපේ, කලින් ජනාධිපතිල මුලු පවුලම රට පාලනය කරන්න ආවෙ නෑ. දැන් නාමලුත් සරසවියට ලමයි අතුලත් කරනවා. (නදී)
සමහර අදහස් දකිනකොට හිනායනවා (නි)
සමහරුන්ට වුණ දේ මතකද ? (නි)
"පතිරණ,බෝම්බ වලට අහුවෙන්නේ නැතුව නොකා නොබී හරි ජීවත්වෙන්න මේ තත්වය ඇතිකර දීපු එකම මදිද?" හලෝ ඔහෙලට නම් මේ ටිකත් ඇති නමුත් රටේ අනාගතයක් ගැන හිතන මිනිසුන්ට නම් මේවා දකින විට බෝම්බයකට අසුවෙලා මැරුනා නම් කියා සිතෙනවා. එදාවේල ගැන සිතන්නේ නැතිව රටේ මොනවද වෙන්නේ කියා ටිකක් සොයා බලන්න. (නදී)
"ලංකාව දැන් වේගයෙන් දියුණු වෙනවා." මොනවද දියුණු වෙලා තිබෙන්නේ කියල විස්තර කලොත් ඒ පිනම ඇති ලංකාවේ නැවත උපදින්න. ඔය කියන්නේ පාරවල් ගැනද? (නදී)
මෙයා ගැනත් දන්නෝ දනිති. කෙසේ උවත් මෙයා විරුද්ධ විධායක ජනාධිපතිට පමණද? මනාප මැතිවරණ ක්‍රමය, පලාත් සභා, විවෘත ආර්ථිකය, පුද්ගලික බස් ක්‍රමය ඇතුළු රටට විනයක් උනු මේවා තිබුනට කමක් නැතිද? නිකන් විහිළු නැතිව වෙනම නොසිට සෝබිත හිමි ලගට යන්න, එවිට මතය ඩබල් වෙනවා (නදී)
"තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර සඳහා යොදා නොගන්න එක බලය ලැබුන කෙනාගේ වගකීම" ඔයා හරියටම දැනගෙනද කියන්නේ. (නදී)
මෙතෙන තියෙන්නේ පැහැදිලිවම ඉරිසියාව. සරත් එන් සිල්වා කියන්නේ සුපිරිසුදු චරිතයක් නොවේ ඔහු හිටපු ගමන් පාට මාරු කරන කටුස්සෙක් වගේ. එක දවසකට චන්ද්‍රිකාට බනිනවා ආයෙම මහින්දට බනිනවා ඊට පස්සේ සරත් පොන්සේකාට බනිනවා කිසිම ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක් (නදී)
තිලක්-ඩුබායි වගේ අය හිතනවා අනික් මිස්සුන්ට් පිස්සු කියලා. එ්ක පිස්සන්ගේ හැටි (නදී)
"මේ රටට ඇත්තටම අවශ්‍ය තනි ඒකාධිපතියෙක්. විධායක බලය ඒ හැටියටම පාවිච්චි කරන කෙනෙක්. " එහෙම කෙනෙක් මීට කලින් මේ ලෝකේ බිහිවෙලා තිබෙනවද. (නදී)
නිශාන්ත ඩබ්ලිව්.ජි. - ඔබගේ සටහන හොඳයි. නිවැරදියි. මෙතන ප්‍රශ්නය තියෙන්නේ විපක්ෂයට ශක්තිමත් අපේක්ෂකයෙක් නැතිකම යයි ඔබ කියන විට මට හැඟෙන්නේ අපේ වත්මන් ජනාධිපතිතුමාට එදා වගේම අදත් තරඟයක් නැති බවයි. මට තියෙන ප්‍රශ්නය නම් රටේ බහුතරයකට කිසිම ගානක් නැති මේ විධායකය ඉවත් කරන්නට නගරයේ එකතරා කොටසකට පමණක් උවමනා මන්ද යන්නයි. (නදී)
විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට නොගැලපේ. එංගලන්තය ලෝක යුද්ධ දිනුවේ විධායක ක්‍රමයකින් නොවෙයි. විධායක ක්‍රමය යහපත් පාලනයකට හේතු වෙනවද නැද්ද කියන එක තීරණය වන්නේ එම තනතුරට පත්වෙන පුද්ගලයා අනුව. එතන තමා තියෙන අවාසිය. (නදී)
ජයවර්ධන මහාත්තයා ලංකාවේද ඉන්නේ. මනාප ක්‍රමයේ මැතිවරණ එහෙම තමයි. තමන් තමන්ගේ එකාටමත් ගහන එකේ විපක්ෂෙට නොගහ ඉදීවිද? කොහොම උනත් තාර බර ඇරලා හොයල බලන්න ඔය කියන ඒවායෙන් කීයෙන් කීයද ඇත්ත සිදුවීම් කියලා. වැඩි හරියක් රගපෑම බොරුව. ලාබදායිම ප්‍රචාරක ව්‍යාපෘතිය. තමන් තමන්ටම ගහ ගැනීම. එක ගලෙන් කුරුල්ලෝ දෙකයි. කැෆේ කාරයත් ගොඩ තමනුත් ගොඩ. නොමිලේම ප්‍රසිද්ධිය ජයවර්දන මහත්තයාගේ වයස කීයද ඇත්තටම. මැතිවරණ වලදී බලය තියෙන එකා බලය පාවිච්චි කරන එක දැක්කේ මහින්ද මහත්තය ආවට පස්සෙමමද ? අනෙක කවුද මහත්තයෝ බය වෙලා ඉන්නේ. අපිට නම් එහෙම පේන්නේ නැහැ. පේන එකම දේ විපක්ෂය දැන්ම ඉදල පරාජයෙන් පස්සේ තියන මාධ්‍ය සාකච්චාවට දත්ත සපයා ගන්න එක. පරාජයට නිදහසට කරුණු කියන්න. ජයවර්දන මහත්තයට නිදහසේ ඡන්දය භාවිතා කරන්න පුළුවන් වගේම මේ රටේ සෑම පුරවැසියෙකුටම ඒ නිදහස එහෙමම තියෙනවා. මැතිවරණ ව්‍යාපාර වල වන සිදුවීම් ඡන්දෙ දාන්න යන එකාට බලපාන්නේ නැහැ. එහෙම බලපෑම් කරන්න පුලුවන්නම් මේ රටේ හැමදාම තිබිල තියෙන්න ඕන එකම එක රජයක් පමණයි. තමන්ගේ නොහැකියාව වගේම බහුතරය තාමත් මේ රජයට කියන එක අවබෝධ කරගෙන එ්කට විසදුම් හොයල ක්‍රියා මාර්ග ගන්නවා මිසක් හැමදාමත් ගහන ඔය බයිලා ගහලනම් ජයවර්දන මහත්තයලට කවදාවත් ඔය හීනේ සැබෑ කරගන්න ලැබෙන්නේ නැහැ. (නදී)
දේශපාලන වේදිකාවල කතා කර කර දේශපාලනය කරන්නේ නැහැ කීම අගේ කල යුතුයි. (නදී)
විධායක ක්‍රමය අහෝසි කරන්න උවමනාය කියන පිරිස කුමන අරමුණක් මුල් කොටගෙන එහෙම කියනවාද කියලා තේරුම් ගන්න බැහැ. මේ ක්‍රමය තවදුරටත් තිබිය යුතුයි කියන කීප දෙනා එයට සාධාරණ හේතු දක්වලා තියෙනවා. මේ ක්‍රමය මෙතෙක් පැවතීම තුළින් සිදුවූ අනර්ථයක් අද වනතුරු අපේ රටට සිදුවී නැහැ. කවුරුත් කියන්නා වාලේ කියන පිරිසට මා යෝජනා කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය සහ එයින් සිදුවූ අවාසි මේ පිටුවෙන් පැහැදිළි කරන ලෙසයි. මෙය අභියෝගයක් නොවේ. හුදිජනයාගේ පසාද සංවේගය පිණිස ලියන්න. (නදී)
