බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවත්වන වර්ෂාවසාන විභාගයේ 11 ශ්‍රේණිය ගණිතය ප්‍රශ්න පත්‍රය කළින් පිටවීම සම්බන්ධයෙන් දිවුලපිටියේ පාසලක විදුහල්පතිවරයකු සහ ගුරු උපදේශිකාවක වහා ක්‍රියාත්මක වන පරිදි මාරු කළ බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.
එම විදුහල්පතිවරයා මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයයටත්, ගුරු උපදේශිකාව පළාත් අධ්‍යාපන කාර්යාලයයටත් මාරු කර ඇත.
11 ශ්‍රේණිය සිසුනට ලබා දුන් ගණිතය ප්‍රශ්න පත්‍රය පිටවූ බවට ලංකා ගුරු සංගමය ඊයේ (12) පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට පැමිණිලි කළේය.
ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා එදිනම (12) විමර්ශනයක් අරඹා ඇති අතර පිටවීයැයි කියන ප්‍රශ්න පත්‍රය දිවුලපිටිය කොට්ඨාසයේ පාසලකට භාර දුන් ප්‍රශ්න පත්‍ර මිටියක ඇතුළත් වූ බව අනාවරණය වීයැයි පළාත් අධ්‍යාපන කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක නීතියේ අදිපත්‍ය විනාශයෙන් විනාශයට යද්දී මෙවැනි පුවත් සිය දහස් ගුණයකින් ඉදිරියේදී අහන්න දකින්න ලැබේවි.(අ)
මාරු කිරීම උත්තරයක්ද? හිසරදයට කොට්ටය මාරුකරනවා වගේ වැඩක් .(හේ)
මේක නිකන් අතීසාරයට අමුඩය ගැහුවා වගේ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ. මුලින්ම ලෙඩේ සනීප කරන්නේ නැතුව මොනවද මේ කරන්නේ? (නි)
වහා ක්‍රියාත්මක වන පරිදි මාරුකළ බව වරදට දඬුවමක් නොවෙයි නේද? එහෙම නම් මාරුවක් ගන්න ප්‍රශ්න පත්තර පිටකළාම හරිද? (නි)
තැන මාරුවුණාට රාජකාරියට නොහොබිනා වැඩ නවතාවිද? සම්පුර්ණයෙන්ම ප්‍රශ්න පත්‍ර රාජකාරි වලින් සදහටම ඉවත්කර මේ චෝදනා ඔප්පු වුණොත් උපරිම දඬුවම් දෙන්න (නි)
ගුරු උපදේශිකාව, නියම උපදේශිකාවක්නේ! (නි)