විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ද මවු රටට වාහන ගෙන්වීමේදී තීරු බදු සහන ලබාදෙන්නැයි එතෙර අපි සංවිධානය රජයෙන් ඉල්ලා සිටී.
තීරු බදු රහිතව වාහනයක් ලංකාවට ගෙනඒමට විදෙස්ගත ශ්‍රමිකයන් බලධාරින්ගෙන් කලක් තිස්සේ ඉල්ලීම් කළ ද රජය එය නොතකා හැර ඇතැයි චෝදනා කළ එම සංවිධානයේ ලේකම් ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අවම වශයෙන් ඔවුන් ලංකාවට එවා ඇති මුදලේ ප්‍රතිශතයක් ලෙසින් හෝ මෙම තීරුබදු සහනය ලබාදෙන්නැයි ඉල්ලා සිටින බව ද කීය.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලු කිරීමට ගෙන ඇති පියවර ගැන සතුටු වන බව ද නිපුණආරච්චි මහතා වැඩිදුරටත් කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉල්ලීමට නම් කිසිම ප්‍රතිචාරයක් නැතිවෙයි. හරිනම් ඉතින් මේ සහනය ලැබියයුතුම වන්නේ විදේශ විනිමය උපයන අයටයි. ඒත් ඉතින් මේ කසඩ දේශපාලුවො ඉන්න කම් කොහෙද සුදුස්සාට සුදුසු තැන? (බ)
රොෂාන්, කවදාවත් රට ගිහින් නැති කෙනෙක් වෙන්ඩ ඇති. සුපිරි වාහන තමා එහෙ එලවන්නෙ. නමුත් පිටරට යන අයගෙන් කෝටි ගණන් හම්බ කරන්නේ අහක ඉන්න උන්.ඉල්ලීම හරිම සාධාරණයි (බ)
ඉස්සර ඔය පහසුකම තිබුනා, ඩොලර් 20000.00 ට වැඩිය ලංකාවට එවපු අයට. පස්සේ නැතිකළා. අපිත් රට හිටියා. ලංකාවට කෝටි 5 ක් විතර එව්වා. ඒ වුණාට කාර් එකක් නැහැ (නි)
මේ ක්‍රමය පෙර තිබිලා පසුව අවලංගු කරලා දැම්මා. මොකද විදෙස්වල සිටින සෑම කෙනෙක්ම මෙමගින් අයුතු ප්‍රයෝජන ගත් නිසා. මම හිතන්නේ අවම වසර 20 වැඩි විදෙස් රැකියා කරන සහ ලංකාවට සැළකියයුතු මුදලක් එවා තිබෙන අයට මෙම සහනය දුන්නාට රජයට අලාබයක් නොවෙනවා කියලයි (නි)
ඉතාමත් හොඳ යෝජනාවක්. පිටරට යාමට හේතුවත් ගෙයක් සාදා ගැනීමටත් තමන්ටම කියා වාහනයක් ගැනීම කාගේත් සිහිනයක්. මෙම ඉල්ලීම ඉතාමත් සාධාරණයි (නි)
රොෂාන්, අපේ අයිතියක් ඉල්ලන්න ලැජ්ජා වෙන්න ඕනෑ නැහැ. රටට වැඩිම විදේශ විනිමය එවලා ලංකාවට ගිහින් නිකන් ඉන්න අයගේ වාහන වල යන්නද කියන්නේ. මේ වෙතත් රටවල් වලින් පිටරට ඇවිල්ලා ඉන්න අයට ඒ රටවලින් කරන දේවල් අපේ රටේ කරන්නේ නැහැ .තවත් හූරාගෙන කන්න බලනවා (නි)
මට නම් වාහන 2-3 නක් ගෙදර තියෙන නිසා අපි ලංකාවට එනකොට ගෙනෙන හාල්, පිටි, සීනි, පරිප්පු, කිරිපිටි, කරවල...... වලට ගහන බදු ගැහිල්ල නතර කළොත් හොඳටෝම ඇති. (නි)
