මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (15) මුදල් අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය. එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්විය.
අද ජනපති හා අගමැතිගේ නායකත්වය යටතේ ඇතිකර තිබෙන සම්මුතිවාදී ආණ්ඩුව යටතේ ජනවාරි 8 වැනිදා ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමේ හැකියාව ඇති බවත් මූල්‍ය කළමනාකරණය ඉදිරියේදී විධිමත්ව ක්‍රියාත්මක කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවත් වැඩ බාරගැනීමෙන් පසු අමාත්‍යවරයා පැවසීය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගැන අපි හොඳට දන්නවා. අපි ඡන්දය දුන්නේ යහපාලනයට. දැන් ඒකත් වල පල්ලට තමයි. අපරාදේ ඡන්දය (බ)
එතකොට පහුගිය ආණ්ඩුවේ එහෙමෙ එකක් තිබුනේ නැද්ද (බ)
අපි මේවා විශ්වාස කරයි කියලා හිතනවද? (නි)