අයියා ද අයියාගේ බිරිය හා පුතා ද හීනෙන් දැක ඇහැ ඇරී වටපිට බලන විට තමා පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රය අසළ ගහක් යට සිටි බව මතක යැයි රාජගිරිය හේවාවිතාරණ විදුහල්පති නාගසිංහ චිත්‍රපාල මහතා ජයවර්ධනපුර රෝහලේ පොලිසියට කළ ප්‍රකාශයේ දැක්වේ.
පොලිසිය ඇසූ බොහෝ ප්‍රශ්න වලට ඔහු උත්තර දී ඇත්තේ මට මතක නැහැ යනුවෙනි.
ගස යටින් නැඟිට සන්නිවේදන මධ්‍යස්ථානයක් ඇති ස්ථානයක් එතැනින් ගිය කෙනකුගෙන් අසා ගෙදරට ඇමතුමක් දුන් බව ද මතක යැයි ඔහු කියා තිබේ.
පැයක් පමණ ඔහුගෙන් ප්‍රශ්න කළත් ඔහුගේ අතුරුදන්වීමට හේතු කිසිවක් සොයා ගත නොහැකි වූ බව ද පොලිසිය පවසයි.
ඔහු ළඟ තිබූ බස් ටිකට් හැඳුනුම්පත් ඇතුළු මුදල් පසුම්බිය ද පොලිස් බාරයට ගැනිනි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුහල්පති සුරංගනා කතාවක් කියයි
ප්‍රසාද් Monday, 24 November 2014 08:31 AM
ඔය හැමෝම ගොඩක් දේවල් හංගනවා (නදී)
නි ලංක Monday, 24 November 2014 08:32 AM
ගෙදරට ඇමතුමක් දෙන්න මතක තිබිලා (නදී)
රාජපක්ෂ Monday, 24 November 2014 01:32 PM
මොකක් හරි හොර වැඩක් කරන්න ඇති.(හේ)
සමීර් Monday, 24 November 2014 08:42 AM
දැන් නම් මේ මහත්මා විදුහල්පති තනතුරට හරියන්නේ නැහැ (නදී(
පසිදු Monday, 24 November 2014 02:00 PM
මේක සුරංගනා කතාවක් තමයි.(හේ)
සංජු Monday, 24 November 2014 02:59 PM
ලංකාවෙි ගොඩක් මිනිස්සුන්ට වගේ මෙයාටත් අමතක වෙලා. රටකට ගිය කලක් (නදී)
ජනක Monday, 24 November 2014 03:21 PM
මානසික ව්‍යාධියක් තියෙනවා dissociative disorder කියල.. කියන්න බෑ මේ මනුස්සය බොරු කරනවද කියල..නමුත් මේ වගේ දේවල් වෙන්න බැරි දෙයක් නෙමෙයි මනෝ වෛද්‍ය විද්‍යාව අනුව.. මම වෛද්‍ය ශිෂ්‍යයෙක් , පොඩි දැනුමක් නැතුව නොවෙයි. (අ)
රසිත Monday, 24 November 2014 09:59 AM
මේකත් හින්දි මෙගා නාට්ටියක් බලලා තියෙනවා වගේ (නදී)
හේරත් බණ්ඩාර Monday, 24 November 2014 03:43 PM
මේ පුද්ගලයා මේ රැකියාවට සුදුසු නෑ බලදාරීන් කරුණාකර මෙවැනි පුද්ගලයින් මෙවැනි පුටු වලින් ඉවත් කල යුතුයි (අ)
නෙතූ Monday, 24 November 2014 10:12 AM
සිහිය විකල් උන අයට පාසැලක් පාලනය කරන්න පුලුවන්ද? (නදී)
චමින්ද Tuesday, 25 November 2014 03:46 AM
සත්‍යය කුමක් වුවත් ඔහු යම් ආකාරයක පීඩාවකින් පෙළෙන බව පෙනෙයි. එවන් අවස්ථාවක එය විහිළුවට ලක්කිරීමට පෙළඹෙන මිනිසුන් ප්‍රමාණය දකිනවිට පුදුම සිතෙයි. ජීවිතය අප වෙනුවෙන් කුමක් සුදානම් කර ඇතිදැයි අපි නොදනිමු. තවත් කෙනෙක්ගේ කරදරයකදී සිනහ නඟන්න එපා. (නි)
කුමාර Monday, 24 November 2014 10:36 AM
පුදුමයි ඒත් ඇත්තයි.(හේ)
රාන්ස් Monday, 24 November 2014 06:21 PM
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු! (නි)
සුපුන් ඉසන්ක Monday, 24 November 2014 11:03 AM
ලංකාවේ ඉතින් ඕවා වුනේ නැත්තන් තමයි පුදුමේ....හීනෙන් ප්ලේන් වල දොරවල් අරින එකේ හීනෙන් ඇවිදින එක පුදුමයක්ද.(හේ)
තිලක් Monday, 24 November 2014 07:14 PM
අපේ අර අමතකවෙන කෙනාගෙන් උපදෙස් අරගෙන වගෙයි (නි)
දිල්ශාන්ත පීරිස් Monday, 24 November 2014 07:25 PM
ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න ඕනේ නැහැ (නදී)
මාලා Tuesday, 25 November 2014 05:08 AM
විදුහල්පතිතුමාට කාගේහෝ තර්ජනයක් අැති.ඒ නිසා මතක නැති බව කියනවා වෙන්න පුලුවන්.පොලිසියේ අය ඒක හොයා ගනී.ගුරුපියෙක් නිසා විහිලුවට ගන්න එපා. (ස)
සෝමදාස Monday, 24 November 2014 12:10 PM
අනේ මෙයාට දැන් මොකුත් මතක නෑ. රටකට ගිය කළ. හැබැයි පුතෝ අපේ පොලිස් මහත්තුරුන්ට ඔය හාඩ් ඩිස්ක් එකේ ගිය මතකය ආපසු ගන්නටත් තියෙන මතකය මකලම දාන්ඩත් පුලුවන්. (නදී)
ඉෂාරා දමයන්ත Monday, 24 November 2014 09:17 PM
දුමින්ද සිල්වාගේ පවුලේ කෙනෙක්ද ? (නදී)
කුමාරි Monday, 24 November 2014 12:19 PM
මාර වැඩේ කියන්නේ දුරකථන අංකය මතක් වුන එකනේ.(හේ)
කවිඳු Monday, 24 November 2014 12:27 PM
නම නාගසිංහ නෙව. ඉතින් නමටම වැඩ (නදී)
ලියොන් ගුනවර්දන Monday, 24 November 2014 10:23 PM
මට පෙනෙන්නේ මොහුත් කුමන්ත්‍රණ සුනාමියේ දිය රළට හසුවුණ කෙනෙක් බවයි (නදී)
ප්‍රනාන්දු Monday, 24 November 2014 10:54 PM
මෙහෙම ලෙඩක් තියෙනව. ඒකට කියන්නෙ ෆියුග් Fugue තත්වයක් කියල. (නදී)
වරුණ Tuesday, 25 November 2014 06:03 AM
මට මතක නැහැ චිත්‍රපටියේ අංක 2 විදුහල්පතිට මතක නැහැ (නදී)
සෙනරත් Monday, 24 November 2014 12:34 PM
මේකනම් ලොකු බොරුවක්. මෙයාට ගෙදර ටෙලිපෝන් නොම්මරයත් මතක තිබිලා. පරාක්‍රම සමුද්‍රය අදුරගන්නත් පුළුවන් වෙලා. එ්ත් අනිත් මොනවත් මතක නැතිලු. පැමිණිල්ලක් පොලොන්නරුව පොලිසියට කරන්නේ නැතුව රජගිරියටම ඇවිල්ලා. පුදුම කතාවක්නේ ? (නදී)
සේන Tuesday, 25 November 2014 06:07 AM
මෙම විදුහල්පතිතුමා ඉහල සේවයක් කල පුද්ගලයෙක්. ඔහුට විරුද්දව කුඩු කාරයෝ පවා සිටියා. මේ සර්ට තර්ජන කරලා භය වද්දල ඇති. ඔහුට නරක දේවල් කරපු කෙනෙකුට වගේ සලකන්න එපා. (නදී)
වජිර Monday, 24 November 2014 11:21 PM
මෙයත් පොදු අපේක්ෂක කෙනෙක් වෙන්න හිතාගෙන පොළොන්නරු ගියාද දන්නේ නැහැ. (නි)
සත්‍යපාල Monday, 24 November 2014 08:03 AM
බැදලත් නැහැල්ලුනේ මෝහිනීගේ දිෂ්ඨියවත් වැහුනද දන්නේ නැහැ විදුහල්පති තුමාට.(අ)
හැරිස් Monday, 24 November 2014 08:07 AM
මේ දවස් වලම පොළොන්නරු ගිය එකෙනෙ වැඩේ . (අ)
සම්පත් Monday, 24 November 2014 08:11 AM
ඇත්ත කියන්න බයද නැත්තම් මතක නැද්ද සත්‍යය සැගවිය නොහැක.(හේ)
යසස් Monday, 24 November 2014 08:14 AM
මේ එතුමාට ලැබෙන්ට තිබූ වටිනා අවස්ථාවක් මගහරවන්නට කරපු ලොකු ගේමක් ෂුවර් එකටම.(හේ)
කැළුම් Monday, 24 November 2014 08:16 AM
මතක නැති කෙනාට කොහොමද ගෙදර දුරකථන අංකය මතක් වුනේ.(හේ)
ඉසුරන්දි දෝහා Monday, 24 November 2014 08:21 AM
අපි නොදන්නා මොනරතැන්න! දෙකක් ඇන්නනම් අමතක වෙච්ච ඔක්කොම වමාරයි මුල සිට අගටම! (අ)
ෆරීනා Tuesday, 25 November 2014 01:16 AM
හැමෝම එකතුවෙලා ඒ විදුහල්පතිතුමාට දොස්කියන එක වැරදියි.මේ තාක් මහත්මා විදිහට පාසල ගොඩනංවලා තියෙනවා.දුමින්ද සිල්වාට ඔච්චර ලොකු දේවල් අමතක වෙලත් දැන් ඔය යස අගේට වැඩ කරන්නෙ.ඒවත් එක්ක බලනකොට මේක සුළු සිදුවීමක්නෙ. (නි)
කුමාර Monday, 24 November 2014 01:12 PM
දවල් හීන දකින විදුහල්පති.(හේ)