ඕමාන් ගෘහ සේවයේ යෙදී සිටිය දී හාම්පුතා අතින් අතවරයට පත්වීමෙන් පසු ගබ්සාවක් කළැයි කියන කාන්තාව ඕමාන් සුරක්ෂා නිවසේ දී ලියූ බව කියන ලියුම් ඇය විසින්ම ලියන ලද ලිපි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
එම කාන්තාව විසින් ලියන ලද ලියුම් ඇය නොලීවායැයි ගබ්සා විමර්ශන කමිටුව ප්‍රකාශ කළත් ඒ ගැන අත්අකුරු පරීක්ෂණයක් නොකළේ ඇයිදැයි එසැණ කළ විමසුමක දී එම කමිටුවට සහභාගී වූ සහකාර පොලිස් අධිකාරිනී ලංකා රාජිනී මහත්මියගෙන් විමසා පොලිස් මාධ්‍ය ප්‍රකාශක එසේ කීවේය.
එම ලියුම් ඇය ලියූ බව පිළිගත් නිසා අත්අකුරු පරීක්ෂණයකට යෑමේ අවශ්‍යතාවක් මතු නොවූ බව සහකාර පොලිස් අධිකාරිනිය කී බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.
ඕමාන පොලිසියෙන් පවරා ඇති නඩුව ඉල්ලා අස් කර ගන්නට ලිපියන් දෙන්නැයි සහකාර පොලිස් අධිකාරිනිය ප්‍රශ්නගත කාන්තාවගෙන් හා ඇගේ සැමියාගෙන් ඉල්ලුවා යැයි නැගෙන චෝදනා ඇය ප්‍රතික්ෂේප කරන බව ද, සහකාර පොලිස් අධිකාරිනිය මේ කමිටුවට සහභාගී වූයේ පොලිස් පතිගේ නිර්දේශය මත නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්ගේ අනුමැතිම මද බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.
ගබ්සා සිද්ධියේ පරීක්ෂණ වාර්තාව මාධ්‍යයට ඉදිරිපත් කිරීම සඳහා පසුගිය සෙනසුරාදා (27) කටුනායක සහන පියසේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යංශයේ ලේකම් කීවේ එම කාන්තාව එවැනි ලිපියක් ලියා නැති බවයි.
ඒ ගැන මාධ්‍ය දිගින් දිගටම ප්‍රශ්න කරද්දී ලේකම් කීවේ එවැනි ලිපියක් නොලී බව ඇය කී බවයි. එම ලිපිවල ඇත්තේ ඇගේ අත්අකුරු නොවන බවත්, ඇගේ අත්අකුරු තමන් සතුව ඇති බවත් ඔහු කීවේය.
ලංකාවට පැමිණි එම කාන්තාව එසැණට කීවේ එම ලිපි ලීවේ තමා බවයි.
(පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය සහිත වීඩියෝව)
(විදේශ රැකියා ප්‍රවර්ධ අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රකාශය සහිත වීඩියෝව)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව නම් මාරයි. මේ ලේකම් වරයා කාව බේරාගන්නද මේ බොරු කියන්නේ. ලග තියාගන ඉන්නෙත් මාධ්‍ය ප්‍රකාශකවරයෙක්ව. ඔහුද මේ බොරු උගන්වන්නේ. හොඳ වෙලාවට ලියුම මාධ්‍ය වලට ලැබුනේ. (නදී)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේ පාර නම් ඇත්ත කියා තියෙනවා. හොඳයි