මට නම් හිතා ගන්න බැහැ ජයවර්ධන මේ කියන මේ රටේ නැති නිදහස් සාධාරණ මැතිවරණ මොනවද කියලා. මුලින් ඡන්දෙ දාන්න යන කෙනාගේ අත කපනවා, ඡන්දෙ දාන්න ගිය එකා මරනවා කියපු යුගය නම් මේ රටේ තිබුනා. අද එහෙම දෙයක් නැහැ. හැමෝටම තමන්ගේ ඡන්දෙ තමන්ගේ කැමැත්තට බලපෑමකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්. ඡන්ද පොලේ ඡන්ද ලකුණු කරන තැන අවි ආයුද ගත්ත පොලු මුගුරු ගත්ත කව්රුත් නැහැ මේකට ඡන්දෙ දාපන් කියල තර්ජනය කරන්න. මැතිවරණ ව්‍යාපාරයයේදී මනාප පොරය, යම් යම් ප්‍රචාරක උපක්‍රම ඒ කියන්නේ ප්‍රචණ්ඩත්වය මවා පෑම්, තමන් තමන්ට ගහගෙන අනුකම්පාව ප්‍රසිද්ධිය ලබා ගන්න උත්සහ දැරීම වගේ දේවල් සිදු වෙනවා. ඒවා නතර කරන්න මැතිවරණ කොමිෂන් 100ක් දැම්මත් ත්‍රිවිධ හමුදාවම අගලෙන් අගල යෙදෙව්වත් බැහැ මේ මනාප දේශපාලනයේදී. එ්ත් කවදාවත් ඒ සිදුවීම් ඡන්දෙ දෙන්න යන පුද්ගලයට බාධාවක් නෙමෙයි. බහුතරයගේ කැමැත්ත තාමත් මේ රටේ ක්‍රියාත්මකයි. ඉදිරියටත් එ්ක එහෙමමයි. මිනිස්සු කැමති පුද්ගලයින් හා පාක්ෂ බලයට එනවා. ඒකට ඉරිසියා කරලා වැඩක් නැහැ. කිසිම දෙයක් සදාකාලික නැහැ. මේ රජයටත් ගෙදර යන්න වෙන දවසක් ඒවි. ඒ දවස ඉක්මන් කරගන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන දැනෙන දේවල් ගැන කතා කරලා මිනිස්සු දිනාගෙන මිසක් මේ ව්‍යස්ථා හෝ විධායක පටලවාගෙන නෙමෙයි. (නදී)
විමල් දෝහා මහතා ඉතාමත් කෙටියෙන් පිටු ගානකින් පැහැදිලි කල යුතු දෙයක් පේලි කීපයකට ගලපලා තියෙනවා..සැබෑ යථාර්තය එ්ක. ඔබ තුමාට ස්තුතියි. සරත් සිල්වා මහත්තයට මඩට පනින්න අවශ්‍ය නැහැ. එයා කලින් ඉදල ඉහේ ඉදල මඩ නාගත්තු කෙනෙක්. මේ රටට ඇත්තටම අවශ්‍ය තනි ඒකාධිපතියෙක්. විධායක බලය ඒ හැටියටම පාවිච්චි කරන කෙනෙක්. (නදී)
මෙතන තියෙන්නේ ඉරිසියාව සහ වෛරය මිස වෙනත් කිසිවක් මා නම් දකින්නේ නැහැ. "පොදු අපේක්ෂකයෙකු" සෙවිල්ල දක්වා සටනක් දෙන්නට බැරි විපක්ෂය අද පත්වන්නේ මේ විධායක ක්‍රමය තමනට විසල් සුවිසල් බාදාවක් වී ඇති බව සිතාගෙනය. දෙමල ඩයස්පෝරාව ජාත්‍යන්තරය උසි ගන්වමින් අප රටට එරෙහිව ක්‍රියා කරන්නේ මේ විධායකය නිසා ඇති බාදාව වලක්වා ගන්නටය. අපේ රටේ අද වන විට රට වෙනුවෙන් අභිතව තීරණ ගන්නේ කොන්ද පන තිබෙන නියම ශ්‍රී ලාංකිකයෙක් ඉහළම තනතුරේ සිටින නිසා බව පුන