
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් වල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 446 දෙනෙකු අද (09) සවස කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 422 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-2528 දරන ගුවන් යානය ඩුබායි සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මීට අමතරව සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-303 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ප්‍රංශයේ පැරිස් නුවර සිට එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-564 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
8 දෙනෙක් ගන්න පැරිස් වලට ගුවන් යානයක් යවන්න පුළුවන්, මැදපෙරදිග අසරණ වෙලා ඉන්න දහස් ගණන් ගෙන්න ගන්න බැහැ.
රට විරුවෝ නැතිව 2/3 ගත්තා... දැන් ඔවුන්ගෙන් කිසිම අවශ්‍යතාවයක් නැහැ. ගුවන් යානයක් යවලා අවශ්‍ය කරන 7-8 දෙනා ගෙන්වා ගමු. ඉතුරු ටික ඔහේ හිතපුවාවේ...