ඒ ගැන ඇත්ත කියපු එක. ඔය කියන සුරක්ෂා නිවසේ ඉන්න නිලධාරීන්ව ඇයි මාරු නොකරන්නේ? ඔවුන්ව ආරක්ෂා කරන්නේ ඇමතිගේ හිතවතුන්ද? විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩ දැන් කරන්නේ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයෙන්ද ? රිසානගේ ප්‍රශ්ණෙදිත් මේ අය මේ විදියටම විනෝද චාරිකා ගියා සෞදියට. අන්තිමට මොකද උනේ. හොඳ වෙලාවට මේ කාන්තාවගේ සැමියා යන්න ඕන හැමතැනකටම ගිය නිසා ඔයින් ගියා (නදී)
මෙතන ඉන්න මාධ්‍ය ප්‍රකාශක කියනවා ලියුම් 2 ක් තානාපති කාර්යාලයේ ඉහල නිලධාරිනියකගේ බලපෑම මත මෙම කාන්තාව ලියුවයි කියලා. ලේකම් තුමා කියනවා මෙම කාන්තාව කිසිම ලියුමක් ලියලා නැහැ කියලා. එතනම දෙන්නගෙන් එක්කෙනෙක් කියන්නේ බොරුවක්නේ. ඒක මේ මහත්තුරු දෙන්නට තේරුනේ නැති එකනේ පුදුමේ. (නදී)
මෙහෙමත් පල් හොරු. මේ අයගේ පඩි ගෙවන්නෙත් අපි මැද පෙරදිග හම්බකරන සල්ලි වලින් නේද ? (නදී)
මේ වගේ අතේ පත්තු වෙන බොරු කියන්න කමිටු පත් කරන්නේ මොකටද? ඒවට ගෙවන්නෙත් අපේ දාඩිය මහන්සියෙන් දහ දුක් විඳලා හොයන සල්ලියි රටේ මිනිස්සුන් ගෙවන බදු සල්ලියි. (නදී)
මේ කාන්තාවට වෙච්ච අසාදාරණයට වන්දියක් ඉල්ලලා නඩු දාන්න තියෙන්නේ. (නදී)
මේ අයට ගොතයක් තියෙනවා වගේ නේද. (නදී)
මම තානාපති වුනා නම් කරන්නේ පැමිණිල්ල වහලා දාල ඕමාන් කාරය බේරන එක. (නදී)
එතකොට වැරැද්ද මොකද්ද? (නි)
දැඩි රස්නය,අධික සීතල,නිදි නැතුව,නිදහසක් නැතුව,ඇට මස් ලේ නහර දියවනතෙක් වැඩකර සොයන සොච්චම බලෙන් උදුරාගෙන ඉන් යැපෙන්නන්ට යන්න අපායක් තිබේද? (නි)
ගැබ් ගැනීමකුත් නැත්නම් ගබ්සාවක් වෙලත් නැත්නම් ඇයි ඉතින් පැමිණිල්ල වහලා තියෙන්නේ? (නි)
මොනවාහරි කියා කියා ඉමුකෝ ඉතින්. අපිත් ඉන්නේ කුවේට් (නි)
ප්‍රවර්ධනය කෙසේවෙතත් සිදුවන්නේ වෙනත් යමක් බව නම් පැහැදිලියි (නි)
අනේ දෙයියනේ! මේවා පිටස්තර ලෝකයාට නම් දැනගන්න තියන්න එපා. (නි)
බොරු කීම නිරයට පත්වීමට හේතු වන්නාක් මෙන්ම උප උපන් ජීවිතවලදී මුඛ දුර්ගන්ධය ඇතිවීමට, අවිශ්වාසි වචන ඇත්තෙකු බවට පත්වීමට, අවාසනාවන්ත ජීවිත ලැබීමටද හේතුවේ. මේ දුලබ මනුෂ්‍ය ජීවිත ලද අය අතුරින් බොහෝ දෙනෙක් බොරු කියා , මුසාවාද තෙපලා අපාගත වෙති. ස්වල්ප දෙනෙක් සත්‍ය වචන තෙපලා, ඇත්ත කියා සුගතිගාමී වෙති. (මුසාවාදසූත්‍රය) (නදී)
අසෝකගේ කතාව හරි, මේ කාන්තාවට සාදාරණයක් සිදු වෙන්නේ නැහැ. (නදී)