පුනා කිව යුතුය. මේ විධායක ක්‍රමය තිබුනත් රටේ පොදු මහජනයාට ඉන් සිදුවූ අවැඩ කුමක්දැයි මම සියල්ලන්ගෙන්ම විමසමි. රටේ ඉදිරි ගමනට ඇති බාදාව කුමක්දැයි විමසමි. එය අවහිරයක් වී ඇත්තේ රටට ආදරය කරන පිරිසට නොව බලයට පමණක් ආදරය කරන පිරිසකට පමණකි. මේ බව රටේ පොදු ජනතාව දනිති. එහෙයින් මේ ක්‍රමය අපේ රටට බාහිර බලපෑමක් නැතිවන තුරු තව දුරටත් තිබිය යුතුමය. එය මගේ හැඟීමය. කවුරුත් එය පන් මල්ල අතට ගැනීමක් ලෙසින් දකිනවා නම් එයටද මම ගෞරවයෙන් හිස නමමි. ඒ මගේ රට වෙනුවෙනි. (නදී)
මාගේ පෞද්ගලික අදහස විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුය යන්නයි. එහෙත් ඔහු අධිකරණයට වගකියන පුද්ගලයෙකු විය යුතුයි. (නි)
ජනමත විචාරණයක් තියලා ජනතාවගේ මතය බැලුවොත් හොඳයි නේද? (නි)
දැන් මොකටද මේ සූදානම් වෙන්නේ? (නි)
සුගත්ගේ මොලේ තමයි මොලේ. ඔය කොහොමද අයියේ එක දැනගත්තේ.? (නදී)
ජේ ආර්,ප්‍රේමදාස,චන්ද්‍රිකා,රනිල් හා මහින්ද. මේ ඔක්කමලා ජනපති නිල දැරූ අය වෙති.ඇයි මේ හදිසියෙන්ම ඔය තනතුර නරක? (අ)
මඩ ගොඩට මෙතුමට බහින්න බරි මොහු දැනටත් මඩ ගොඩේ ලැගලා ඉවර නිසා. මොහු බුද්දිමත්ව තමාගේ අරමුන ඉශ්ට කර ගන්න ගානට දෙපැත්ත කනවා. (නදී)
ඡන්දෙට කලින් ජනතාවට දුන්න පොරොන්දු ඉටුකලහැකිය. ඉටු කිරීම දේශපාලකයන්ගේ යුතු කමකි . බොරු පොරොන්දු දෙමින් ජනතාව ටික කලක් රැවටිය හැකි වන අතර , දිගුකල් එසේකිරීමට නොහැක , හොඳම උදාහරණය චන්ද්‍රිකා (නදී)
"විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන්නා වූ හා රටේ සෙසු ප්‍රශ්න වලටද විසඳුම් ලබා දෙන්නා වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සියල්ලන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි." කියන ප්‍රතිඥාවක් කොහේදෝ තැනක තිබුනා වගේ යන්තමට මතකයි. (නදී)
විනිසුරුතුමනි, ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කල ආකාරය අනුව මහින්ද රාජපක්ෂ තුන් වැනියා කියා නැත. ඔහු පස්වෙනියා නමුත් ප්‍රේමදාස මැතිතුමා ,හා විජේතුංග මහතා අමතක කලේ ඇයි? මේ අයත් දවසක් හරි ඔය දුරය දරපු අයනේ (නදී)
විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඉතාම කල්පනාවෙන් සිදු කලයුත්තක් මෙය අනෙකුත් මැතිවරණ මෙන්ම ආර්ථිකය ක්‍රමයද සමග එකට එක්ව මේ වනවිට මෙරට තුල සමාජගතව පවතින ප්‍රබල සාදකයකි. එක එක අයට අවශ්‍ය තාලෙට වෙනස් කලොත් අපි දිනාගත් බොහෝ දේවල් අපිට අහිමි වියහැකි බවත් හිටි හැටියේ පඬි අදහස් ප්‍රකාශ කරන අය තේරුම්ගත යුතුයි. ශක්තිමත් ජනාධිපති වරයෙක් හා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුවක් තිබිලත් රට විනාශ කරන්න දරන බලවේග වල ශක්තිය මේ පඬිවරු නොදන්න ගානට කතා කිරීම හරිම අවස්ථාවාදී තත්වයක් මේ ක්‍රමයේ හානිදායක තැන් වෙනස් කර පවතින නිතිය සියලුදෙනාට සමානව බලගැන්විය හැකි ක්‍රමයක් ඇති කල යුතු බව සිහිපත් කරමි (නදී)
දේශපාලනය කියන්නේ මඩ ගොහොරුවක් තමයි (දී)
පතිරණ මහත්තයා එක තැනක අහල තිබුනා යුද්දය දිනුවට පොදු ජනයාට මොනවාද ලැබුනේ කියලා. ඕක තමා ලංකාවේ අයගේ තත්වේ, ඔක්කොම අමතක වෙනවා බඩට යමක් ලැබෙනකොට. මෙයාගේ බෝම්බ දැන් විකිනෙන්නේ නැතුව ඇති මෙහෙම අහන්න. ටිකක් ඉරාකය පැත්තේ හොයල බලන්නකෝ. වෙනස දැනේවි. (නදී)
බන්දුල පෙරේරා -"මේ රටට ඇත්තටම අවශ්‍ය තනි ඒකාධිපතියෙක්. විධායක බලය ඒ හැටියටම පාවිච්චි කරන කෙනෙක්". මෝඩයෙක් වගේ කියවන්න එපා.පිස්සු නම් ලඟම තිබෙන මානසික රෝහලකට ගිහින් ඉක්මනින්ම බෙහෙතක් කර ගන්නවා හොදයි. (අ)
කාටවත් මේක ගැටළුවක් වෙන්නේ නැහැ රාජපක්ෂ ආණ්ඩුව ඉක්මනින් පෙරලෙන බව පේනවා නම්. ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාව ජනතාව ගෙදර යවාවි කියල හිතෙනවා නම්. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම හිතෙන්නේ නැති එකයි. එහෙම දෙයක් වෙන බව ලකුණක්වත් නැති නිසයි. අඩු පාඩු තිබුනත් ඊලග පාරත් මහින්ද රාජපක්ෂ චරිතය තෙවන වතාවටත් ජනාධිපති පදවියේ දිවුරුම් දෙන බව ඉර නැගෙනහිරින් පායනවා වගේ පැහැදිලි නිසාත්. මෙතන තියෙන්නේ ඉරිසියාව,කුහක කම බැරි බව. නොහැකියාව මිසක් වෙන දෙයක් නෙමෙයි. (නදී)
නිශාන්ත, මදුභාශිනි, යුද්දය පටන් ගත්තෙත් ඔය කියන ජනාධිපති ක්‍රමය තියෙනකොට කියල ඔයාලා දන්නේ නැහැ වගේ. හොදයි යුද්දය දිනුවේ ඕක නිසා කියමුකෝ යුද්දය නැති වෙලාවේ ඕකෙන් ඇති වැඩේ මොකක්ද? යුද්දය දිනුවත් සාමාන්‍ය මහජනයාට ලැබුනු දෙයක් තියෙනවාද? (නදී)
ප්‍රතිචාර වල හැටියට වැඩිදෙනෙක්ට මේ කියන දේ තේරුම්ගන්න බැරුව වගේ. මට කණගාටුව ලංකාවේ ඉන්නේ මේ අය ගැන තමා. (නදී)
