විදෙස්ගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉකුත් වසරේ පැමිණිලි 7213 ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි
මෙම පැමිණිලි අතරින් 6577 කට විසඳුම ලබාදීමට හැකිවූ බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.
එම පැමිණිලිකරුවන්ට වන්දි ලෙස රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක් ලබාදිය හැකි වූ බව ද අමාත්‍යවරිය කීවාය.
බොහෝ පැමිණිලිවලදී චෝදනා නැගුණේ ඒජන්සිකරුවනට බව කී අමාත්‍යවරිය තමන් රට යැවූ ශ්‍රමිකයා පිළිබඳව සෑම ඒජන්සිකරුවෙක්ම වගකිවයුතු බවද පැවැසුවාය.
වගකීම් පැහැර හරින ඒජන්සිකරුවන්ගේ බලපත්‍ර අහෝසි කිරීම නොපමාව සිදුකරන්නැයි අදාල අංශවලට උපදෙස් දුන් බවද අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැඩම් ටිකක් තදට ඉන්න ඒජන්සිකරුවන්ට නටන්න දෙන්න එපා. (ර)
ඔය වගේ වැඩ කරන අය වාසනාවන් (හේ)
ඔබතුමියට ජයශ්‍රී! (නි)
තලතා අතුකෝරළ මහත්මියට අපේ ප්‍රසාදය! (නි)
මොනවද ඔට්ටු විදේශීය ශ්‍රමිකයින්ගේ ප්‍රශ්න කවදාවත් අවසන් නොවෙන වගට? (නි)
රටයන අයට බොරු ලෙඩවලට මොනවද කරන්න (අ)
අයියෝ ඉතින් හදන්නකෝ නාමලේඛනයක් ඒජන්සිඑවල. හොඳ අය කව්ද නරක අය කව්ද කියල ලකුණු කරලා. එතකොට ඕනේ කෙනෙක්ට හොඳ ඒජන්සි මොනාද කියල දැනගන්න පුළුවන්. (අ)
ඔය මිනිස්සු තමන් සතුව තිබුන සොච්චමත් උගස්කරලා , දස අතේ වැඳ වැටිලා තවත් පොලියටත් මුදල් සොයාගෙන විදේශ ගතවෙලා අනේක වද හිංසා විඳිමින් මෙහෙකාරකම් කරලා මසෙකට රුපියල් 25,000.00 - 27,000.00 විතරයි හම්බකරන්නේ. ඒ හම්බ කරන මුදලින් තවත් කොටසක් ගිලදාන්න දත් නියවාගෙන බලා සිටින අපේ මූල්‍ය ආයතන වලට දීල ඊට පස්සේ ගත්ත ණය ටික ගෙවන කොට හොඳටම හෙම්බත් වෙලා. මේ විදිහට අවම වශයෙන් වසර 3 ක් වත් කැපකරලා තමයි එ් මිනිස්සුන්ගේ අහිංසක සිහින මාලිගාවල් ගොඩනගන්නට පටන් ගන්නේ .ඒ අතර තුර අපේම රටේ නරුමයන්ට ගොදුරුවෙලා තවත් ප්‍රපාතය වැටෙන අයත් ඉන්නවා. මීට අමතරව ලංකාවේ ජීවත් වෙන දරු පවුලට විඳින්නට වෙන අවමානයන් ද ඇතුළුව මහා පුදුම දුක් කන්දරාවක් විඳගෙන අපේ රටට විදේශ විනිමය රැගෙන එන මේ උදවියට ඔබ තුමිය විසින් කරන්නා වූ මේ අනගිබවනීය මෙහෙවර , ශ්‍රී ලංකිකයෙකු හැටියට මම ඉතාම සතුටින් අගය කරමි . (ස)
ඉතිරි 636 ත් අහවරක් කරලා දාන්න මැඩම්.(හේ)