(විනීතා එම් ගමගේ )
විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු හා පැමිණිලි සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පැය 24පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංකයක් ලබා දි තිබේ.
ප්‍රධාන කාර්යාලයට හෝ දිවයින පුරා පිහිටි පලාත් කාර්යාල, පුහුණු මධ්‍යස්ථාන වෙත පැමිණිම වෙනුවට පැය 24 පුරාවට සම්බන්ධ විය හැකි 1989 ක්ෂණික අංකය ඇමතීමෙන් අදාල විස්තර හා සේවා ලබාගත හැකි බව කාර්යාංශය කියයි.
මේ දිනවල ව්‍යාප්තව පවතින කොරෝනා වයිරසය (කොවිඩ් -19) හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සලකා ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සහ සංචරණය වීම අවම කිරීම හේතුකොට ගෙන කාර්යාංශය විගමණික ප්‍රජාවට හා මහජනතාව වෙත මෙම පහසුකම සලස්වා තිබේ.
විදේශගත අයෙක් හෝ යම්.තොරතුරක් සඳහා මෙම අංකයෙන් විමසීම් කළ හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අම්මා ඕමාන් රටේ පොලිසියේ ඉන්නේ අම්මා වැඩ කරපු ගෙදර මනුස්සයා අම්මාගේ වීසා ඉවර නිසා ඕමාන් පොලිසියට බාරදීලා. දැන් මාස තුනක් විතර කතා කරේ නෑ.. දැන් අම්මාට ලංකාවට එන්න විදියක් නෑ. මම ඉල්ලා සිටින්නේ අම්මා ලංකාවට ගෙන්නලා දෙනමෙන් ඉල්ලා සිටින්නේ..
මම ඉන්නේ ලෙබනන් රටේ මට මේ ගෙදර කරදරයි.. මට ලංකාවට යන්න ඕනෑ කිව්වාම මෙයලා කියනවා අතින් සල්ලි දාගෙන හදාගෙන යන්න කියලා... මගේ අතේ සල්ලි නැහැ. අනික මාස 3 සල්ලි මේ මැඩම් ළඟ.. එ්වා දෙන්නෙත් නැහැ මගේ තාත්තා අසනීප වෙලා ඉන්නේ මගේ අනිත් සල්ලි තාත්තාගේ ලෙඩවලට දැම්මා පින් සිද්ද වෙයි මවා ඉක්මනට ලංකාවට ගන්න බැරිද...?
ඩුබායි එමිබසිය අහිසංක මිනිස්සු තියාගෙන ඉන්නවා. මාස 5හේ 6යේ ලංකාවට යවන්නේ නැහැ .අපිව ගනන් ගන්නේ නැහැ .අපිට බල්ලන්ට වගේ මේ අය සලකන්නේ .අපි ලියාපදිංචි වෙලා ආපු අය .අපිට විසදුමක් නැද්ද ලංකාවට එන්න .මගේ නමිබරය 00971566649352 අපිට විසදුමක් ලබා දෙන්න මෙයාලා අපෙන් ලක්ෂ 6 ,7 ඉල්ලනවා අපිට සල්ලි නැහැ
විදේශ ගතවෙලා ඉන්න අයට පැමිනිලි දාන්න අංකයක් නැද්ද
මගේ වයිප් කුවෙට් ගිහින් මාස 9 වෙනවා.ඉන්න ගෙදරත් වැඩ වැඩී.එයාට සනීපත් නෑ .ලංකාවෙ අපේ දරුවට ගොඩක්ම අසාද්යයි.එයා ගෙන්න ගන්න ඕනෙ.කොහොමද ගෙන්න ගන්නෙ
මිනිසුන් විදෙස්ගත රැකියා වලට යොමු කරන මුවාවෙන් ව්‍යාජ ලේඛණ සකස් කර වංචනික ලෙස මුදල් ලබාගෙන මිනිසුන් අනාථ කරන පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථානයක පිහිටා ඇති ගොඩනැගිල්ලක හොර කාර්යාලයක් ආරම්භකර ඉතා සූක්ෂම අන්දමින් උපක්රමශීලීව සිදු කරගෙන යනු ලබයි.සියළු විස්තර සාක්ෂි සහිත්ව ඔප්පු කරලා පෙන්නන්නම්....
