රට ගිහින් බැටකන ගුටි කන ජනතාවට රටේ ජිවත් වෙන්න ආර්ථිකයක් හදන්න ආණ්ඩුව අසමත් වී යැයි ජවිපෙ මන්ත්‍රී ‘එතෙර අපි‘ සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අද (15) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘පසුගියදා ඇතිවූ ගංවතුර ගැලීමෙන් පසු විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් විදේශගත ශ‍්‍රී ලාංකිකයින් විශාල පිරිසක් පුද්ගලිකවත් එතෙර අපි සංවිධානය සමගත් එකතුවී කටයුතු කළා. ඔවුන් විශාල වශයෙන් ආධාර උපකාර කළා. එම සියලූ දෙනාටම එතෙර අපි සංවිධානය ලෙස අපි ස්තූතිවන්ත වෙනවා. ඔවුන් විදේශගත වෙලා සිටියත් තමන්ගේ රටේ සහෝදර ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කළා‘ යැයි ද හඳුන්නෙත්ති මහතා කීය.
‘විදේශ ගත ශ‍්‍රී ලාංකිකයින් තමන්ගේ විවිධ ගැටලූ සඳහා මැදිහත් වෙන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලා තිබියදී ඒවාට මැදිහත් නොවී නොඉල්ලූ රක්ෂණ ක‍්‍රමයක් දීලා තියෙනවා. කටාර් එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් වලටද මෙම රක්ෂණ ක‍්‍රමය හදුන්වා දී තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව පැහැදිළි කළ යුතුයි මේ රක්ෂණ ක‍්‍රමය කවුරුන් වෙනුවෙන්ද ඊට තිබෙන පදනම මොකක්ද කියලා‘ යැයි ද ඔහු එහිදී සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුතුම ජාතියේ මිනිස්සු ඉන්න රටක් මේක (නි)
රක්ෂණ කීයක් තියනවද? අපි කටාර් වල වැඩ කැරෙන්නේ. අපිට දැනටම අපි වැඩකරන සමාගමෙන් අපිව රක්ෂණය කරලා තිබෙනවා. තව මොන එකකටද රක්ෂණය කරන්නේ. (නි)
මැතිවරණ කාලවලදී විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් දේශපාලකයන් දෙන පොරොන්දු ඉටුවුනා නම් මේ වෙනකොට " අනේ දැන් අපට හොඳටම ඇති කියන" තරමටමය. ඒවගේම විදේශ රටවලට පැමිණ මෙවැනි සංවිධාන ඉදිරියේ දේශපාලකයන් දක්වන ආදරය , කරුණාව සමඟ අසන බයිලාද අපට හොඳටම පුරුදුය. ඇත්තටම තේරුම් ගන්නවා නම් අපට ඇත්තේ දේශපාලකයන් ගැන පිළිකුලක් සමඟ කණගාටුවකි. ශ්‍රිලංකාවේ සේවයේ යෙදෙන කෙනෙකුට අවු.55 කින් විශ්‍රාම වැටුපක් ලැබිය හැකි වුනත් ඉතාලිය වගේ රටක එය අවු. 67 මාස 6 ක් පමණ සහ අඩුම අවු. 20 සේවා කාලයක් තිබිය යුතුය. අවු.60 කින් පසු සේවයේ යෙදීම බොහෝ අයට හැකිවන්නේ නැත. ඉතිරි කර ගත්ත මුදලකින් විශ්‍රාම වැටුපක් ලැබෙන තෙක් ජිවත් වුනත් මේ කාලය ඇතුළත පුද්ගලික රෝහලකට යන්න වුනොත් සාදාගත් ගේදොර විකිණීමට සිදු වෙනවා ඇත. අපි රටට එවන මුදලකින් සාධාරණ මුදලක් රජය විසින් විශ්‍රාම වැටුපක් වෙත යොමු කරන්නේ නම් එය විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ඉතා වැදගත්ය. (ර)
විදේශගත වූ අයගෙන් රජයට ඕනෑ ඔවුන් හම්බකරන සල්ලි ටික ලංකාවට ගෙන්නාගෙන අර බදු මේ බදු කියලා හූරාකන්න විතරයි. (නි)
රටට ආණ්ඩු කරන්න වැඩියෙන්ම සල්ලි සොයලා දෙන විදේශ ශ්‍රමිකයන්ට මොන ආණ්ඩුව ආවත් කිසිම සෙතක් නැහැ. අපෙන් ඡන්ද වැටෙන්නේ නැති නිසා වෙන්න ඇති (නි)
