(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු එම පාසලේ 9ශ්‍රේණීයේ සිසුවෙකුට කළ පහරදීමකින් සිසුවා රෝහල්ගත කර ඇත.

පාසලේ සිසුවෙකු තවත් සිසුවෙකුට බෙලි ගෙඩියකින් කළ පහරදීමකින් පහරකෑමට ලක්වූ සිසුවාගේ හිස ප්‍රදේශයට සිදුවූ තුවාල සිදුව තිබේ. මේ

 හේතුවෙන් පාස‌ලේ විදුහල්පතිවරයා විසින් පහරදීම සිදු කළ බව කියන සිසුවා කැදවා ඇත.

මෙලෙස පහරදීම සිදු කළ සිසුවාගේ නමට සමාන නමක් ඇති සිසුවෙකු විදුහල්පතිවරයා අභියසට කැදවාගෙන ආ අවස්ථාවේ අදාල විදුහල්පතිවරයා මෙම සිසුවාගේ පිට ප්‍රදේශයට සහ කන ප්‍රදේශයට පහරදීමක් සිදු කළ බව අදාල සිසුවා නිවසට ගොස් සිය මිත්තනියට පවසා ඇත.

කන ප්‍රදේශයට පහරදීම සිදු කර සුළු මොහොතකට පසු සිසුවාට වමනය යාමක් සිදුව ඇති අතර පසුව පන්තිභාර ගුරුතුමිය විසින් සිසුවාට ඖෂධයක් ලබා දීමට කටයුතු කර ඇති බවද මිත්තනිය පැවසීය.

පහරදීම සිදු කළ සිසුවා නිෂ්චිතවම සොයා නොබලා ඒම ස්ථානයේවත් නොසිටි සිය මුණුපුරාට පහරදීමට අදාල විදුහල්පතිවරයා කටයුතු කර ඇතැයි ඇය චෝදනා කර සිටියහ.

පසුව මෙම සිසුවා රාත්‍රී කාලය වන විට හිස ප්‍රදේශයේ තදබල වේදනාවක් සහ පෙනීමේ දෝෂ්‍යක් ඇති බව පැවසීමත් සමග නිවැසියන් විසින් සිසුවා මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇත.