අයියා ද අයියාගේ බිරිය හා පුතා ද හීනෙන් දැක ඇහැ ඇරී වටපිට බලන විට තමා පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රය අසළ ගහක් යට සිටි බව මතක යැයි රාජගිරිය හේවාවිතාරණ විදුහල්පති නාගසිංහ චිත්‍රපාල මහතා ජයවර්ධනපුර රෝහලේ පොලිසියට කළ ප්‍රකාශයේ දැක්වේ.
පොලිසිය ඇසූ බොහෝ ප්‍රශ්න වලට ඔහු උත්තර දී ඇත්තේ මට මතක නැහැ යනුවෙනි.
ගස යටින් නැඟිට සන්නිවේදන මධ්‍යස්ථානයක් ඇති ස්ථානයක් එතැනින් ගිය කෙනකුගෙන් අසා ගෙදරට ඇමතුමක් දුන් බව ද මතක යැයි ඔහු කියා තිබේ.
පැයක් පමණ ඔහුගෙන් ප්‍රශ්න කළත් ඔහුගේ අතුරුදන්වීමට හේතු කිසිවක් සොයා ගත නොහැකි වූ බව ද පොලිසිය පවසයි.
ඔහු ළඟ තිබූ බස් ටිකට් හැඳුනුම්පත් ඇතුළු මුදල් පසුම්බිය ද පොලිස් බාරයට ගැනිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හැමෝම ගොඩක් දේවල් හංගනවා (නදී)
ගෙදරට ඇමතුමක් දෙන්න මතක තිබිලා (නදී)
මොකක් හරි හොර වැඩක් කරන්න ඇති.(හේ)
දැන් නම් මේ මහත්මා විදුහල්පති තනතුරට හරියන්නේ නැහැ (නදී(
මේක සුරංගනා කතාවක් තමයි.(හේ)
ලංකාවෙි ගොඩක් මිනිස්සුන්ට වගේ මෙයාටත් අමතක වෙලා. රටකට ගිය කලක් (නදී)
මානසික ව්‍යාධියක් තියෙනවා dissociative disorder කියල.. කියන්න බෑ මේ මනුස්සය බොරු කරනවද කියල..නමුත් මේ වගේ දේවල් වෙන්න බැරි දෙයක් නෙමෙයි මනෝ වෛද්‍ය විද්‍යාව අනුව.. මම වෛද්‍ය ශිෂ්‍යයෙක් , පොඩි දැනුමක් නැතුව නොවෙයි. (අ)
මේකත් හින්දි මෙගා නාට්ටියක් බලලා තියෙනවා වගේ (නදී)
මේ පුද්ගලයා මේ රැකියාවට සුදුසු නෑ බලදාරීන් කරුණාකර මෙවැනි පුද්ගලයින් මෙවැනි පුටු වලින් ඉවත් කල යුතුයි (අ)
සිහිය විකල් උන අයට පාසැලක් පාලනය කරන්න පුලුවන්ද? (නදී)
සත්‍යය කුමක් වුවත් ඔහු යම් ආකාරයක පීඩාවකින් පෙළෙන බව පෙනෙයි. එවන් අවස්ථාවක එය විහිළුවට ලක්කිරීමට පෙළඹෙන මිනිසුන් ප්‍රමාණය දකිනවිට පුදුම සිතෙයි. ජීවිතය අප වෙනුවෙන් කුමක් සුදානම් කර ඇතිදැයි අපි නොදනිමු. තවත් කෙනෙක්ගේ කරදරයකදී සිනහ නඟන්න එපා. (නි)
පුදුමයි ඒත් ඇත්තයි.(හේ)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු! (නි)
ලංකාවේ ඉතින් ඕවා වුනේ නැත්තන් තමයි පුදුමේ....හීනෙන් ප්ලේන් වල දොරවල් අරින එකේ හීනෙන් ඇවිදින එක පුදුමයක්ද.(හේ)
අපේ අර අමතකවෙන කෙනාගෙන් උපදෙස් අරගෙන වගෙයි (නි)
ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න ඕනේ නැහැ (නදී)
විදුහල්පතිතුමාට කාගේහෝ තර්ජනයක් අැති.ඒ නිසා මතක නැති බව කියනවා වෙන්න පුලුවන්.පොලිසියේ අය ඒක හොයා ගනී.ගුරුපියෙක් නිසා විහිලුවට ගන්න එපා. (ස)
අනේ මෙයාට දැන් මොකුත් මතක නෑ. රටකට ගිය කළ. හැබැයි පුතෝ අපේ පොලිස් මහත්තුරුන්ට ඔය හාඩ් ඩිස්ක් එකේ ගිය මතකය ආපසු ගන්නටත් තියෙන මතකය මකලම දාන්ඩත් පුලුවන්. (නදී)
දුමින්ද සිල්වාගේ පවුලේ කෙනෙක්ද ? (නදී)
මාර වැඩේ කියන්නේ දුරකථන අංකය මතක් වුන එකනේ.(හේ)
නම නාගසිංහ නෙව. ඉතින් නමටම වැඩ (නදී)
මට පෙනෙන්නේ මොහුත් කුමන්ත්‍රණ සුනාමියේ දිය රළට හසුවුණ කෙනෙක් බවයි (නදී)
මෙහෙම ලෙඩක් තියෙනව. ඒකට කියන්නෙ ෆියුග් Fugue තත්වයක් කියල. (නදී)
මට මතක නැහැ චිත්‍රපටියේ අංක 2 විදුහල්පතිට මතක නැහැ (නදී)
මේකනම් ලොකු බොරුවක්. මෙයාට ගෙදර ටෙලිපෝන් නොම්මරයත් මතක තිබිලා. පරාක්‍රම සමුද්‍රය අදුරගන්නත් පුළුවන් වෙලා. එ්ත් අනිත් මොනවත් මතක නැතිලු. පැමිණිල්ලක් පොලොන්නරුව පොලිසියට කරන්නේ නැතුව රජගිරියටම ඇවිල්ලා. පුදුම කතාවක්නේ ? (නදී)
මෙම විදුහල්පතිතුමා ඉහල සේවයක් කල පුද්ගලයෙක්. ඔහුට විරුද්දව කුඩු කාරයෝ පවා සිටියා. මේ සර්ට තර්ජන කරලා භය වද්දල ඇති. ඔහුට නරක දේවල් කරපු කෙනෙකුට වගේ සලකන්න එපා. (නදී)
මෙයත් පොදු අපේක්ෂක කෙනෙක් වෙන්න හිතාගෙන පොළොන්නරු ගියාද දන්නේ නැහැ. (නි)
බැදලත් නැහැල්ලුනේ මෝහිනීගේ දිෂ්ඨියවත් වැහුනද දන්නේ නැහැ විදුහල්පති තුමාට.(අ)
මේ දවස් වලම පොළොන්නරු ගිය එකෙනෙ වැඩේ . (අ)
ඇත්ත කියන්න බයද නැත්තම් මතක නැද්ද සත්‍යය සැගවිය නොහැක.(හේ)
මේ එතුමාට ලැබෙන්ට තිබූ වටිනා අවස්ථාවක් මගහරවන්නට කරපු ලොකු ගේමක් ෂුවර් එකටම.(හේ)
මතක නැති කෙනාට කොහොමද ගෙදර දුරකථන අංකය මතක් වුනේ.(හේ)
අපි නොදන්නා මොනරතැන්න! දෙකක් ඇන්නනම් අමතක වෙච්ච ඔක්කොම වමාරයි මුල සිට අගටම! (අ)
හැමෝම එකතුවෙලා ඒ විදුහල්පතිතුමාට දොස්කියන එක වැරදියි.මේ තාක් මහත්මා විදිහට පාසල ගොඩනංවලා තියෙනවා.දුමින්ද සිල්වාට ඔච්චර ලොකු දේවල් අමතක වෙලත් දැන් ඔය යස අගේට වැඩ කරන්නෙ.ඒවත් එක්ක බලනකොට මේක සුළු සිදුවීමක්නෙ. (නි)
දවල් හීන දකින විදුහල්පති.(හේ)