සහකාර පොලිස් අදිකාරිට පුළුවන්නේ මේ ලොකු මිස්ට සහ පොඩි මිස්ට අපරාදයක් වසන් කරපු එකට පියවර ගන්න. (නදී)
ඇත්තටම මේ වගේ හොරු ටිකක් (නදී)
ඔය මාධ්‍ය සාකච්චාව යද්දී ඕනෑම කෙනෙකුට හිතෙන දෙයක් තමයි, යමක් වසන් කරන්නට ගන්නා උත්සාහයක් පිළිබඳව.හරිම පණ්ඩිත මෙන්ම උඩඟු විදියටයි මාධ්‍යයට සමහරු උත්තර දුන්නේ. (නි)
මැද පෙරදිග රටවල් වල දුක් විදින දුප්පත් අපේ සහෝදර ජනතාවගේ මුදලින් යැපෙමින් මෙවැනි අපරාද කරවන තිරිසන් නිලදාරීන් පමණක් නොවෙයි ඔවුන්ගේ අඹු දරුවෝ පවා ණය ගැතියි අහිංසක සහෝදර ජනතාවගේ ලේ වලට,දහඩියට. (නදී)
විජේරත්න මහත්මයා මීට අවරුදු කීපයකට කලින් ප්‍රකාශ කලා විදේශ සේවයට යන කාන්තාවන්ගෙන් 90% ම ඒ රටවල් වලදී දුෂණයට ලක් වෙනවා කියලා. ඉතින් මෙවැනි දේවල් ගැන එතුමාට හොඳ අවබෝදයක් තිබියදීත් මේ විදිහට හැසිරීම ඉතාමත් කනගාටු දායකයි. (නදී)
ඔය නිලදාරීන් කන්නේ අපේ මහන්සියේ සල්ලි. එහෙම නම් අපට ඔය නිලදාරියෝ ප්‍රෙයා්ජනයක් නැහැ. අපට විරුද්ධව අරාබියට පන්දම අල්ලලා අපටම අරියාදු කරනවා නම් ඔය ආයතනය අපායක්. සේවයක් නොකරන නිසා ඔය අායතනය විසුරුවන්න. අපෙන්ම කාලා අපට ගොරවන එක ජනාධිපතිට නොපෙනෙනවද? ඒ නිසා තමයි ඩිලාන් ඇමති පැරදුනේ? (නදී)
මේ කව්රුවත් මේ ප්‍රශ්නෙදි වැරදි කාරයෝ වෙන් නෑ. උන් ඔක්කොම නිදහස් වෙයි ගානට. අර අහිංසක අම්මට තමා අන්තිමට අතේ තිබ්බ තුට්ටුවටත් නැතිවෙලා මුනේ දැලිත් ගාගන්න වෙන්නේ. මේක තමයි අපි ඉපදිච්ච රට. ලංකාව වගේ රටක ඉපදුනාට මම සිය දහස් වාරයක් දුක් වෙනවා. ඊලග අාත්මෙදිවත් මේ වගේ පාලකයෝ ඉන්න රටක ඉපදෙන් නැතුව කොහේ හරි මුල්ලක තියෙන රටක ලැට් එකක පණුවෙක් වෙලා ඉපදෙන්න කියලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා. අපේම මහ උන් කතිර ගහල යවපු උන් තමයි මේ. එ්ත් මේ දේ වෙනස් වෙන්නේ නෑ එ්ක කරන්නත් බෑ. (නදී)
අනේ ලැජ්ජා නැති මිනිසුනි. ගැහැනුන්ව රට නොයවා ඉන්න බැරිද ? කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගැහැනුන්ට වෙන්නේ ඔය ටිකයි. ඒ නිසා ගැහැණු විකුනාගෙන නොකා හිගා කාපල්ල ගැහැණිය විකුණගෙන කන්නේ නැතුව (නදී)
ලංකාදීප ඔබට අපගේ උත්තමාචාරය. අහිංසක මිනිසුන් වෙනුවෙන් ඔබ කරන සේවය අතිවිශිෂඨයි (නදී)
මම නම් කියන්නේ ගෑනු රට යවන එක ජාතියක් හැටියට අපි ලජ්ජා විය යුතුයි. දුප්පත් කම ආර්තික ප්‍රස්න මොන රටේද නැත්තේ ? එ්ත් මේ ලජ්ජා නැති වැඩේ කරන්නේ රටවල් කීයද? (නදී)
