
(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ මාහානාම විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය යන විදුහල් සඳහා පත්කර ඇති නව විදුහල්පතිවරුන් සිය ධූරයන්හි කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ලංකා ගුරු සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර දුන්නේය.
ලංකා ගුරු සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වෙරගොඩ මහතා කළ ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ එලෙස අවසර දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලිප් නවාස්, ජනක් ද සිල්වා. සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීණි.
ලංකා ගුරු සංගමය සහ එහි මහ ලේකම් ජොසප් ස්ටාලින් මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රාජ්‍ය සේවා කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇත.
කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ මාහානාම විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය යන විදුහල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේදී අක්‍රමිකතාවයන් වී ඇති හෙයින් එම පත්වීම් බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයිද එම විදුහල්පතිවරුන්ට සිය ධූරයන් වල කටයුතු කිරීම වළකාලන අතුරු නියොග්යක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
311
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුහල්පති හතරකට එරෙහි ලංකා ගුරු සංගමයේ පෙත්සම සංශෝධනයට අවසර
Subhashini Friday, 06 September 2024 10:22 AM
ස්ටාලින් ඉන්නවා නම් මෙතන මොකක් හරි යටි කූට්ටු වැඩක්...