ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ ශ‍්‍රමිකයින් 3259 දෙනෙකු වෙනුවෙන් 2015 ජනවාරි සිට 2016 මැයි දක්වා රුපියල් විසි එක් කෝටි විසි අට ලක්‍ෂයක් ගෙවූ බව නිලධරයෝ කියති.
මරණයට පත්වූ 315 දෙනකුගේ යැපෙන්නන්ට රුපියල් තිස්කෝටි දොලොස් ලක්‍ෂයක් ගෙවා ඇති බවද එම නිලධාරියා කීය. ස්වභාවික මරණ, හදිසි අනතුරු මරණ හා අසනීප හේතුවෙන් සිදුවන මරණ සඳහා වන්දි මුදල් ලබාගත හැකිය.
විදේශයකදී සිදුවන මරණයකදී රුපියල් ලක්‍ෂ 5ක්ද, ලංකාවට පැමිණ සිටියදී සිදුවන මරණයකදී රුපියල් දෙලක්‍ෂ පනස් දහසක්ද වන්දි වශයෙන් පිරිනැමේ.
එතෙර රැකියාවේ නිරතව සිටියදී සිදුවූ අසනීප, විවිධ කරදර, හිරිහැර, හදිසි අනතුරු සඳහා මෙම රක්‍ෂණ වන්දි ගෙවා ගෙවා ඇතැයි කාර්යාංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. ලියාපදිංචි වී රැුකියා සඳහා විදේශ ගතවූ ශ‍්‍රමිකයින්ට රක්‍ෂණ වන්දි ලබාගත හිමිවන අතර, කාර්යාංශයේ ලියාපදිංචිය ලබා දෙන්නේ වසර දෙකක් ස`දහා පමණක් වන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර, කාර්යාංශයේ සේවක සුභසාධක අරමුදල ම`ගින්ද පුද්ගලයින් 80 දෙනෙකු සඳහා රුපියල් ලක්‍ෂ 95ක වන්දි ගෙවා තිබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘විදෙස්ගත ශ්‍රමිකයන්ට විසිඑක් කෝටියක් වන්දි දීලා‘
රාමා Wednesday, 29 June 2016 10:52 AM
මේ වන්දි ලැබිච්ච කෙනෙක් නම් හොයා ගන්න නැහැ කාටද ගෙව්වේ කියලා දන්නේ නෑ. (ර)
කුමාර් (ගල්ෆ්) Wednesday, 29 June 2016 10:56 AM
අපි අදයි ඇහුවේ වන්දි දෙනවා කියාලා. (ර)
අතුල Wednesday, 29 June 2016 03:18 PM
අපි අහන්නේ එදා ඉඳලා ගුවන් තොටුපළේදී මංකොල්ලකන සල්ලි වලට කරපු දේවල් මොනවාද කියලයි. රටට කියන එක මේ රජයේ යුතුකම. මේක ඇත්තටම මංකොල්ලයක්. (නි)