IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විදෙස් ණය මෝරු මිනිසුන් හපා කන්න පටන් අරගෙන

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විදේශීය ණය මෝරුන් ලංකාවට පැමිණ සියයට 300ක අධික පොලියට ණය දී ලාංකිකයන් ණය උගුලක සිරකරන ජාවාරමක් පටන්ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ණය ගෙවීම දවසක් හෝ පමා වුවහොත් ඔවුන් ණය ගන්නා පුද්ගලයන්ගේ  සහ පවුලේ අයගේ පින්තූර සමාජ මාධ්‍යවල පළකොට විවිධ තර්ජන කරමින් පවුල් කඩාකප්පල් කරන්නට උත්සාහ කරන බව ප්‍රේමදාස මහතා කීය.

මෙම ජාවාරම ගැන තමා මහ බැංකු අධිපතිවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔහු ණය උගුලට හිර වූ අය ගෙන්වා සාකච්ඡාවක් කළ බව කී විපක්ෂ නායකවරයා  නමුත් නීතියේ හිඩැස්  නිසා මෙම ප්‍රශ්නයට විසැඳුම් ලබා දෙන්නට නොහැකි වී ඇතැයි පැවසීය.

බංකොලොත් රටේ මුදල් නැති මිනිසුන් සූරා කන්නට මොවුන් පැමිණ තිබෙන බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි ඔන්ලයින්  ණය වැඩසටහන් වලින් ණය ගත් කිසිම කෙනෙක් ණය ගෙවන්න එපා යැයි ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

 



අදහස් (4)

විදෙස් ණය මෝරු මිනිසුන් හපා කන්න පටන් අරගෙන

Aravinda Monarawila Friday, 12 January 2024 10:32 AM

ඔන්ලයින් ක්‍රමයට ණය ගත්ත හැමෝගෙම ණය මම දෙනවය කියලා ඔබතුමාගේ ශ්‍රී මුඛයෙන් කියන්න නායකතුමනි

:       12       6

අප්පුහාමි Friday, 12 January 2024 11:33 AM

නායකතුමා ඔබතුමාගෙ පක්ෂයේ සාමාජිකයන් ගම් මට්ටමෙන් ඉන්නවා නේද ඉතින් ඔවුන් හරහා අහිංසක ජනතාව දැනුවත් කරන්න එහෙම කලොත් වාසියකුත් වෙන්න පුළුවන් අවම වශයෙන් හදුනාගෙන සිටින සාමාජිකයන්වත් දැනුවත් කරන්න ඔවුන්ට කියන්න එම තොරතුරු තවත් කෙනෙකුට දෙන්නෙකුට කියන්න කියලා

:       2       9

abeygunasekarasampath95 Friday, 12 January 2024 08:45 PM

ඔය හැම එකක්ම මිනිස්සුන්ගේ වැරැදි ණය දෙනවා කිව්වාම ලේ බැංකුවෙන් හරි ගන්නවා. ණය ගන්නේ මොකටද කියලා හිතෙන්නේ නෑ. පහුගිය කාලෙම පිරමීඩ ජාවාරම් වලට අහුවෙලා සල්ලි නාස්ති කරගත්තා. කොයිතරම් කිව්වත් මිනිස්සු අහන්නේ නැහැ.

:       0       0

Bamunuarachchi Saturday, 13 January 2024 03:06 AM

ඉතින් ඒක ණය ගන්න අය බලාගනීවි. අපිට විසඳාගන්න ප්‍රශ්න තිබෙනවා ඒවා විසඳාගන්න ට්‍රයි එකක් දෙන්න. ණය මෝරු පස්සේ දුවන්නේ නැතුව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site