විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම සඳහා විදේශ රැකියා අමැති තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි විදේශ අමාත්‍යංශය කියයි.
මෙරට විගමනික ශ්‍රමිකයින් සදහා වන යෝජිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත් ,ඒ සදහා වන නීති කෙටුම්පත කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
එසේම යෝග්‍ය පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමටත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවද අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යෝජනාව ඉක්මනින් ඉටු කරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...(බ)
මේකත් අසාධාරණ ලෙස වැට් ගහනවා වගේ ඒ ශ්‍රමිකයන්ගේනුත් ගානක් කපා ගන්න කරන උප්පරවැට්ටියක් වෙන්න පුළුවන්. දැන් ආණ්ඩුවට බල්ලෝ මරාගෙන හරි සල්ලි තමා ඕන. ශ්‍රමිකයන්ට ආදරයකට වෙන්න බැහැ. ඒ තරම් ශ්‍රමිකයන්ට ආදරේ නම්, ඔවුන් සැමට නොමිලේ ගිණුමක් ආරම්භ කොට එයට මුදල් දැමිය යුතුය. ඔවුන් රටට කරන සේවය කියා නිම කළ නොහැක. (බ)
අනේ අපිටනම් එපා. අපිට අපේ පාඩුවේ ජොබ් එක කරගෙන ඉන්න දෙන්න. ඕක නිකන් දෙන්නේ නැහැනේ. අපේ පඩියෙන් යම් කිසි දායකත්වයක් ඉල්ලයි අනිවාර්යෙන්ම. (බ)
ඕව විශ්වාස කරන්න බැහැ .පුළුවන්නම් අපෙන් ගනියි (බ)
ශ්‍රමිකයන්ගේ පඩිපතෙන් මාසිකව සීයට ගානක් කපන්නේ නැතිව ඕන දෙයක්. ශ්‍රමිකයගෙන් කපාගෙන ගෙවනවනම් ඒක විශ්‍රාම වැටුපක් නැහැ (ම)
මම අවරුදු 6-7 ක සිට ඩුබායි රටේ රැකියාව කරන්නේ.හැම අවරුදු 2 කටම සැරයක් රුපියල් 3400 ක් විදේශ සේවා එකට පුජා කරලයි මෙහෙට එන්නේ.2013 දී මම ලංකාවෙන් එනකොට විදේශ සේවා එකට රුපියල් 3400 ගෙවන්න මාසයක් ප්‍රමාද වුන කියල රුපියල් 11650 ක් ගෙවන්න සිද්ද වුණා.ඒ වගේ ගෙවා ගන්න බැරි මිනිස්සු මොන තරම් නම් අසරණ වුනාද? (බ)
අපෙන් මාසිකව කියක් කපාගන්නවද දන්නේ නැහැ (බ)
ආයේ කතා දෙකක් නැහැ විදෙස් ගත ශ්‍රමිකයින්ගේ පොකට් එකටත් තට්ටු කරන විදිහේ මර උගුලක් වෙන්න ඇති. අපේ රටේ පාලකයෝ කවදද වැඩකරන ජනතාව වෙනුවෙන් සේවයක් කළේ? හොර ජාතිය, ජනතාව ගොනාට අන්දවන එකමයි කරන්නේ. අපිට මුකුත් එපා අපිට කීයක් හරි හම්බකරගෙන නිදහසේ ජීවත් වෙන්න දියල්ල. අපිට ඒ හොඳටම ඇති? (බ)
ඇත්තටම මේ දේ සිද්දවෙනවනම් ගොඩක් හොද දෙයක්. ලංකාවෙන් පිට ඇවිල්ල දුක් විදලා සල්ලි හම්බකරන අහිංසක මිනිස්සුන්ට මේ වැඩ පිළිවෙල ගොඩක් හොඳයි. (බ)
