විදෙස්ගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉකුත් වසරේ පැමිණිලි 7213 ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි
මෙම පැමිණිලි අතරින් 6577 කට විසඳුම ලබාදීමට හැකිවූ බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.
එම පැමිණිලිකරුවන්ට වන්දි ලෙස රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක් ලබාදිය හැකි වූ බව ද අමාත්‍යවරිය කීවාය.
බොහෝ පැමිණිලිවලදී චෝදනා නැගුණේ ඒජන්සිකරුවනට බව කී අමාත්‍යවරිය තමන් රට යැවූ ශ්‍රමිකයා පිළිබඳව සෑම ඒජන්සිකරුවෙක්ම වගකිවයුතු බවද පැවැසුවාය.
වගකීම් පැහැර හරින ඒජන්සිකරුවන්ගේ බලපත්‍ර අහෝසි කිරීම නොපමාව සිදුකරන්නැයි අදාල අංශවලට උපදෙස් දුන් බවද අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් රැකියා ඒජන්සිවලට තලතා රතු එළිය දල්වයි
සමන් පෙරේරා - සෞදි Wednesday, 30 September 2015 02:00 PM
මැඩම් ටිකක් තදට ඉන්න ඒජන්සිකරුවන්ට නටන්න දෙන්න එපා. (ර)
ප්‍රියන්ත Wednesday, 30 September 2015 02:51 PM
ඔය වගේ වැඩ කරන අය වාසනාවන් (හේ)
නිශාඩ් Wednesday, 30 September 2015 06:00 PM
ඔබතුමියට ජයශ්‍රී! (නි)
හරිශ්චන්ද්‍ර Wednesday, 30 September 2015 08:51 PM
තලතා අතුකෝරළ මහත්මියට අපේ ප්‍රසාදය! (නි)
ජයාත් Thursday, 01 October 2015 12:18 AM
මොනවද ඔට්ටු විදේශීය ශ්‍රමිකයින්ගේ ප්‍රශ්න කවදාවත් අවසන් නොවෙන වගට? (නි)
අසීෆ් Thursday, 01 October 2015 03:34 AM
රටයන අයට බොරු ලෙඩවලට මොනවද කරන්න (අ)
ඉමේෂ් Thursday, 01 October 2015 04:01 AM
අයියෝ ඉතින් හදන්නකෝ නාමලේඛනයක් ඒජන්සිඑවල. හොඳ අය කව්ද නරක අය කව්ද කියල ලකුණු කරලා. එතකොට ඕනේ කෙනෙක්ට හොඳ ඒජන්සි මොනාද කියල දැනගන්න පුළුවන්. (අ)
රුවන් Thursday, 01 October 2015 04:20 AM
ඔය මිනිස්සු තමන් සතුව තිබුන සොච්චමත් උගස්කරලා , දස අතේ වැඳ වැටිලා තවත් පොලියටත් මුදල් සොයාගෙන විදේශ ගතවෙලා අනේක වද හිංසා විඳිමින් මෙහෙකාරකම් කරලා මසෙකට රුපියල් 25,000.00 - 27,000.00 විතරයි හම්බකරන්නේ. ඒ හම්බ කරන මුදලින් තවත් කොටසක් ගිලදාන්න දත් නියවාගෙන බලා සිටින අපේ මූල්‍ය ආයතන වලට දීල ඊට පස්සේ ගත්ත ණය ටික ගෙවන කොට හොඳටම හෙම්බත් වෙලා. මේ විදිහට අවම වශයෙන් වසර 3 ක් වත් කැපකරලා තමයි එ් මිනිස්සුන්ගේ අහිංසක සිහින මාලිගාවල් ගොඩනගන්නට පටන් ගන්නේ .ඒ අතර තුර අපේම රටේ නරුමයන්ට ගොදුරුවෙලා තවත් ප්‍රපාතය වැටෙන අයත් ඉන්නවා. මීට අමතරව ලංකාවේ ජීවත් වෙන දරු පවුලට විඳින්නට වෙන අවමානයන් ද ඇතුළුව මහා පුදුම දුක් කන්දරාවක් විඳගෙන අපේ රටට විදේශ විනිමය රැගෙන එන මේ උදවියට ඔබ තුමිය විසින් කරන්නා වූ මේ අනගිබවනීය මෙහෙවර , ශ්‍රී ලංකිකයෙකු හැටියට මම ඉතාම සතුටින් අගය කරමි . (ස)
ධම්ම Wednesday, 30 September 2015 12:15 PM
ඉතිරි 636 ත් අහවරක් කරලා දාන්න මැඩම්.(හේ)