මීගමුව ශාන්ත මරියා විදුහල්පති මැක්ස්වෙල් ප්‍රනාන්දු (59) මහතා කැපුම් තුවාල සහිතව පාසලේ නාන කාමරයේ වැටී සිටි බවත් රෝහලට ඇතුළු කරන විට ඔහු මිය ගොස් සිටි බවත් පොලීසිය කියයි.
අද උදේ 6.30ට පමණ ඔහු පාසලට පැමිණ ඇති බව ද, 7.30ට පාසලේ උදේ රැස්වීමට විදුහල්පති සොයන විට තුවාල සහිතව වැටී සිටිනු දැක ඇති බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ලංකාවට යන්න කියලා ටිකට් එක අතට ගනිද්දී පුදුම බියක් ඇති වෙන්නේ. (නි)
අරහෙන් දණ ගස්සනවා ,මෙහෙන් මරනවා, එහෙන් උස්සනවා. ගුරුවරුන්ට මහා අපල කාලයක් උදාවෙලා ආයුබෝවන්.... (ස)
පහු ගිය දවස්වල රට තුල ආන්දෝලනයක් ඇති කල සිදුවීමත් සිහිට නැගෙන විට කොහොමද අප්පෙ විදුහල්පතිලා විස්වාස කරන්නෙ..... (ස)
අපේ අනාගතය දැන් ඉතාම භයානක තත්වයකට පත්වෙලා. (ස)
තබුක් සිල්වා කීවා වගේ අද කාලේ කොහොමද විදුහල්පති කෙනෙකුව විශ්වාස කරන්නෙ.මෙහි රහසත් එළි විය යුතුමයි. (ස)
ඉතාමත් ඛේදජනක සිද්ධියක්. මෙතුමා වසර 10 ක් මීගමුවේ ශා.මරියා විදුහලේ විදුහල්පති වශයෙන් සේවයකොට තිබෙනවා. ලබන නොවැම්බර් මස විශ්‍රාම යාමට නියමිතව සිටි බවද දැනගන්න තිබෙනවා. බොහෝ දුරට මෙය මිනීමැරුමක් විය හැකියි. අපරාධකාරයින් ගැන ළඟදීම හෙළිදරව් වේවි.මෙය සමාජය කොතරම් පිරිහීමකට පත්වී ඇද්ද යන්න ගැන උදාහරණයක් සපයන තවත් එක් කණගාටුදායක සිද්ධියක්. එතුමාට නිවන් සුව පතමි! (නි)
කුඩු ගහන්න පුරුදු වුණ ඉස්කෝලේ යන පාතාලයොත් දැන් ඉන්නවා. මේක එයාලගේ වැඩක්ද දන්නේ කොහොමද? (නි)
ජයසූරිය 2013-09-30 10:12:43 අරහෙන් දණ ගස්සනවා ,මෙහෙන් මරනවා, එහෙන් උස්සනවා. ගුරුවරුන්ට මහා අපල කාලයක් උදාවෙලා ආයුබෝවන්.... (ස)
මම දැක්කා පුවත් පතක තියෙනවා නඩු කාරයෙක්ගේ පුතෙකුත් සුදු වෑන් වලින් ඇවිත් උස්සන් ගිහින්, නැවත හවස ගෙනත් දාල කියලා.දැන් ඉතින් හොඳ හොඳ තීන්දු තීරණ ඉදිරියේදී ලබා දේවී.රටට ගිය කල දසාව ගැන නම් හරිම දුකයි. (ස)
අපට ජීවිත කාලයේම අහන්න නො ලැබුන අධර්මිෂ්ට පිළිකුල් සහගත සිද්ධීන් දැන් හැමදාම අහන්න ලැබෙන්නේ. අද ලංකාවේ වැඩිපුර ඉන්නේ සත්තු, මිනිස් ගුණධර්ම තිබෙන අය නොවී. ඒවට මුලින්ම වග කියන්න ඕන දේශපාලකයින්. ඔවුන් ගේ ක්‍රියා පරිපාටිය නිසා හැමදාම රණ්ඩු, කෝලාහල, මිනීමැරීම් වෙනවා. (ස)
තබුක් සිල්වා , හැම විදුහල්පතිම එකම මිම්මෙන් මනින්න එපා. (නි)
ටිකිරි බණ්ඩෝ, මේකට කියන්නේ විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලය කියලා. උද්ධමන වේගය ඉහළ යනකොට ප්‍රභු මර්දන වේගයත් වැඩි වෙනවා (නි)
දවසකට ප්‍රවෘත්ති වලින්ම අපරාධ කීයක් නම් දකින්න තිබෙනවද? (නි)
මේකට එක හේතුවක් තමයි හැම දෙයකටම එකම විසඳුම වෙඩි තියන එක හරි කපා කොටා මරා දමන එක හරි කියලා උලුප්පලා පෙන්නන රිදී තිරය හෝ පුංචි තිරය. මිනිස්සුත් ඉතින් මේවා බලලා ඒ ආකාරයට කරන්න පෙළඹෙනවා (නි)
කොහොමද වැඩේ? පිළිවෙතින් පෙළ ගැහෙන එක අතිශයින්ම සාර්ථක වී ඇති බව දැන් පේනවා නේද? අපට කණගාටුයි පුංචි රෝමය ගැන. කුඩුකාරයෝයි, කප්පම්කාරයොයි රජ වෙලා.මීගමුවේ සිටින සෑම ආගමික නායක පුජක උතුමන්ලා එකාවන්ව නැගී සිටිය යුතු කාලය පැමිණ තිබේ. (නි)
එය සියදිවි නසාගැනීමක්.බොරුවට කලබල වෙන්න එපා මිනිසුනේ. (නි)
එක් පාසැලක ලමයි වගයක් ගුරුතුමියට නින්ද යන්න වතුර බෝතලයට බෙහෙතක් මුදු කරලා දුන්නා කියලා ආරංචි වුනේ නැද්ද?
අද සේරටම මැරුම් කන්න වෙන තැනට මේ රට පත් කල අපරාධකරයින්ට නම් හොඳක් සිද්ධ වෙන්ට එපා... (ස)
ළමයෙක් පාසැලට ගන්න බැහැ කියලද? (නදී)
කොහොමද එහෙම උනේ.(නදී)
මේක රටක්ද මිනි කන්නන්ගේ දේශයක්ද? (නදී)
අද දවසේ උදෙන්ම විදුහල්පති කෙනෙක් මරලා. ලංකාවේ නීති හුගක් තද කලා නම් අද මේ වගේ දේවල් වෙන එක අඩු වේවි. සිංහලයා ගාවත් දැන් දැන් තිරිසන් ගති පැතිරිලා. පාසලක මුලිකයා මෙහෙම පාසැල තුල උදේම මැරුව එක ගැන අපට ලොකු සැකයක් තියෙනවා. දරුවන් ගැන උනත් දැන් පාසලට යවන එක ගැන දෙවරක් හිතන්න වෙලා නේද? (නදී)
කොහොමද එසේ සිදුවන්නෙ.. තනියමද හිටියේ... (ස)
විදුහල්පති කියන්නේ බෙල්ල ගහල යන ජොබ් එකක්. (ස)