බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවත්වන වර්ෂාවසාන විභාගයේ 11 ශ්‍රේණිය ගණිතය ප්‍රශ්න පත්‍රය කළින් පිටවීම සම්බන්ධයෙන් දිවුලපිටියේ පාසලක විදුහල්පතිවරයකු සහ ගුරු උපදේශිකාවක වහා ක්‍රියාත්මක වන පරිදි මාරු කළ බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.
එම විදුහල්පතිවරයා මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයයටත්, ගුරු උපදේශිකාව පළාත් අධ්‍යාපන කාර්යාලයයටත් මාරු කර ඇත.
11 ශ්‍රේණිය සිසුනට ලබා දුන් ගණිතය ප්‍රශ්න පත්‍රය පිටවූ බවට ලංකා ගුරු සංගමය ඊයේ (12) පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට පැමිණිලි කළේය.
ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා එදිනම (12) විමර්ශනයක් අරඹා ඇති අතර පිටවීයැයි කියන ප්‍රශ්න පත්‍රය දිවුලපිටිය කොට්ඨාසයේ පාසලකට භාර දුන් ප්‍රශ්න පත්‍ර මිටියක ඇතුළත් වූ බව අනාවරණය වීයැයි පළාත් අධ්‍යාපන කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
විදුහල්පති/උපදේශක මාරු
තිලක් ඩුබායි Thursday, 13 November 2014 02:28 PM
රටක නීතියේ අදිපත්‍ය විනාශයෙන් විනාශයට යද්දී මෙවැනි පුවත් සිය දහස් ගුණයකින් ඉදිරියේදී අහන්න දකින්න ලැබේවි.(අ)
වීරසිංහ Thursday, 13 November 2014 04:16 PM
මාරු කිරීම උත්තරයක්ද? හිසරදයට කොට්ටය මාරුකරනවා වගේ වැඩක් .(හේ)
ලසිත් Thursday, 13 November 2014 07:49 PM
මේක නිකන් අතීසාරයට අමුඩය ගැහුවා වගේ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ. මුලින්ම ලෙඩේ සනීප කරන්නේ නැතුව මොනවද මේ කරන්නේ? (නි)
ලුම්බිණි Friday, 14 November 2014 01:34 AM
වහා ක්‍රියාත්මක වන පරිදි මාරුකළ බව වරදට දඬුවමක් නොවෙයි නේද? එහෙම නම් මාරුවක් ගන්න ප්‍රශ්න පත්තර පිටකළාම හරිද? (නි)
ජයනි Friday, 14 November 2014 01:45 AM
තැන මාරුවුණාට රාජකාරියට නොහොබිනා වැඩ නවතාවිද? සම්පුර්ණයෙන්ම ප්‍රශ්න පත්‍ර රාජකාරි වලින් සදහටම ඉවත්කර මේ චෝදනා ඔප්පු වුණොත් උපරිම දඬුවම් දෙන්න (නි)
ජෙහාන් Friday, 14 November 2014 01:48 AM
ගුරු උපදේශිකාව, නියම උපදේශිකාවක්නේ! (නි)