නිල බලය භාවිත කරමින් වධ හිංසා පැමිණවීම පිළිබඳ පැමිණිලි 413ක් පසුගිය වසරේ ලැබුණු බවත්, මෙම වසරේ පළමු කාර්තුවේ එවැනි පැමිණිලි 43ක් ලැබී ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පැවසුවාය.
ලැබුණු පැමිණිලි ගණන එය වුවත් වාර්තා නොවූ සිදුවීම් තවත් තිබෙන්නට පුළුවන් බව ද ඇය කීවාය.
උඩගම මහත්මිය එලෙස පැවසුවේ ඊයේ (29) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
‘වද හිංසාවට තිත‘ මැයෙන් අද (30) ද්වීප ව්‍යාප්තව පවත්වන පාගමන සහ වද හිසා තුරන් කිරීමට මානව හිමිකම් කොමිසම ගන්නා ක්‍රියාමාර්ග ගැන දැනුම්වත් කිරීමට එම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබිණි.
එහි දී අදහස් දැක්වූ ආචාර්ය දීපිකා උඩගම මහත්මිය මෙලෙස ද කීවාය.
‘‘පුද්ගලයන් අතුරුදන් කිරීමේ සිදුවීම් මෑත කාලයේ වාර්තා නොවූවද වද හිංසා පැමිණවීමේ සිදුවීම් රැසක් වාර්තා වෙනවා. විශේෂයෙන් පොලිස් භාරයේ සිටිය දී වද හිංසාවට ලක්වන පුද්ගලයන් ගැන වාර්තා වෙනවා.
වද හිසාවට තිත තැබිය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වද හිංසාවලින් වැලකීමේ අයිතියක් ජනතාවට තිබෙනවා. ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමා පනවා නෑ. වද හිංසාව වද හිංසාව කිසිම ආකාරයකින් සාධාරනී කරණය කරන්න බැහැ. ගැටුම්කාරී අවස්ථාවල වුවත් වද හිංසාව සාධාරීකරණය කරන්න බැහැ.
1994 අංක 22 දරණ වද හිංසාවට එරෙහි ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලංකාවේ නීතියට ඈඳෑ ගැනීමේ පනත අනුව වද හිංසාව අපරාධයක්. අපරාධ නීතිය යටතේ නීතිය ක්‍රියාත්මක විය හැකියි.
නිල බලය භාවිත කරමින් මානසික හෝ ශාරීරිකව වේදනාවක් ඇති කිරීමයි වද හිංසාව කියන්නේ.
තොරතුරු ලබා ගන්න සහ දඬුවමක් වශයෙන් නිල බලයෙන් වද හිංසාව පමුණවනවා. මෙය නීතිය අනුවත් වරදක්. මීට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතුයි. වද හිංසනය එරෙහිව දශක ගණනක් තිස්සේ දැඩි පියවර ගැනීමේ අඩුකමක් තියෙනවා.
වද හිංසන ලබා දී සැකකරුවන්ගෙන් ප්‍රකාශ ගැනීම ප්‍රථාමික දෙයක්. සැකකරුවන්ගෙන් තොරුතරු දැනගැනීමට වෙනත් උපක්‍රම තිබෙනවා. ඒ සඳහා මනෝවිද්‍යාත්මක ක්‍රම තිබෙනවා. පොලිසියේ වෘත්තීය තත්ත්වය ඉහළ නැංවිය යුතුයි. එමෙන්ම පොලිස් සාමාජිකයන්ට පුහුණු වැඩසටහන් පැවැත්විය යුතුයි. නවීන තාක්ෂණය ගැන දැනුම්වත් කළ යුතුයි.
වද හිංසා අවම කිරීම සඳහා මහජනතාව දැනුම්වත් කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අපි වෙනම අද (30) උදේ 8.30 පාගමනක් සූදානම් කර තිබෙනවා. ප්‍රධාන කාර්යාලයයෙන් ආරම්භ වන දැනුම්වත් කිරීමේ පාගමනට ජනපතිට, අගමැතිට, කතානායකට සහ මැතිඇමැතිවරුන්ටත් ආරාධනා කර තිබෙනවා.
ඊට සමගාමීව අපේ ප්‍රාදේශීය කාර්යාලවලත් දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙනවා. දැනුම්වත් භාවය තුලින් වද හිංසා වැලැක්වීමට කටයුතු කළ යුතුයි. ‘‘
මෙම මාධ්‍ය හමුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වුණු අතර කොමසාරිස්වරුන් වන ආචාර්ය උපනන්ද විදානපතිරණ සහ අම්බිකා සද්ගුනනාදන් ද සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් ඉතින් බොහෝ දෙනෙකුට දඬුවම් ලැබෙයි නේද? (නි)
තව නොබෝ දිනකින් බලාගන්න පුළුවන් ගෙවල් වල සිද්ධවෙන වධ හිංසාත් මොනවගේද කියලා (නි)
රටක වැදගත්කම පෙන්වන ප්‍රධානම සාධකයක් ලෙස මානව අයිතිවාසිකම් සුරැකීම හඳුන්වන්න පුළුවන්. ප්‍රමාද වී හෝ මානව අයිතිවාසිකම් කඩවීම වළක්වා ගැනීමට උගත් බුද්ධිමත් කාන්තාවක් වෙත බලය පවරාදීමෙන් වත්මන් රජය ගත් පියවර ආරක්ෂා කරගැනීමට සියලුම රාජ්‍ය සංස්ථා සිය සහයෝගය මෙම කොමිසමට ලබාදීමට උත්සුක වියයුතුයි. (නි)
අපි රාජකාරි කරන ස්ථානයේ ප්‍රධානියා විසින් පහල අය තලාපෙලා අපහසුතාවන්ට ලක්කරනවා.අසාධාරන බොහෝමයක් කරනවා.ඒ ඒ නිල වලට පවරා ඇති රාජකාරි වෙනම තියනවා.ඒත් ඒ නිල වල ඉන්න අය ගොඩක් අපහසුතාවන්ට ලක්කරනවා.එම නිලධාරියා ඒකාධිපති පාලනයක් අරන්යන්න හදන්නේ.අපට වෙන අකටයුතු කමි වලට පිලියමක් ගන්නේ කෝමද