මුදිතා, ඔබ තමයි අද දවසේ හොඳම ප්‍රකාශය කළේ. (නි)
ජනනි, විධායක ජනාධිපති ක්‍රමයේ වැරදි ගොඩාක් තියෙනවා. ජනාධිපති අපේක්ෂකයාට විශාල මුදලක් අවශ්‍යයි ඡන්දය කරන්න. මේ මුදල් ලබාදෙන බලවේග වලට නතුවෙන්න ජනාධිපතිවරයාට සිද්ද වෙනවා. අපේරටේ විධායක ජනාධිපතිවයා පත්කළාට පස්සේ එයා කාටවත් වගකියන්නේ නැහැ ඒක නිසා පාලනකාලය තුල සිදුවන වැරදි හදන්න බැහැ. කොටින්ම කිව්වොත් යුද්දයක් ඉවර කරපු ඕනෑම රටක් විශාල දියුණුවක් ලැබුවත් අපි හිටියාට වඩා පස්සට ගිහින් ඉන්නේ මේ ක්‍රමය නිසා. අවශ්‍ය දේ තේරුම් ගන්න බැරුව ඉන්න නිසා එකාධිපතීන්ට ලෝකය කැමති නැහැ අපිට ලෝකය නැතුව තනියම යන්න අමාරුයි චීන්නු අපිට දැනට සහය දෙන්නේ උන්ගේ යුද හා ආර්ථික බලයෙන් අපිව සම්පුර්ණයෙන් යටත්කරගන්න කල් පමනයි. (අ)
මෙතන විධායක ජනපති ක්‍රමය අහෝසි කළයුතුයි කියන එක් කෙනෙක්වත් ඉන්නවද එන ජනපතිවරණයෙන් ඔහුට හෝ ඇයට ජය ගතහැකියි කියන මතයේ ඉන්න? (නි)
අපි ඡන්දේ දුන්නනේ පෙරමුණට .ඔහු වෙන පැත්තකට ගියාම අපේ ඡන්ද ඔහුට වලන්ගුවෙන්නේ කොහොමද.අපේ කැමැත්ත ඔහුට නොවෙයි පක්ෂයටයි. (අ)
සමහර අය කියන්නේ පොදු අපේක්ෂකයෙක් දාලා විදායකය අහෝසි කරනවා කියලා. හොඳයි පොදු අපේක්ෂකයා පත් උනා කියමු. එ්ත් කෝ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක්. ඊලගට මහමැතිවරණයක්, ඔය කියන විධියට තුනෙන් දෙකක් අලුත් ජනාධිපතිට ලැබේවිද ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව වෙනස් කරන්න. රට අරාජික වෙලා රටම විනාසවෙන එකයි වෙන්නේ. ඩොලර් කාක්කන්ට රජමගුල්. (නදී)
විධායක ජනාධිපති ක්‍රමය හොඳයි. එ්ක නිසානේ අවරුදු 30 ක් තිබුන යුද්ධය නැති කලේ. එකම දෙය ජනාධිපති පාර්ලිමේන්තුවේ පෙනී සිටිමට නීතියට ඇගිලි නොගැසීම ඔහුගෙන් විය යුතුයි (නදී)
දැනට නම් ප්‍රතිඵලය වෙනස් කරන්න පුළුවන් බලපෑම් ඇති අසාධාරන මැතිවරණ වෙන්නේ නැහැ. ජනතාවට ළංවෙන්න බැරි පරදින කවුරුත් කියන්නේ ඔය මන්තරේම තමයි. (නි)
රට ඉරාකයක්, ලිබියාවක් කරන්න වගෙයි සමහරුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ (නි)
අනේ මට නම් විස්වාස කරන්නම බෑ. මම බලාගෙන ඉන්නවා මගේ රත්තරන් ලංකාව දේශපාලකයන්ගෙන් බේරාගන්නේ කවදද කියල. ශ්‍රි ලංකාවට ජය වේවා ! (නදී)
අපේ රටේ ත්‍රස්තවාදය තුරන් කළාට බෙදුම්වාදය නිමා වෙලා නැහැ වගෙයි (නි)