රොෂාන්, ඔබ හරි. (නි)
මිතුරනි, රටක රජයක් තියෙන්න ඕනෑ ජනතාවගේ අවශ්‍යතාවයන් මැනවින් සොයාබලා ජනතාවගේ සිතැඟි පරිදි ක්‍රියාකරන්න මිසක් රජය ගහන පදයට ජනතාව රූකඩ වෙන්න නෙමෙයි. රජය එපා නම් ගෙදර යවන්නත් ජනතාවට තමයි පුළුවන් (නි)
සෙනෙවි ඉතාම නිවැරදියි. ඔය ආකාරයට සිතන්නේ නම් අපි පළමු ලෝකයේ රටවලුත් පරද්දලා. (නි)
රොශාන්ලා වගේ අය ඉන්න ලංකාවට හරියයිද? ඉතා හොඳ ඉල්ලීමක්. මේවා කළේ බොහෝ කාලයක සිට. එක දේශපාලුවෙක්වත් ඒවාට පිළිතුරු දුන්නේ නැහැ. දැන්වත් සහනයක් ලබාදෙන්න යහපාලනය කටයුතු කරයිද බලමු (නි)
ලැබෙයි, බලාගෙන ඉන්න. අපි නම් ඡන්ද දෙන්නේ නැහැ. ඒ ගොනා විකුණුවා අපි (නි)
රටට ප්‍රධාන ආදායම විදේශ වල රැකියා කරන අය එවන මුදල් කියලා රජයම කියනවා. ඒ කියලත් ඔවුන්ට කිසිම සහනයක් නැහැ. (නි)
සල්ලි තියෙන අයට මොකටද බදු සහන? ඉස්සර වගේ නෙමෙයි දැන් ඉන්දියන් වාහන ඉතා අඩු මිලට ලංකාවේදී ගන්න පුළුවන්. බදු සහන සිමා කළේ ලංකාවෙන් පිටරට ඇදීයන ඩොලර් නවත්වන්න. නැත්නම් රුපියල තවත් ඉහළට ඇවිල්ලා මුළු ලංකාවට පරිප්පු කන තත්වයක් වේවි. (නි)
මේ යෝජනාව නම් හොඳයි. අඩුගානේ ඒවායේ මුදලටවත් සරිලන විදියට සහනයක් දෙනවා නම්... නමුත් නොවෙන්නෙත් එ්කමයි. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව පොඩ්ඩක් ඕනෑ කියනවනේ. (නි)
හොඳ අදහසක්. ලංකාවේ ඉන්න දුප්පත් මිනිසුන් විදේශගතවෙලා තම දරු පවුල් රකින්නේ අනුන්ගේ වහල් වැඩ කරලා. ඒ උපයන විදේශ මුදලේ සියලුම අයිතීන් භුක්ති විඳින්නේ රටේ මැර දේශපාලකයෝ පමණයි. උගතුන් සියල්ලම පිටරටවල පදිංචියට ගියාම දේශපාලකයෝ රජවෙනවා, නුගතුන් ටික පිරිවරාගෙන. මාත් පිටරටක සේවය කරන්නේ. මටත් ඩියුටිෆ්‍රී වාහනයක් පාවිච්චි කිරීමට අවස්ථාව ලැබිලා තිබෙනවා. එ්ත් ඔය ලංකාවේ වගේ නීති මෙහෙ නැහැ (නි)
මෙය කරනවා නම් ඉතාම හොඳ වැඩක්. අපිත් අවුරුදු 20 ලංකාවට ගොඩක් සල්ලි ගෙනවිත් තියනවා. ඒවාට අපි ගැනත් බැලුවොත් වටිනවා (නි)
හරි වැදගත් දෙයක්. අපි එවා ඇති සල්ලි ලංකාවට මිලියන ගානක්. ඒවගෙන් තමා දේශපාලකයෝ සැප ගන්නේ. ඔවුන් රට කකා සැප ගන්නවා. අපි රටට කරලා දුක් විඳිනවා (නි)
කිසිම රජයකට විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳ උනන්දුවක් තිබුනේ නැහැ (නි)