බැංකු ණයක් ගන්න ගිහාම විදේශ රැකියා කරන අයට දෙන්නේ නැහැ. රටේ නැති ලියුම් ඉදිරිපත් කරන්න ඕනේ. හැබැයි ඒ බැංකුවේ තියෙන ගිණුමට සල්ලි එවද්දී හොදයි. මමත් කටාර් රාජයේ සේවය කරන්නේ. අපිව හොද ජිවිත රක්ෂණයකට ඇතුල් කරලා තියෙන්නේ මේ ආයතන වලින්. එහෙව් එකේ අඩුම තරමේ ඩියුටි ෆ්‍රී සහනයක්වත් දෙනවනම් හොදයි ඔය වැඩි සම්බාදක අඩුකරලා. (ර)
මම ඉන්නෙත් කටාර්. මේ රක්ෂණය නිසා අපේ රටේ පිරිමි පාර්ශවයට විශාල අසාධාරණයක් වෙලා තියනවා. පිරිමි කට්ටිය වෙනුවෙන් ලංකා මුදලින් 14,500 ක් පමණ රක්ෂණය සඳහා මෙහෙ කම්පැණි වලින් වෙන්කළ යුතුයි. මේ හේතුවෙන් ලංකාවේ පිරිමි අයට වීසා ලබාදීම ගොඩක් ආයතන ප්‍රතික්ෂේප කරනවා. ගෘහ සේවය සඳහා එන කාන්තාවන්ගේ රක්ෂණය එ්ජන්සි මඟින් කරනවා. කාන්තාවන් එන එක අඩුකර පිරිමින් එවනවා වෙනුවට පිරිමින් එන එකට වැට බැඳීමක් විතරයි මෙමගින් සිදුවෙන්නේ. ඇයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කරන රක්ෂණය මදිද මෙහෙම බොරු වැඩ කරන්නේ. (නි)
වරද තිබෙන්නේ විදේශ සේවයට යන්නවුන් නියම දැනුවත්විමකින් තොරව විදේශගතවිමයි. කළයුත්තේ විදේශ සේවයට යන්නවුන් හට නිවැරදි මඟපෙන්වීමේ වැඩසටහනක් දියත්කිරිමයි (නි)
අපිත් දැන් අවරුදු ගණනාවක් ඉන්නේ විදෙස්ගත වෙලානේ. එ්ත් යහපතක් නම් පෙනෙනතෙක් මානෙකවත් නැහැ. ගුවන් තොටුපොළ ගාස්තු නම් වැඩි වෙනවා. ඒ ඇරෙන්න කතාව විතරයි. කාට කියන්නද මේ අවනඩු. (නි)
මේ වෙනකම් විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් කිසිම ආණ්ඩුවක් හෝ ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් කරපු දෙයක් නැහැ. වෙලාව බලලා නමක් දාගෙන රටින් පිට ඉන්න අපෙන් මුදල් කඩාගෙන තමන්ගේ පක්ෂ වලට ලකුණු දාගන්න එක තමා ඔය හැමෝම කරන්නේ. හැමදාම කරන්නේ ඡන්ද ටික බාගන්න බොරුවට මාධ්‍ය සංදර්ශන පවත්වන එක. (නි)
කටාර් සහ එමිරේට්ස් වල තියෙනවා වැඩකරන ආයතන වලින් පිරිනමන ගොඩක් හොඳ රක්ෂණ ක්‍රමයක්. මේක විදේශ සේවයෙන් ඇතිකරගත්ත මොකක් හරි ගැහිල්ලක් තමයි. (නි)
ඔය කිසිම දෙයක් වැඩක් නැහැ. විදේශගත ලාංකියන්ට ලබාදෙන්න ඕනෑ විශ්‍රාම ක්‍රමයක් හා වාහනයක් ගන්න බලපත්‍රයක්. කෝ ඒවා? (නි)
හැම ආණ්ඩුවක්ම අපි එවන සල්ලි වලින් යැපෙනවා අපි ලංකාවට අපු දාට වෙන උන් රට යනවා ඊට පස්සේ උන්ගෙන් ආණ්ඩු යැපෙනවා .ලංකාවෙන් පිට ජොබ් කරන අපිට අපේම පිහිට තමා මොකා ආණ්ඩු කළත් (බ)
අපේ නම විකුණා දේශපාලනය කිරීම වහාම නවත්වන්න මොන එකේ අය වුනත් අපට එපා (බ)
රක්ෂණයට මුදල් ගෙවා නෑ කියා මගේ ගුවන් ගමන එක පාරක් අහෝසි කළා. ගෙදර යැව්වා ලංකාවේ එයාර් පෝර්ට් එකෙන්. නැවත අතින් සල්ලි දීල වෙන ටිකට් එකක් අරන් ආවා (බ)
නිශාන්ත හරි. අපිට ඕන ඒ වගේ දේවල් විතරය්. මොකද ගොඩක් හොඳ රක්ෂණයක් මේ ආයතන වලින් අපිට දීලා ඉවරය්. වෙන්න ඕන ඩියුටි ෆ්‍රී වාහනයක් ගන්න බලපත්‍රයක්. විශ්‍රාම ක්‍රමයක්...පොලී නැතුව නිවාස ණයක්. (බ)
හැම රජයක්ම පත්කරකර ඉල්ලීම් කරන මෝඩ ජනතාවක් සිටින රටක් ලංකාව....විදේශ ශ්‍රමිකයන්ට දීපු දෙයක් තියෙනවද . (අ)
උගතුන් බුද්ධිමතුන් විරහිත පාලන තන්තරයක කුමක් බලාපොරොත්තු වෙමුද ? (ම)
විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් වලින් සුර සැප විඳින්න කොටසකුත් අපේ ලංකාවේ ඉන්නවනේ. ඒ වුණාට අඩුගානේ වාහනයක්වත් ගන්න පහසුකමක් කව්ද හදලා දෙන්නේ? රක්ෂණ වලින් වැඩක් නැහැ. ඕවා බොරු වැඩ (නි)