පොඩි ඡන්දේ එනවානේ (බ)
විශ්‍රාම ක්‍රමයක් ඇති කිරීමේ මුලික අරමුණ විදෙස් ගතවී සිටින ශ්‍රමිකයන් ගෙන් ගසා කෑම නීති ගත කිරීමක් වෙන්න ඕනේ මොකද දන්නේ නෑ සත්ව කරුණාව පහලවුනේ ඇමතිතුමියට (බ)
විකුම් රංගන.ඔබ මම කියන්න යන දේ කියල තිබෙනවා.කරුණ කරලා අපිට අපේ රැකියාව කරගෙන දෙවියනේ කියල ගෙදරට මුදල් යවන්න ඉඩ දෙන්න කියල විතරයි කියන්න තියෙන්නේ. (අ)
රටේ බත් කන උදවිය රවට්ටන්න ලෙහෙසියි.එ්ත් පිටරටවල ඉන්න අපිව තම්බන්න ටිකක් අමාරුයි. (අ)
අපි ලංකාවට එනකොට ගෙනෙන බඩු පෙට්ටිය නිදහස් කර ගන්න ගියහම පැදුර එලලා මුළු පෙට්ටියම ඇදල දාල,එකින් එකට ගහන බදු ගැහිල්ල ගැන හිතනකොට අපිට මොන සහන දෙනවද කියල හිතෙනවා. (අ)
අපේ පඩියෙන් යම් කිසි දායකත්වයක් ඉල්ලයි අනිවාර්යෙන්ම.කරුණා කරලා අපිට අපේ රැකියාව කරගෙන දෙවියනේ කියල ගෙදරට මුදල් යවන්න ඉඩ දෙන්න.අපිට මුකුත් එපා අපිට කීයක් හරි හම්බකරගෙන නිදහසේ ජීවත් වෙන්න දියල්ල. අපිට ඒ හොඳටම ඇති (අ)
අද වෙනකොට දිහ්රම් එකක් රුපියල් 40.5 හට නැගල.රටේ බඩු මිල අහස උසට නැගල.හිටපු පාලකයන් ගහපු "හතර වරම් ගැහිලි " වල ප්‍රතිවිපාක වලට අපි සහ අපේ දරුවන්ට මුහුණ දෙන්න සිද්ද වෙලා.දැන් බලන්නේ රුපියල් කෝටි ප්‍රකෝටි වලින් ගසා කාල ලෝකයේ බැංකු පුරවපු කම්බා හොරුන්ට කිසිම දඩුවමක් නොදී( කම්බා හොරු නිදහසේ ඉන්නවා) අසරණ අපිටම දැඩි දඩුවම් දෙන්නයි.(අ)
මොකද මේ කාලේ ඔවැනි කතා ඡන්දයක් වත් ලං වෙලා ද... එක එක අය එක එක කාලේදී ඔය වාගේ එක එක කතා කියනව.... මොනයම් ක්‍රමයකින් හෝ යුරෝපා රටක සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචි නොවූ නමුත් විදේශ මුදල් ලංකාවට එවන මිනිසුන් හට ඔය කියන අය මොන දේවල් කියල ඡන්දෙ ගත්තත් ඔවුන්ට සහනයක් මේ වෙනකම් කිසිකෙනෙක් කරල නෑ...මට මතකයි ඔය ඡන්දෙ ගන්න කාලේ සමහරු කීවා බැංකුවල තියල තියන රත්‍රං බඩු බේරගන්න මුදල් දෙනව කියල.. ඒ අර ප්‍රශ්ණ වලින් මිරිකිල ඉන්න අහිංසක මිනිසුන්ගේ ඡන්දෙ ගන්න කියපු කතාවක් ඒ....(අ)
අවරුදු දෙකක් ගෙවිලත් රුපියල් කොටි ප්‍රකෝටි ගණනින් ගසා කාපු කම්බා හොරු නිදැල්ලේ.ඔවුන්ගේ ගසා කාපු ධනස්කන්දය නැවත රාජ සන්තක කරන්න බලනවා වෙනුවට අපිට ඔවුන්ගේ පව් ගෙවන්න ඉඩ තියන්න එපා. (අ)
උපන් රටට උදාර සේවයක් කරන අර උතුමන්ලාට පින් පිණිස වසර පහකින් විශ්‍රාම වැටුපක් දුන්නට විදේශ ශ්‍රමිකයන්ගේ පසුම්බියට තට්ටු නොවී ඒ අයට විශ්‍රාම වැටුපක් ලැබුනොත් ඉතින් .....(බ)