ඉතා හොඳයි. ගුණසිරි හරියට හරි. 300% ක් බදු ගහන එකම රට ලංකාව. නමුත් පිටරට රස්සා කරලා මෙරටට බිලියන 8 ක් එවන අපිට වාහනයක් ගන්න බැහැ. නමුත් අපේ සල්ලි වලින් පඩි, දීමනා, වාහන, ඉන්ධන, රියදුරන් ඇතුළු සියළු වරප්‍රසාද ගත් හිටපු සමහර ලොක්කෝ ශ්‍රමිකයන්ට ගෞරවයක් දිලා කතාකරන්නවත් දැනගෙන හිටියෙ නැහැ. මතක් වෙනකොට අප්‍රසන්නයි (නි)
ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් කොච්චර හොඳද? (නි)
අපේ සල්ලි වලින් දුවන, අපිට සේවය කරන්න පිහිටුවලා තියෙන කාර්යාංශයේ නිලධාරින්ට වාහන දිලා තියෙන්නේ රාජකාරි ගමන් සඳහා පමණක්ද? තම තමන්ගේ පුද්ගලික ගමන් බිමන් යන්නත් එක්කද? ඒවායේ රනින් චාට් එහෙම හරියට නඩත්තු කරනවද? දන්නෙ නැති නිසයි අහන්නේ (නි)
ඉතා හොඳ අදහසක් (නි)
අන්න කරලා පෙන්වන්න. යමක් අපිට කළා කියලා අපි පිළිගන්නවා එතකොට නම්. (නි)
රටවිරුවොයි කිය කියා කැරට් අල දෙන්නේ නැතුව මේ වගේ වැඩක් කරන්න අපි වෙනුවෙන් (නි)
මේක පුදුම රටක්. ජනතාවට සේවය කරන්නයි කියලා අපි එවන සල්ලි සහ බදු වලින් බදු රහිත වාහන, නිකන් ඉන්ධන ලැබෙන්නේ දේශපාලඥයින්ටයි, වන්දිබට්ටයින්ටයි. බදු ගෙවන සහ පිටරටවල දහදුක් විඳලා ලංකාවට සල්ලි එවන අපිට මුකුත් නැහැ. අඩුගානේ බදු රහිත වාහනයක් ගන්න බැහැ අද වෙනකම් (නි)
දේශපාලඥයින්ට වසර 5 න් විශ්‍රාම වැටුප්. අපිට වයස 55 වෙනකම් වැඩකළේ නැත්නම් නැහැ. පිටරටවල දහදුක් විඳලා ලංකාවට සල්ලි එවන අපිට ඩියුටි ෆි නැහැ. අපෙන් කකා සැපගන්න දේශපාලඥයින්ට ඩියුටි ෆී ත් තියෙනවා. ඉන්ධනත් නිකන්. සේවකයොත් නිකන්. නිල නිවාසත් නිකන්. අනේ මන්දා? මොකක්ද මේ අවුල කියලා (නි)
මේකට අපි ඉල්ලීම් කළේ මීට අවුරුදු ගානකට කලින්. පොරොන්දු වෙනවා විතරයි. ප්‍රතිඵල නැහැ. (නි)
අපෙන් යැපෙන ජනතා සේවකයෝ කියාගන්නා දේශපාළුවන්ට සහ හෙන්චයියන්ට ජනතාව වන අපි “ගරු ඇමතිතුමා, ගරු මන්ත්‍රීතුමා, එතුමා, එතුමිය“ කියලා දෙකට නැවෙන රටක් මේක. කරන ගරු සේවයක් නැහැ. වැටුපට වැඩ කරන්නේ. විශ්‍රාම වැටුපුත් ගන්නවා අවුරුදු 5 න්. එහෙව් එකේ අපිට නොදී ඒ අයට ඩියුටි ෆී දෙන එක අරුමයක් නෙමෙයි. (නි)
දෙන්න පුළුවන් නම් ඉතා වටිනවා (නි)
විදෙස්ගත ඉපැයීම් අදායම් බද්දෙන් නිදහස් කර ඇති අතර ලංකාවේ පුද්ගලික සේවයේ යෙදෙන්නන් වැටුපෙන් 16% බදු ගෙවයි. සහනයක් දිය යුත්තේ කාටද? (නි)
ඒක තමයි මේ අදහස් දැක්කම අර කවුදෝ කියන සින්දුවක් මතක්වෙන්නේ. “අඹ ගෙඩියක හැඩේ ගත්තු අරුම පුදුම රටක් තියෙනවා“ කියන සිංදුව (නි)
