රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයයයේ අද (19) සවස ජනපති ප්‍රධානත්වයෙන් පැවැති මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට පැමිණෙන බව කියා පාසලෙන් උදෑසන පිටවී ගිය විදුහල්පති නාගසිංහ චිත්‍රපාල මහතා අද සවස්වන තුරුත් පැමිණ නැතැයි ඔහුගේ වැඩිමල් සහෝදරයා කොට්ටාව පොලීසියට පැමිණිලි කැර ඇත.
කොට්ටාවේ පදිංචි විදුහල්පතිවරයා අද උදේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට පාසලේ යතුරු බාර දී තමා පැමිණිම ප්‍රමාදවන බව කියා පාසලෙන් පිටව ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා අර කොහෙටද වැටුණා කියපු මැණික් වැස්සේ මැණික් අහුලන්නවත් ගියාද? ඇත්තටම එතුමාට මොකද දන්නෙ නැහැ වුණේ? (නි)
ප්‍රාදේශීය දේශපාලන හස්තයකින් යම් බලපෑමක් වුණාද දන්නෙ නැහැ. රටවැසියන්ට නිදහසේ ස්වාධීන මතයක් දරන්නට හෝ දේශපාලනයක් කරන්නට ඉඩ ඇහිරෙමින් පවතින බව පෙනෙනවා. (නි)
මම කාටවත් රිදවන්න නෙමෙයි මේ කියන්නේ, ශ්‍රී ලංකාව ලෝකයේ උතුම්ම රට මා ඉපදුණු රට මා මැරෙන රට මැරුණු පසු මම පස් වන්නේද මේ පොළොවටයි. හැබැයි රට යන විදිය නම් එතරම් සුබ නැහැ.(දිල්)
ඔහුට හදිසි අසනීපයක්වත් හැදුනාද දන්නෙ නැහැ (නි)
කෝට්ටේ ප්‍රදේශයේ රජයේ ඉඩම් පේන්න බැරි ප්‍රාදේශීය දේසපාලුවෙකුගේ බලපෑමට විදුහල්පති වරයා අතුරුදහන් වුණා. මේ විදුහලේම ආදී ශිෂ්‍යයෙක් වන ඔහුට විශේෂ තැනක් දුන්නේ නැහැ කියල තර්ජනය කරලා කියල ආරංචියි. (අ)
ගමගේ මහතා කිවුවා වගේ ඔය ආගිය තැනක ප්‍රෙෂර් එක වගේ රෝගයක් වැඩිවෙලා රෝහල්ගතවෙලා ඉන්නවද දන්නේ නැහැ. (නි)
යුද්ධය තිබුන කාලයේ නම් සිතන්න දේවල් තිබුනා. අසනීපයක් නොවෙයි නම් ඉතින් අංජනමක්වත් බලන්න වෙන තත්ත්වයක් තමයි අද රටේ පවතින්නේ. (නි)
කිසිම හෝඩුවාවක් නොලැබෙන්න විදියක් නැහැ. පොඩ්ඩක් ඉවසලා බලමු (නි)
මේවා හොඳ පෙරමඟ ලකුණු නෙමෙයි. දැන් එක විද්‍යාගාරයක් විවෘත කරලා දවස් ගානෙන් ගිනිගත්තා. ඒ පාර මේ විද්‍යාගාරය විවෘත කරන්නත් පෙරම විදුහල්පතිතුමා අතුරුදහන් (නි)
එතුමාව කප්පමකටවත් උස්සාගෙන ගිහිල්ලද දන්නේ නැහැ. අද රටේ එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. (නි)
හොඳට බලන්න එතුමා අස්වීමේ ලිපියක්වත් ලියා තබා ගිහිල්ලාවද්ද කියලා (නි)
නාග ලෝකේට පණිවිඩයක් ඇරලා බලන්න !! (අ)
මේක විහිළුවක් නෙමෙයි.... ! මනුෂ්‍යයෙක් අතුරුදහන් වීමක් .... රාජ්‍ය නායකයා එන තැනක ඉන්න ඕනේ ප්‍රධානියා අතුරුදහන් වෙලා කියන්නේ තවත් සීරියස් .........මේ ගැන නිවැරදි පොලිස් පරීක්ෂණයක් පවත්වල ඇත්ත තත්වය හෙළි කර ගත යුතුයි.... මෙතුමා දේශපාලනික වශයෙන් මහින්ද ජනාධිපතිතුමාට විරෝධය පාල නෑවිත් හිටියද කියල සැක කරන්න පුළුවන්...(අ)
සත්‍යපාල ප්‍රකාශ කල සත්‍යය පිළිබඳව මටත් යම් සැකයක් ඇති වුනා. (අ)
ගාලු පළාතේ විදුහල් පතිවරයෙකුගේ වයස 19 ක එකම පුතා අතුරුදහන්වී ඇති බවට අනුවේදනීය පුවතක් ද ඊයේ පුවත්වල පලවුවා ඇති දක්ෂ නිලධාරීන් ඇති අපේ රහස් පොලිසිය මේ අභිරහස් සිද්දීන් ගැන වහාම සොයා බැලිය යුතුය
විදුහල්පතිතුමා කොහේ ගියාද? (නි)
විදුහල්පතිතුමාට අනාගතය ගැන යම්දෙයක් තේරිලාවද්ද මේ තීරණය ගත්තේ? (නි)
මේකත් ආසියාවේ අශ්චර්යක්ද ?..ජනාධිපති නෙවෙයි කව්රු ආවත් පාසලේ මොකක්හරි වැඩකට යන්න ඇති . ඔන්න නියම විදුහල්පති වරු . කොහේ හිටියත් ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙන්න ඕන .(ස)
ඒ මහත්මයා ඕනෑකමින්ම ගිය ගමනක් වගේනේ හරියට මේක. අනේ මන්දා! (නි)
පුදුම වැඩක්නේ ! කලබලකාරී උදැසන කාලයේ රාජගිරිය වගේ ජනාකීර්ණ ප්‍රදේශයක මෙහෙම දැන උගත් වැඩිහිටියෙක් හිටි ගමන් අතුරුදන් වුනා කිවම. (බ)
මටත් මොකුත්ම හිතාගන්න අමාරුයි (නි)
හිතාගන්නත් අමාරුයි. මොනවා වෙනවාද මන්දා මිනිසුන්ට. (නි)
මොකක් හරි පුද්ගලික ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් නේද?? (නි)
හොද නැකතක් බලන්න ගියාද? නිරුපද්‍රිතව හමු වේවා!(හේ)