2005 ගැසට් පත්‍රය අනුව අවස්ථා දෙකකදී බඳවාගත් විදුහල්පතිවරුන්ට යළි උසස්වීම් ලබාදීම දෙයාකාරයකට සිදුකිරීම නිසා අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටු නොකර වත්මන් ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳ විරෝධය පා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද විදුහල්පතිවරු 500ක් පමණ උද්ඝෝෂණයක නිරත වූහ.
මේ සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත විසඳුමක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පාලිත ඉලංගසිංහ මහතා පොරොන්දු වූ බව ලංකා ගුරු සංගමය පවසයි.
ඡායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ මද්යම මහා විද්‍යාලවල සිටින්නේ එම විදුහල් වලට කිසිසේත්ම සුදුසු නැති උගත්කමක් නැති උපාදියක් නැති විදුහල්පතිවරු.ගම් පළාවත්වල පමණක් නොවෙයි කොළඹට ආසන්න ප්‍රදේශවල පවා තත්වය මෙයයි .මෙම විදුහල්පතිවරුන්ට උසස්පෙළ සිසුන්ට ගුරුහරුකම් දීමට පාවා දැනුමක් නෑ .මොවුන් වෙනුවට උපාදිධාරි විදුහල්පතිවරුන් මෙම මධ්‍යම මහා විදුහල්වලට පත්කරන මෙන් අධ්‍යාපන ඇමතිතුමාගෙන් දෙමාපියන් ලෙස අපි ආයාචනය කරමු (බ)