කවුරුහරි දන්නවද විදෙස් ශ්‍රමිකයෙක් වශයෙන් ලංකාවේ ලියාපදංචි වෙන්නේ කොහොමද කියලා. මම දැනට ඉතාලියේ වැඩ කරන්නේ. ස්තුතියි (නි)
අපි මේ රටට අවුරුදු ගානක් දුක් විඳලා මුදල් එවනවා. අඩුමගානේ වාහනයක් ලංකාවට ගෙනියන්න සහන සළස්වලා දෙන්න (නි)
මේ රට ඉන්න කව්රුවත් රට ගැන ආදරේට රට ගිහිල්ලා නැහැ. මේගොල්ලෝ කියන්නේ හරියට ලැබෙන සල්ලි ආණ්ඩුවට දෙනවා වගේ. රජයට ඇත්තේ විදේශ විනිමය නිසා $ එක පාලනය කරගැනීමේ හැකියාවක් පමණි. ඒ වෙනුවෙන් විදෙස් ඉපැයීම් අාදායම් බද්දෙන් නිදහස් කර ඇත. මෙරට සේවය කරන්නන්ට මෙහෙම සහනයක්වත් නැත (නි)
අපේ රටේ මුළු භාන්ඩ අපනයනයෙන් ලබන අදායමෙන් හරි අඩකට වඩා කිසිම වියදමක් නැතිව රටට ලබාදෙන්නේ විදෙස්ගත ශ්‍රමිකයන්. භාන්ඩ අපනයන කරුවන්ට නොයෙකුත් පහසුකම් රජය වසින් ලබා දී තිබෙනවා. නමුත් අපනයන අදායම වගේ අඩකට වැඩිය උපදවන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙ උපයන ලද මුදලට සලකාබලා බදු රහිත වාහනයක් ගේනවා ගැනීමට පහසුකම් සලස් වන්නේ නම් රජයට තවත් ලාබ ලැබෙනු ඇත. (බ)
ඉල්ලන්න පුළුවන් දෙන්න තමයි බැරි 1980 ඉඳල ඉල්ලනවා හැබැයි දෙන්නේනම් නෑ (බ)
හොද අදහසක්...... හොද තීරණයක් ගන්න කියා බලධාරින්ගෙන් ඉල්ලා සිටිමි (බ)
ඉතාම හොඳ යෝජනාවක්. දැනටත් අපේ සල්ලි වලින් තමා හැමෝම ඩියුටිෆ්‍රී වාහන ගන්නේ. ඉතින් අපිටත් දුන්නට කමක් නැහැ! (බ)
පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් හොරුන්ට කොටිගණනක් වටිනා වාහන ගෙනඒමට තීරුබදු සහන දී ඇත . නමුත් රට රටවල් වල දුක්විදින ශ්‍රමිකයන්ට තීරුබදු සහනය ලබාදීමට රජය මලිවෙයි . පිටරට ඉන්න අපේ ශ්‍රමිකයන්ගේ මුදන් නොතිබෙන්න අද අපේ ආර්ථිකය කම්මුතුයි .(අ)
මෙය හොඳ වැඩක් (අ)
ශ්රී ලංකාවේ තීරුබදු නීති මොන උගතද හැදුවේ ? වාහන ගෙන්වීමේදී එකට 300ක් බද්දක් , එවන් බද්දක් පැනවූ රටක් මම නම් නොදනිමි.මේක තුන්වැනි ලෝකයේ දුප්පත් රටක් ලෙස හංවඩු ගැසුණු අපේ ගෙලට තොන්ඩුවක් යෙදු කඹයක් යොදා දෙපැත්තෙන් අදිනවා වැනියි (බ)
වසර 10-15 විදෙස්වල සේවය කල අයට වත් සහනයක් කරන්න. (ම)
මෙය ඉතා හොඳ අදහසක් දුප්පත් මිනිස්සු රට ගිහිල්ලා ලංකාවට පැමිණි පසු අඩු ගණනේ ස්වයං රැකියාවක්වත් පටන් ගන්න මේ මිනිස්සුන්ට උදව් රජය මගින් කළයුතු වෙනවා, අඩු ගන්නේ ඩියුටි ෆ්‍රී වාහනයක් ගන්න තියනවනම් ස්වයං රැකියාවට එය මහඟු උපකාරයක්. හැම තැනම දේශපාලකයට පමනයි සලකන්නේ රටට බිලියන 12.5 මුදලක් උපයා දෙන මේ මිනිස්සු ගැන කවුරුවත් කතා නැ. (බ)