පිටරටවල ඉන්න අපි ගැන ඔය තරම් දැවිල්ලක් තියෙනවනම් අර අපේ රට කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගන්න ගිහින් අපි වෙනුවෙන් අසරණ වුන රණවිරුවන්ට සහනයක් දෙන්න.(බ)
මට නම් හරි සතුටක් දැනුනා එ්ක අැහුවහම. අනේ ඉක්මනින් මෙය ඉටුකිරීමට ලැබේවා. සිහිනයක් නොවේවා. ගොඩක් සල්ලි ලැබුනට අපි ගොඩක් දුක් විඳිනවා. හිතට සැනසීමක් ගතට විවේකයක් ඇත්තෙම නැහැ. (නි)
මෙවැන්නක් කළ හැකිනම් විශිෂ්ටයි (නි)
රටට කිසිම බරක් නොවී, තම පවුල් සංස්කෘතිය ගොඩදාගන්න වෙරදරන, ඒ මතම රටේ ජාතික ආදායම ඉහළ දැමීමට කටයුතු කරන විදේශගත ශ්‍රමික පිරිස ගැන මෙවැන්නක් කළහොත් එම රජයට විශාල වාසියක්. ඉදිරියේදී පවත්වන ඡන්දයකින් ජය ලැබෙනු නියතයි. (නි)
කාලෙකින් ඇහුන හොඳ ප්‍රවෘත්තියක්. වැඩේ කෙරුනොත් නම් හොඳයි. පක්ෂ දේශපාලනය පසෙකලා හොඳදේට හොඳයි කියමු. හරි විදියට හදාගන්න සැවොම එක්ව හඬක් නඟමු. යථාර්ථයක්ම වේවා කියන එක තමයි පැතුම (නි)
ගොඩක් වටිනා දෙයක්. එහෙම දෙයක් වෙනවා නම් ගොඩක් සතුටුයි. රටට කිසිම බරක් නොවී, තම පවුල් සංස්කෘතිය ගොඩදාගන්න වෙරදරන, ඒ මතම රටේ ජාතික ආදායම ඉහළ දැමීමට කටයුතු කරන විදේශගත ශ්‍රමික පිරිස ගැන මෙවැන්නක් කළහොත් එම රජයට විශාල වාසියක්. ඉදිරියේදී පවත්වන ඡන්දයකින් ජය ලැබෙනු නියතයි.(ම)
තිලක් ඩුබායි, ඔය එක්කම බැඳුම්කර වලින් ගහපු එ්වා ගැනත් ලියන්න. අැයි ගිය ආණ්ඩුව විතරක්? (නි)
අපිට ඒ උපකාරය කරනවා නම් ගොඩක් හොඳයි (නි)
අපිට මොනදෙයක්වත් ඕනෑ නැහැ. ඇමතිලා ජීවත් වෙන්නෙත් අපි දුක්විඳලා එවන රුපියලෙන්. එයාලා අපි ගැන හොයලා බලන්න ඕනෑ නැහැ. රටවිරුවෝ කියල අපිව කාලා තියෙන්නේ. (නි)
සියල්ලටම පළමු ලංකාවේ පුද්ගලික අංශයේ සේවය කරන සේවකයන්ට වයස අවරුදු 65 විතර වුණාම කාටවත් අතනොපා ජීවත්වෙන්න පුළුවන් විශ්‍රාම වැටුපක් මාසිකව ලැබෙන්න සළස්වන්න. අපි රට ඉඳලා බැංකු හරහා ලංකාවට මුදල් එවුවහම එම මුදල් වලට ප්‍රතිලාභ ලැබෙන ක්‍රමයක් සකස් කරන්න (නි)
තලතා අතුකෝරල මහත්මිය වෙත. කරුණාකරලා මෙය සිද්දවෙන ආකාරය පැහැදිලි කරන්න කොපමණ කාලයක් පිටරට රැකියාව කරමින් සිටිය යුතුද වග. රැකියාවේ ස්වභාවය අනුව ගෙවන ගණන. ලැබෙන මාසික චේතනය අනුව වාර්ගි කරණය මෙය සදහා අයදුම් කරන ආකාරය. මාසිකව රජය ශ්‍රමිකයගෙන් අයකරගන්නා මුදල .(බ)
පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ පවා කතා වුණා විදෙස් ශ්‍රමිකයින් ඔවුන් පාවිච්චි කරන වාහන පවා ලංකාවට ගෙන්වදීමට පවා අවශ්‍ය කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඒවා වගේම, මේකත් කැරට් අලයක් නෙමේ නේද ඇමතිතුමියනි..? (බ)
මේක ප්‍රංශයේ ඉන්න අයට නම් දැනෙන්න අරින්න එපා. (නි)
තිලක්-ඩුබායි, ඔබ මෙරටට පව් ගෙවන්න එපා. ඩුබායි වලට ගෙවන්නකෝ (නි)
තිලක්, වෙන ඒවා මෙතුමියට අදාළ නැහැ කියමුකෝ. නමුත් කාර්යාංශය ඇතුළෙම වුණා කියන වංචාවන්, ස්ටාර් තරඟවලට, මැයිදින කෑමට, පෙළපාලි යන්න කෝටි ගණන් පහුගිය කාලේ වැය කරපුවා, කරපු නිලධාරීන් කවුද කියලා හෙව්වද? දඬුවම් දුන්නද? (නි)
ක්‍රියාත්මක වෙනවා නම් ඉතාම හොඳයි (නි)
ශශීවාල්, ඔබගේ අදහස “ඇමතිලා සහ ඇමතිලාට වන්දබට්ටකම් කළ නිලධාරින්“ ලෙස මා සංශෝධනය කරනවා. ඔවුන් අදටත් වැටුප්, දිමනා, ඉන්ධන, වාහන, හා අනෙකුත් පහසුකම් ලබන්නේ අප මරුකතරේ දුක්විඳ එවන මුදලින්ය. ඇස් පනාපිට වැරදි කළ අයට අඩුගානේ විනය පරික්ෂණයක්වත් තිබිය යුතුයි. (නි)
අපේ රජයේ සේවකයන්ගෙනුත් විශ්‍රාම වැටුපට කියලා මුදලක් කපා ගන්නවා. ලෝකෙ කොහෙත් එහෙමයි. නමුත් විශ්‍රාම වැටුපක් හදන එක හරි වැදගත්. මොකද බොහෝ අය කීයක්වත් ඉතුරු කරගන්නෙ නැහැ. කැමති අයට ඇතුළත්විය හැකිවිය යුතුයි. එසේ නැතුව අපගෙන් එකතු කරගන්නා මුදල් වලින් ඕකෙ ඇතුළෙ ඉන්න අයට තව තව පහසුකම් දෙන්න නම් එපා. (නි)
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් ඔය වගේ විශ්‍රාම වැටුපක් දෙන්න කැසපොට ගැහුවා. මේත් ඒකමද? (නි)
ඡන්දෙ ලංවෙනකොට වාහන පර්මිට් එහෙමත් දෙ යි ....(අ)
ගොඩක් වටිනා දෙයක්. එහෙම දෙයක් වෙනවා නම් ගොඩක් සතුටුයි.(හේ)
කටින් බතල හිටවනවා.(හේ)
මේ විශ්‍රාම ක්‍රමය අපේ අල්ලපු රට ඉන්දියාවේත් දැන් ක්‍රියාත්මක කරන්න යනවා. ඒ මිනිස්සු අද කිව්වොත් හෙට ඉදල වැඩ පටන් ගන්න ජාතියක්.අපේ වගේ පල්වෙන්න දෙන්න නැහැ. විදේශ සේවා කාර්යාංශයට අවුරුදු දෙකකට සැරයක් මුදලක් ගෙවනවා සෑම විදේශගත වන කෙනෙක්ම .එහෙව් එකේ යම් ක්‍රමවේදයක් සකස්කොට මෙවැනි විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරනවානම් ඉතා අගයකොට සලකමි. (බ)
" රටවිරුවෝ, රටවිරුවෝ " කියමින් විදෙස්ගත ශ්‍රමිකයන් හැමදාම මුරුංගා ඇත්තේ තියනවා. එම ශ්‍රමිකයින් ලංකාවට ලබාදෙන විදෙස් විනිමය ගැන කිසිම කෙනෙකුට වගේ වගක් නැහැ. බලමු මේ පාරත් ගහන පදේ මොකක්ද කියලා. (හේ)
විදෙස් ගත ශ්‍රමිකයන්ව මතක් වුණ එක ලොකුදෙයක් (බ)
අපෙන්ම ලොකු ගානක් කපාගෙන අපිට කැරට් අලයක් දේවි (බ)