මඩු වල්ගෙන් තලමුද ? ඔට්ටුද එහෙනම් ! මගේ නම් කිසිම සමාවක් නෑ (නදී)
මැද පෙරදිග මිනිස්සු විඳින දුක දන්නවා නම් අපේ මිනිස්සු පුදුම වෙනවා.මේ සල්ලි අපි රටට ගෙනෙන්නේ අපේ දරු සෙනහස උගස් තියලා, පිටරට වැසිකිළි හෝදලා, පිටරට මිනිසුන්ට වහල් වැඩ කරලා. එහෙම එවන සල්ලි රටේ යහපතට යොදවනවා නම් අපිටත් පින් ලැබෙනවා. ඒවා වංචා දුෂණ , නාස්තිකාර වැඩවලට යොදාගන්න එපා. (නි)
කරන වැරදි වලට, දෙමාපියන්ට හා දරු පවුලටත් මේ අය හෙන ඉල්ලලා. අම්මපා කරේ තිබෙන ටයි එකෙන්ම එල්ලිලා මැරෙනවා. (නදී)
තානාපති කාර්යාලයේ සහ විදේශ රැකියා කාර්යාංශයේ අය කියන්නේ බොරු කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා. අපේ රටේ දැන් නීතිය ක්‍රියාත්මක වෙන හැටියට බොරු කියලා අහුවෙන අයට දෙන දඬුවම ""රැකියාවේ උසස්වීමක් .""ආශ්චර්යයට ඉක්මනින් යන්න නම් සිදුවිය යුත්තේත් ඒකයි (නදී)
බලනකොට අපි වැඩ කරන්නේ පුදුම කට්ටියක් එක්කනේ! (නි)
අහවලා අහවල් කතාත් කියනවනේ අහවල් වෙලාවලට. මේවා අසවල් කට්ටිය කරන අසවල් වැඩ. (නදී)
රාජ්‍ය සේවය සඳහා අවංක නිලධාරීන් පත්කළ යුතුය (නි)
විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය ද විදේශ රැකියා කාර්යාංශය ද විදේශ රැකියා කරන අපට ඉසිලිය නොහැකි බරකි. කරුණාකර මේවා අහෝසි කර දමන්න. අපට නිදහසේ අපේ රට වෙනුවෙන් විදේශ විනිමය උපයන්න ඉඩ හරින්න. (නදී)
ගැහැණු අය මැදපෙරදිග යැවීම තහනම් කරන්න. එතකොට හොර ඒජන්සි නැති වෙනවා. මේ වගේ ප්‍රශ්නත් නැති වෙනවා. ප්‍රශ්න නැත්නම් මේ වගේ ආයතනත්,රටට අවශය නැති වෙනවා. එතකොට රටේ සල්ලි ඉතුරු වෙනවා. අපේ රටේ කාන්තාවන්ට කොන්ද කෙලින් තියාගෙන දරුවොත් බලාගෙන අභිමානයෙන් ඉන්න පුළුවන් වෙනවා. (නදී)
මෙි නිලධාරින් ඉන්නවා නම්, මේක ඇත්තනම් මොවුන් අැත්තටම කාලකන්නි මිනිස්සු (නදී)
ඔය නිලධාරියා කිව්වේ බොරු බව උන්නැහේගේ මුහුනෙන්ම පෙනුනා. වැරදීමකින් වත් ඇත්තක් නම් කියවෙන කටකින් නොවෙයි එදා කතා කෙරුවේ. විදේශ රැකියා ප්‍රවර්දන මහත්තයා ගැන විනයානුකුල පරීක්ෂණයක් වහාම තියන්න සුදුසුයි (නදී)