ඇත්ත කියනකොට ආණ්ඩුවට සම්බන්ද පුද්ගලයන්ට අනාගතය ගැන හිතනකොට දවල් තරු පෙනෙනවා (නදී)
චන්ද්‍රිකා වගේ කලින්ම යයිද? (නදී)
තිලක් ඩුබායි හීන දකිනවා. කිසිම දෙයක් හොඳින් දකින්න අකමැති ඔබ වැනි පුද්ගලයන් අපේ රටට බරක්. ඔය රටටම වෙලා ඉන්න. (නදී)
පළාත් සභා අහෝසි කරලා, සමානු පාතික ඡන්ද ක්‍රමය අහෝසි කරලා පැරණි ඡන්ද ක්‍රමය හඳුන්වා දීල තමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනා. එ් නිසා දැන් විධායක ජනාධිපති ක්‍රමය හොඳ නෑ කියල කෑ ගහන විප්ලවවාදියෝ කවුරුත් ඒ ටික කරන්න දෙන්නේ නැහැ. මොකද එයාල පාර්ලිමේන්තු එනවා කියන එක හීනයක් වෙන නිසා. බැරිවෙලාවත් පොදු අපේක්ෂකයෙක් ඇවිත් ඕක කලොත් රට කැඳ හැලියක් වෙයි. දැනට ඉන්න නායකයින්ගෙන් ඕක කරනවා නම් කරන්න ඉන්නෙත් මහින්ද මහත්තය විතරයි.(මෙය අතීතය සහ වර්ථමානය දෙස බලා කරන ප්‍රකාශයක් විනා මහින්දව පිම්බීමක් නොවෙයි.) (නදී)
බන්දුල පෙරේරා, මධුභාෂිනී දැන් ඔය කියන විධායකය රටේ මුදල් කෝටි ගණන් නාස්ති කරමින් කඩින් කඩ මිනිස්සුන්ට එපාවෙන තරමට මැතිවරණ තිබ්බ. ඔබ කියන පරිදි මේ පාලකයන්ට සහ රජයට මිනිස්සු හරි කැමති නම් සහ ඡන්දෙ තමන්ගේ කැමැත්තට බලපෑමකින් තොරව මිනිස්සු දානව නම් ඇයි ඔය තරමට බයවෙලා ඡන්දෙට රාජ්‍ය සම්පත් යොදාගෙන ,හොර වැඩ කරගෙන, විපක්ෂයට පහර දෙමින් දැන් තියෙන ඡන්දෙ කරන්නේ ? (අ)
බන්දුල පෙරේරා, සුබාශිනි,ඔබ දෙදෙනාගේ අදහස් වලට ගරුකරන අතරම ඔබ වැන්නන් හා එකඟවන සුවහසක් බුද්ධිමතුන් තවමත් ලංකාවේ මෙන්ම ලොව පුරා අවදියෙන් සිටින බවද දනිමි. (නි)
පතිරණ, මුල් කාලයේ ජනාදිපති වරුන්ට කොන්ද පන තිබුනේ නෑ. පිටරට අයට බයේ තීරණ වෙනස් කළා. විදායක ජනාදිපති ක්‍රමය නිසා දැන් කෙලින් තීරන් ගන්න පුළුවන්. පාර්ලිමන්තුවට වැඩි බලයක් දුන්නොත් ගෙම්බෝ පැන්න වගේ වාසී පැත්තට පනින අය නිසා කිසිම ඍජු තීරණයක් ගන්න බැරි වෙයි . ඒ දවස්වල කිව්වේ යුද්දේ ඉවර කෙරුවොත් ඇති වෙන මොකුත් ඕනේ නෑ කියල. ගුණමකු විදිහට කතා කරන්න එපා. (නදී)
මනාප ක්‍රමයේ මැතිවරණ එහෙම තමයි. කොහොම වුණත් තාර බර ඇරලා හොයලා බලන්න ඔය කියන ඒවායින් කීයෙන් කීයද ඇත්ත සිදුවීම් කියලා. (නි)
පතිරණ,බෝම්බ වලට අහුවෙන්නේ නැතුව නොකා නොබී හරි ජීවත්වෙන්න මේ තත්වය ඇතිකර දීපු එකම මදිද? (නි)