3173 ලියාපදිංචි අංක දරණ viewers international campus දරණ කුරුණෑගල තියන ඒජන්සිය ඕස්ට්‍රේලියා මුරකරු රැකියා ලබාදෙනවා කියලා අපෙන් 35 ,000ක මුදලක් ලබා ගෙන... පාඨමාලාවක් පවත්වා. අවසන් කළා. දැන් ඕස්ට්‍රේලියානු යවන එකත් නෑ. පෙළක් අයගෙන් ලක්ශ 5 ගානෙත් අරගත්තා 35,000 ගානේ අපේ කණ්ඩායම 90ක් ඉන්නවා. තව uk වල වීසා දෙනවා කියලා 70,000 ගානේ 68 දෙනෙක්ගෙන් ගත්තා. මුදල් ඉල්ලුවාම බනිනවා. කෝස් එක කළේ කියලා. අපි කෝස් වලට නෙමේ සල්ලි දුන්නේ රට යන්න. Uk වල සම්පූර්ණ ගාන ලක්ෂ 12 කිව්වේ. ඕස්ට්‍රේලියානු ගාණ ලක්ශ 35ක් කිව්වා. කෝස් එකක් කරලා ඒකේ ඉන්න මිස් නිදහස් වෙනවා. අඩුම පිළිගත්තු සහතිකයක් වත් නෑ...
තුර්කියේ ඉන්න අපට ලොකු අසාධාරණයක් වෙලා තිබෙනවා .ඒත් ඒ සම්බන්ධව පැමිණිලි කරත් කිසිම සාධාරණයක් වෙලා නැහැ .වැඩ බලපත්‍රය අවසන් වීම නිසා අපේ දෙන්නෙක් හිරේ .අ තුර්කයේ තියෙන තනාධිපති කාර්යාලයත් ගොඩාක් හොදයි.වගකීමක් නැති මිනිස්සු එවන්න එපා මේ වගේ තැන් වලට.
ශ්‍රී එෂියා විදෙස රැකියා ආයතනය ,කුරුණෑගල LLN 3271,මෝල්ඩෝවා යවනවා කියලා 2022.09.26 වෙනිදා රුපියල් ලක්ෂ 2.85/=මුදලක් ලාබා ගත් අතර පසුව 2023.04.මාසයේ දැනුම් දුන්නා යවන්නේ නැතිනම් සල්ලි ලාබාදෙන්න කියලා මේ වනවිට අද දෙන්නම් හෙට දෙන්නම් කියමින් ඉන්නවා දෙන පාටක් නැහැ
මහත්මයනනි මා දැනට විදේසගතවි ඇත මම වැඩකරන කම්පැනියෙ මාස දෙකක් වැඩ කරාම.එක මාසෙක වැටුපක් ලැබෙන්නෙ මට දරුවන් තුන්දෙනෙක් ඉන්නව ඇග්රිමන්ට් එකෙ තියන විදිහට කිසිම දෙයක්වෙන්නෙ නැ මට කතාකරන්න ඕන ඔබතුමන්ලට මම මාලදිවයින ෙ වැඩ කරන්නෙ
මා kurunegala kife Lanka ඒජන්සිය ට සම්බන්ධ කටයුතු කරන කාන්තාවක් මගින් රැකියාවක් සොයාගැනීමේ අරමුණු ඇතිව ඹමාන් රටට විසිටි විසා මගින් පැමිණියේ. දෙවසරක නිදහස් වීසා බලපත්‍රය සදා දෙන බව පැවසීම නිසා ය. ඒ සදහා විසාල මුදලක් ලබා දුන් අතර. මා ගෙන ආ තැනැත්තා මසක් පමණ රැදි සිටි අතර එම කාර්යය ඉටු නොකළහ.. එපමණක් නොව මසක විසා බලපත්‍ර අලුත් කිරීම ස්ථිර කලද එය තහවුරු කරගැනීම ට මා හට මසක් ගතවිය. දැන් මා ලක්ෂ හතරක ට ආසන්න දඩ මුදලට දැනට යටත්ව ඇත. මාහට එම කාන්තාව ලවා මගේ දඩ මුදල් ගෙවීමට ක් රැකියාව ට යොමු කිරීම ට හෝ ලංකා වට ගෙන්වා ගැනීමට ඒ හා සම්බන්ධ උපදෙස් හෝ සහයක් ලබා දිය හැකිද.
නෝර්ත් සයිප්‍රස් වලට මිනිස් ජාවාරමක් සිදුවෙනවා 50ක විතර පිරිසක් අතරමංවී සිටිනවා. ලංකාවේ ගෑනු කෙනෙක් තමයි මේ ජාවාරම කරන්නේ. ලක්ෂ 16 අරගෙන යවන්නේ. තනිකරම බොරු කියලා රවට්ටලා මේ මිනිස්සු අතරමං කරලා. අනේ තවත් අය මේ උගුලට අහුවෙන්න ඉස්සෙල්ලා හොයලා බලන්න...