මේවට ප්‍රධානම හේතුවක් තමයි නිලධාරීන් කියන අයට ටයි පටියකුයි, සීතල කමරයකුයි, ලොකු වාහනයකුයි ලැබුනම ගමේ සරම,රෙද්ද හැට්ටය අඳින, ඉංග්‍රීසි කතා නොකරන දුප්පත් මිනිස්සුන්ව පෙනෙන්නේ ඔවුන්ට සෙල්ලම් කරන්න ඉන්න අමුතු සත්තු ජාතියක් වගේ කියලා.ගමේ ඉන්න අයට දුක වේදනාව උරුම නිසා ඔවුන්ගේ දුක මහා දෙයක් නොවෙයි කියලා හිතනවා.මේක හැමවිටම ලංකාවේ තිබෙන මානසික රෝගයක්. පරණ ලොරියකුයි අලුත් සුපිරි කාර් එකකුයි හැපුනොත් පොලිසිය හිතන්නේ ලොරිකාරයා වැරදියි කියලා.රටට සල්ලි එවන ගෘහ සේවිකාවක් රටට එනවිට ගුවන් තොටුපොළේදී ගණන් ගත්තේ නැතත් බටහිර රටක සිට එන ඕනෑම හොරෙකුට ගරු සැළකිලි ලැබෙනවා. මෙන්න මේ මානසිකත්වය තිබෙනතුරා මෙවැනි ප්‍රශ්න ඉවරයක් නැහැ. (නි)
විදේශ සේවා නියුක්ති ආයතනය කියන්නේ මොන වගේ තැනක්ද කියලා අපි දන්නවා. අහිංසක මිනිසුන්ගේ ලේ උරාබොන ඔවුන් අසරණ වුණාම පැත්තවත් හැරිලා නොබලන අයයි බොහෝවිට ඉන්නේ. (නි)
වැටත් නියරත් ගොයම් කයි නම් කාට පවසම්? (නි)
අහෝ දුකකි! විදෙස් සේවයත් රටේ අනෙකුත් ආයතන වගේම පරිහානියට ගිහින්. පිහිටට ඉන්න යැයි කියන සුබසාධන නිලධාරීනුත් කරන්නේ වැරදිකරුව බේරගන්න ප්‍රබන්ධ ගෙතීමයි. (නි)
මේ වගේ අතේ පත්තු වෙන බොරු කියන්න කමිටු පත් කරන්නේ මොකටද අම්මපා. ඒවට ගෙවන්නෙත් අපේ දාඩිය මහන්සියෙන් ගෙවන බදු සල්ලි. (නදී)
ලංකාවේ ගැහැණු රට යවන්න එපා. කව්රු මොනවා කිව්වත් මැද පෙරදිග රටවලට යන කාන්තාවන්ට කැමති උනත් අකමැති උනත් ඔය වගේ දේවල් සිද්ධ වෙනවා (නදී)
අපේ අය සෞදි කාරයන්ටත් බොරු උගන්වනවා. ඔය විදියට මාදයට බොරු කියන අයගේ පවුල් වල ඥාතියෙකුටයි මේ වගේ දේවල් වෙන්න ඕනේ. (නදී)
මේ දෙන්නා විලි ලැජ්ජා නැතිව ටයි දෙකකුත් දා ගෙන අහිංසක දුප්පත් මිනිස්සු රට ගිහින් වලන් හෝදලා එවන සල්ලි වලින් පඩි අරගෙන පෝෂණය වෙමින් අදි සුඛෝපභෝගී ජීවිත ගතකරමින් කෙලින පච. (නදී)
දැක්ක නේද එදා මාද්‍යට කතා කල ලස්සන. හරියට වාර්තා කාරයෝ ටික ඒ කාන්තාව දොස්තර ලගට ගෙනිච්චා වගේ කතා කලේ. සමහර නිලධාරීන් ධනය, බලය, ඉදිරියේ හැමදාම තම දේශයටත් ජාතියටත් මුළු සණු හරේටත් විස පොවන අන්ධයන් වෙලා. ඇයි මේ තම ජාතිය ගැනවත් ටිකක් නොසිතන්නේ? අපේ දේශයේ අපේම කාන්තාවක් තමන්ගේ සහෝදරිය හා සමානයි නේද ? ඇයි මේ පටලැවිල්ලට මුල ඉදල සම්බන්ද සියලුම දෙනාව එකතු කරලා අමතක නොවන දඩුවමක් දීල ඒ කාන්තාවට ඔවුන්ගෙන් දඩයකුත් අය කරලා වන්දියක් නොගෙවන්නේ ...? මේ ප්‍රස්නේ අපි ජාතියටම දැනෙන්න නොවිසදුවොත් වෙන්නේ අප ජාතිය පාවා දෙන්නන් වෙනවා. එහෙම වුවොත් අපි මින් පසුව සිංහලයා ගැන කතා කරන්නේ නැහැ. (නදී)