කාලෝචිත යෝජනාවක් විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් දෙන දැනෙන සහනයක් මෙය කිසිම රජයකින් මේ වෙනතුරු සහනයක් නෑ විදේශ ඇමති තුමියනි ඔබගේ අවදානය යොමු කරන්න .මෙය ක්‍රියාත්මක වුවහොත් මහත්වූ ජනතා ප්‍රසාදයක් ලැබේවි .(බ)
ඉතාම වටිනා ඉල්ලීමක්. අපේ බදු මුදල් වලින්ම කකා. එව්වගෙන්ම වැටුප් අරන් එව්වගෙන්ම රට සවාරි යමින් රජසැප විඳින හොරු රැලකට තීරු බදු සහන දෙන එකේ, රටට අදායමක් ගෙනෙන පිරිසකට එම සහන ලබා දීමේ කිසිම වරදක් නැහැ. මේ හොරු මදිවට උන්ට එහෙයි කියන නිලධාරීන්ටත් එම සහන ලබා දෙන්නෙත් අපේම මුදලින්. (බ)
සහල් ආනයනය කිරීමට වැය වන විදේශ විනිමය ඉතුරු කර දෙන වී ගොවියාටත් මේ ආකාරයටම ලෑන්ඩ් මාස්ටරයක් වත් ගන්න සහන දෙන්න බැරි ඇයි ? (බ)
ඉතාමත් වටිනා යෝජනාවක් ශ්‍රී ලංකාවට එරටදී තම ශ්‍රමය කැපකොට තම දෙමාපිය සහෝදර සහෝදරියන් දූ පුතුන් හිටවතුන් ගෙන් වෙන්ව සමහරවිට විවිධ දුක් කම්කටොලු වලටද මුහුණ දෙමින් අප රටට විදේශ විනිමය උපාය දෙන ඔවුන් ගැන මේ විධියට හෝ සැලකිල්ලක් දක්වන්නේ නම් මැනවි. (බ)
අැත්තටම විදේශගතව සේවය කරන ලාංකියන්ට ජීවිතයට ඵක වරක් හෝ අනිත් අය බුක්ති විදින තීර බදු සහනය ලබා දීම යුත්ති සහගතයි (බ)
උඹලට ලජ්ජා නැද්ද බන් ඕකුන්ගෙන් හිඟමන් යදින්න? වාහනයක් පදින්න ආශාවක් තියනවා නම්, පිටරටකදී බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අඩු මුදලකට මිලදීගෙන පදවන්න පුළුවන්නේ? කොහෙද ඉතින් පිටරටක ජීවත් වුනාට, හිතේ ආශාව තියෙන්නේ අල්ලපු ගෙදර එකාට පේන්න වාහන කබලක් ගේ ඉස්සරහ ගහ ගන්නනේ? (බ)
ඉතා හොඳ ඉල්ලීමක් මේවා කළේ බොහෝ කාලයක සිට එක දේස පාලුවෙක්වත් ඒවාට පිළිතුරු දුන්නේ නැහැ, දැන්වත් සහනයක් ලබාදෙන්න යහපාලනය කටයුතු කරයි ද බලමු තලතා මැතිනිය දිහා බලාගෙන ඉමු (බ)
ලංකාවට එවූ මුදල් ප්‍රමාණය මත සහනය ලබා දෙනවනම් හැමටම සාධාරණයක් වේවි (බ)
මෙය කළයුතු වැඩක් පුදුමසහගත කාරණයනම් පාලකයන්ට මෙය නොපෙනීමයි අනිත් අය වාගේ රජයට මේ සම්බන්දව දැඩිව බලපෑම් කළ යුතුයි (බ)
ඉතා හොඳ අදහසක්! විදේශගත ශ්‍රමිකයන්ට කරන ප්‍රති උපකාරයක් විදියට මේක රජයෙන් ඉටුවිය යුතු දෙයක්.(ම)