බිරිද ගෙන්වා ගැනිමට පුලුවන් ක්‍රමයක් කියන්න. දරුවා බලා ගැනිමට අපහසුයි මා හට. බිරිද ගේ මව විසින් නැවත පැමිණිමට නොදෙන බවක් දැන ගැනිමට ඇත. දරුවාට පවා කතා කිරිමට ඉඩ නොදෙන බව තමා කියන්නේ
මගේ බිරිඳ දැනට ඕමාන් වල ගෘහ සේවිකාවක් ලෙස සේවය කරනවා. දැනට ඇය වසරක් පමණ සේවය කළ අතර ඇප්රසර් හයි තත්වයෙන් පෙලෙන්නේ. දැඩි අපහාසුතාවයක පෙලෙන ඇය නැවත ගෙන්වා ගැනීමට මා විසින් අදාල එජන්සිය වෙත ගියා. ඔහුන් පවසන්නේ ඇය පිළිබඳ වගකීම ගත නොහැකියි කියා. අපට එක් දියණියක් සිටින අතර ඇයද දැඩි මානසික තත්වයෙන් පෙළෙන අතර දැනට ඇය වෙෙද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිනවා. එම ඒජන්සිය පවත්වා ගෙන යනු ලබන්නේ කඩවත අංක1970 දරන රේජිස්ටර් අංකය යටතේ. මාගේ ගැහැණු දරුවාගේ මානසික තත්වය ගැන සොයා බලා ඇයව ගෙන්නා ගන්නා ක්‍රම වේදයක් දන්වන මෙන් ඉල්ලා සිටිමි. ගුවන් වියදම දැරීමට මා කැමැත්ත ප්‍රකාශ කර සිටිමි.
මගෙ අම්මා කුවෙට් ඉන්නෙ දැනට අවුරුද්දයි මාස 7ක් වෙනවා. ගිහින් ගෙවල් 10 කට වැඩිය මාරු කරා. දාපු එක ගෙදරක්වත් හොද නෑ . ඉන්න ගෙදර මාස 9ක් වෙනවා. දැන් මාස 2ක් පඩි නෑ . කොල් එකක්වත් නෑ . පඩි අහනකොට ගහන්න එනවා කිව්වා . හරියට කෑ මක් වත් නෑ . ඒජන්සියට දැනුම් දුන්නට කිසිම පිලිතුරක් ලබා දෙන් නෑ . මේකට මොකක් හරි ක්‍රියාමර්ගයක් ලබා දෙන්න
මගේ අක්කා කුවේට් රාජ්‍ය යෙදී අත් අඩංගුවට රැගෙන ඇතඇය බෙරාගැනිමට උදවූ කරන්න
අම්පාර උහන...
මේ මගේ දෙවනි ගෙදර... මට අසනීපවෙලා තියෙන්නේ මගේ ඇඟේ තුවාල දාලා... මෙයාලා බෙහෙත් අරන් දෙන්නේ නැහැ.. මොකක්ද කරන්නේ?
මාගේ සහෝදරිය ඕමාන් රටේ ගෘහ සේවයට ගෙස් දැනට මාස 09ක් වෙනවා. ගිය ගෙදරින් මුල ඉඳන්ම කෑම බීම, ඇඳුම් මොකුත් දීලා නැහැ. පස්සේ මාස 2 සල්ලි පඩි නොදී ඉඳලා පඩි ඉල්ලපුවාම එයාව ඒජන්සියට ගෙනත් දාලා. අක්කගේ ළමයි හතරක් බලගත්තේ කිරිඅම්මා... දැන් ළමයි සෑහේන මානසික පීඩනයකට ලක්වෙලා ඉන්නේ...
මහනුවර බැද්දේගම පදිංචි පි,කේ,ජ්,කේ කුමුදිනී සමරනායක දැන් අවුරුදු 2 යි මාස 3ක් වෙනවා .අවුරුද්ද ක පඩි දිලා නැ. පඩි ඉල්ලනකොට ගහනවාලු .දැන් කාලේ ඉවර වෙලා ගෙදර යන්න ඉල්ලන්කොට ගහනවාලු .ඒ ගෙදර අයිතිකාර ගෑනු කෙනා හැම වැඩ කාර්රයෙක්ටම එහෙම කලා ලු .මෙයාව ත් එහෙම ගහලා පොලිසියට භාර දෙනවාලු .දැන් දවස් 2කට කලින් මෙයාට ගහලා දොරවල් සේරම වහලා ගියාලු. ආවාම ගහලා පොලිසියට භාර දෙනවා කිව්වා ලු .අනේ එයාව අපිට ගෙනත් දෙන්න .එයාගෙ විස්තර මේ. එයාට කතා කරන්න සෞධි වල ඉන්නේ .අල්කොබා වල
මට ලංකාවෙ අවුරුදු 2ක බබෙක් ඉන්නවා. මගෙ අම්මාගේ ලඟ එයාව දාලයි මම ආවේ. මම ඇවිත් මාස 2ක් විතර තමයි වෙන්නෙ. මම ආවට පස්සෙ මගෙ අම්මට දියවැඩියාව වැඩි වෙලා ඇස් පෙනීම නැතිවෙලා තියෙනවා. මගෙ දරුවව බලාගන්න කෙනෙක් නෑ. අම්මට හොදටම අමාරුයි. මම වෙනුවෙන් මොකක් හරි කරන්න. මගෙ දරුව ලඟට එන්න ඕන මට. දරුව ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. මගෙ අම්මට මගෙ දරුවව නාවන්න කවන්න පොවන්න අමාරුයි.
