(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදේශීය ණය මෝරුන් ලංකාවට පැමිණ සියයට 300ක අධික පොලියට ණය දී ලාංකිකයන් ණය උගුලක සිරකරන ජාවාරමක් පටන්ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ණය ගෙවීම දවසක් හෝ පමා වුවහොත් ඔවුන් ණය ගන්නා පුද්ගලයන්ගේ සහ පවුලේ අයගේ පින්තූර සමාජ මාධ්‍යවල පළකොට විවිධ තර්ජන කරමින් පවුල් කඩාකප්පල් කරන්නට උත්සාහ කරන බව ප්‍රේමදාස මහතා කීය.
මෙම ජාවාරම ගැන තමා මහ බැංකු අධිපතිවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔහු ණය උගුලට හිර වූ අය ගෙන්වා සාකච්ඡාවක් කළ බව කී විපක්ෂ නායකවරයා නමුත් නීතියේ හිඩැස් නිසා මෙම ප්‍රශ්නයට විසැඳුම් ලබා දෙන්නට නොහැකි වී ඇතැයි පැවසීය.
බංකොලොත් රටේ මුදල් නැති මිනිසුන් සූරා කන්නට මොවුන් පැමිණ තිබෙන බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි ඔන්ලයින් ණය වැඩසටහන් වලින් ණය ගත් කිසිම කෙනෙක් ණය ගෙවන්න එපා යැයි ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්ලයින් ක්‍රමයට ණය ගත්ත හැමෝගෙම ණය මම දෙනවය කියලා ඔබතුමාගේ ශ්‍රී මුඛයෙන් කියන්න නායකතුමනි
නායකතුමා ඔබතුමාගෙ පක්ෂයේ සාමාජිකයන් ගම් මට්ටමෙන් ඉන්නවා නේද ඉතින් ඔවුන් හරහා අහිංසක ජනතාව දැනුවත් කරන්න එහෙම කලොත් වාසියකුත් වෙන්න පුළුවන් අවම වශයෙන් හදුනාගෙන සිටින සාමාජිකයන්වත් දැනුවත් කරන්න ඔවුන්ට කියන්න එම තොරතුරු තවත් කෙනෙකුට දෙන්නෙකුට කියන්න කියලා
ඔය හැම එකක්ම මිනිස්සුන්ගේ වැරැදි ණය දෙනවා කිව්වාම ලේ බැංකුවෙන් හරි ගන්නවා. ණය ගන්නේ මොකටද කියලා හිතෙන්නේ නෑ. පහුගිය කාලෙම පිරමීඩ ජාවාරම් වලට අහුවෙලා සල්ලි නාස්ති කරගත්තා. කොයිතරම් කිව්වත් මිනිස්සු අහන්නේ නැහැ.
ඉතින් ඒක ණය ගන්න අය බලාගනීවි. අපිට විසඳාගන්න ප්‍රශ්න තිබෙනවා ඒවා විසඳාගන්න ට්‍රයි එකක් දෙන්න. ණය මෝරු පස්සේ දුවන්නේ නැතුව...