ඔය දාගෙන ඉන්න ටයි දෙක ගලවල පත්තර කොලයක් එලාගෙන පාරේ හිගා කාල දරු පවුල නඩත්තු කලානම් ඔයිට වඩා නම්බුයි නේද මහත්තයෝ?. (නදී)
ගැහැනියෙකුගේ අසරණ කම විකුනම් කන හැටි. වදාපු අම්මව විකුනම් කෑවානම් ඔයිට වඩා නම්බුයි නේද? (නදී)
මම මුල ඉදලම කිවේ මෙයාල ඒජන්සිකරයාගේ ඕමාන රියාල් කුට්ටි පිටින් අරගෙන වගේ නේද පෙනෙන්නේ? අර අහිංසක ගෑණු කෙනා බොරු කාරියක් කරලා. හරි පරික්ෂණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන්වත් කළා නම් මේකේ ඇත්ත නැත්ත හෙළි වෙයි (නදී)
සුරක්ෂා නිවසේ අයට විරුද්දව නඩු දාන්න කාන්තා සංවිධානයක් හෝ මැයට උදව්කරන්න. (නදී) ඇත්තට අර රත්නපුරේ බට්ටිට උදව්කරන වාරියපොළ ළමයට උදව් කරන සංවිධාන කෝ? (නදී)
අපේ විදේශ සේවාව ඉතාමත් පහත්. එහෙන් ක්‍රිස් නෝනිස් ට ගහලා. කොහාටද අපේ රට යන්නේ ? (නදී)
මේක ඉදිරි ජනාධිපටිවරණයට ගහන තුරුම්පුවක්. අහුවෙන්න එපා ඒ කාන්තාවට බුදු සරණයි වෙන කාගේවත් සරණක් නැත (නදී)
ගුවන් තොටුපළ තුලදී රක්ෂණ මුදල් අය කරන්නේ හරියට 'කප්පම්' ගන්නවා වගේ. ඇතැම් නිලධාරිනියන්,බෝඩින් පාස් ගන්නට යන මගියාට එය ගන්නට ඉඩ නොදී ආපසු විදේශ රැකියා කවුන්ටරයට යවන්නේ වැරදි කාරයෙකුට දඬුවම් කරනාවක් මෙනි. සෑම දෙයක්ම සිදුවන්නේ ඒ නෝනලාගේ 'මූඩ්' එකේ හැටියටයි. ඉතින් ඕමාන් සිද්ධිය ගැන කවර කතාද (නදී)
යමෙක් තම තනතුරු, වරප්‍රසාද සහ කී නොකී අනෙකුත් හිමි සහ අහිමි වාසි වලට කෑදර කමින් සිය හෘද සාක්ෂියට පටහැනිව ක්‍රියා කරන්නා තමාගේ ආත්ම ගෞරවය කෙලෙසා ගැනීමෙන් නොනැවතී තමන් මෙලොවට බිහි කළ වැදගත් දෙමුපියන්ගේ ද ගෞරවය කෙලසන්නෙකි. (නදී)
කබරගොයා තලගොයා කරලා ලෝකයට පෙන්නන්නේ හාම්පුතාගෙන් ලොකු කුටිටියක් හම්බවෙලා ඇති. අපේ අයට සල්ලි ලැබෙනවා නම් අම්මා තාත්තා උනත් මොකද ඉතින් (නදී)
මුල ඉදලම කඩේ ගියේ අරාබිකාරයටනේ. ඒජන්සිය බේරගන්නත් ලොකු උත්සාහයක් ගන්නවා. ලොකු ගානක් ලැබෙන්න ඇති (නදී)
විදේශීය සේවා අමාත්‍යාංශය සත්‍ය වශයෙන්ම අකාර්යක්ෂමයි. නමුත් හැම නිලධාරියාම එසේ නොවෙයි. මමත් එයට පුද්ගලිකව මුහුණ දී තිබෙනවා. දූෂිත ආයතනයක් ලෙස කිව හැක්කේ ඒ නිසා. විදේශ රැකියාවල නිරත උදවිය නුගත් වහලුන් ලෙසයි දකින්නේ. මේ නිසා මම යෝජනා කරනවා අඩුම ගන්නේ සාමාන්‍ය පෙළ සම්මාන පහක්වත් නැත්නම් මේ රටින් විදේශීය රටවලට මිනිසුන් ඇරීම නවත්වමු. අවම පඩිය $500ක් කරන්ඩ ඕනා.(ස)