මගෙ බිරිඳ කුවේට්වල දැන් මාස 3ක් දුක් විඳිනවා. ලෙඩ හැදිලා කන්නත් නැහැ. බොන්නත් නැහැ. එයාව මට ගෙන්නලා දෙන්න. මට දරුවෝ 3 ක් ඉන්නවා. ලොකු දුව මානසිකව වැටිලා ඉන්නේ. අනේ මගේ බිරිඳව ගෙන්නලා දෙන්න...
මම ළමයි 5ක්ගේ අම්මා කෙනෙක්... මම විදේශ ගතවුනේ කුරුණෑගල දෙවුලිය විදේශ රැකියා ආයතනයෙන් මාව එවුවේ පිරිසිදු කරන්නියක් විදිහට. ඒත් මට වුනේ ළමයි 2 බලා ගන්න එක ළමයෙකුට පිළිකාවක් හැදිලා ඇඟට බට සවිකරලා අමාරුවෙන් ඉන්නේ ඇමරිකා ගෙනියන්න හදන්නේ රෝහලෙන් කියලා අමාරු ලෙඩෙක්නිසා නර්ස් කෙනෙක් තියන්න කියලා, එයාලා නර්ස් වෙනුවට මාව තියන්න හදනවා මට. බෑ ඒක කරන්න මට බයයි. ඒ ළමයාට බටෙන් කෑම දාන ඒවා මට කරන්නලු. මමත් ළමයි ඉන්න අම්මා කෙනෙක් ඒ ළමයාට මොනවා හරි වුනොත් මට මැරෙන්න වෙයි. මගේ දරුවෝ 5 දෙනා අනාථ වෙයි, පින්සිද්ද වෙයි මාව වෙන ගෙදරකට මාරු කරලා දෙන්න...
මාගේ මිතුරීයක් දැනට අවුරුදු 3යි මාස 3ක් කුවෙට් හී සේවය කරනවා . මේ ළඟකදී ඉදන් ගෙදර ගැනු කෙනා එයාට පහර දීලා තියෙනවා. ඒ පහර දීමෙන් ඔයාට තුවාල වෙලා තිබුණා මට පොටෝ පවා එවලා තියනවා. ඊට ප්ස්සේ ඒ ගෙදර ගෑනු කෙනා එයාගේ ජංගම දුරකතය පවා රන් ඒකේ තිබුණ සිම් පවා අයින් කරලා තිබුණා. ඒ උනාට එයාට wifi තිබුණ නිසා 2025/06/29ය වෙනිදා වෙනකම් කතා කරා. එහෙම කතා කරනකොට කීවේ ඒ ගැනී මේයාව වෙන ගෙදරකට විකුණන්න යනවා කියලා. එහෙම කියලා පොඩි වෙලාවකට පස්සේ එයාගේ දුරකථනය වැඩ කරන් නැතුව ගියා. එයා රට ගියපු ඒජන්සිය වෙන කුරුණැගල greenway agencies එකෙන්. ඒ ආයතනයට කොල් කරාම කිසිම ගාණකට ගත්තේ නෑ. දැන් එයා ගැන කිසිම තොරතුරක් නෑ.ඒ උනාට එයා වැඩ කරපු ගෙදර ගැණි එයාගේ දුරකථනය භාවිතා කරනවා .සමහරක් වෙලාවට මන් ඒක නිසා ආරාබි වලින් මැසේජ් කරාම ඒකී කියනව එක එක දේවල් එක වෙලාවක හොස්පිටල් ඒකේ කීවා තවත් වෙලාවක ෆෝන් එක කැඩුනා කීවා. තව වෙලාවක ස්ල්ලී ඉල්ලන්වා. විදේශ සේවා එකට කියන්න එපා කියනවා. අනේ පුලුවන්නම් එයා හොයා ගන්න එයාට පොඩි ළමයි දෙන්නෙක් ඉන්වා. මට මේකට පිලිතුරක් ලැබෙයි කියලා හිතනවා. මන් මේ ගැන සාමාජ මාධ්‍යයේ පාවා සදහනක් දමන්නම්