(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතව සිටින සහ විදේශ රැකියා නිමකර ආපසු දිවයිනට පැමිණ සිටින විගමනික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 232 කට ලක්‍ෂ 28 කට අධික වටිනාකමින් යුත් අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ප්‍රදානය කළේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී එම ප්‍රදානෝත්සවය පැවැත්විණි.

විගමනික ශ්‍රමිකයින්ගේ අධ්‍යාපනය හදාරන දරුදැරියන්ගේ අධ්‍යාපනය කටයුතු සඳහා උනන්දු කරවීමේ හා ඊට සවියක් වීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධන අංශය මඟින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දූදරුවන් 20 දෙනෙකුට රුපියල් 20,000 ක් බැඟින් ද, අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් දූදරුවන් 66 දෙනෙකුට රුපියල් 25,000 ක් බැඟින් ද, අ.පො.ස. උසස් පෙළ සමත් දූදරුවන් 22 දෙනෙකුට රුපියල් 35,000 ක් බැඟින් ද, ශිෂ්‍යත්ව ප්‍රදානය කළේය.

විදේශ රැකියාවල නිරතව සිටින ආපසු නැවත මෙරටට පැමිණි විගමනික ශ්‍රමිකයින්ගේ දරුදැරියන් 92 කට රුපියල් 5000ක් වටිනාකමින් යුත් පාසල් උපකරණ ද මෙහිදී ප්‍රදානය කළේය.