(අජන්ත කුමාර අගලකඩ)
විදේශ ණය ගැනීමේදී යෙන් සහ යුවාන් වලින් ගැනීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වන බැංකුවේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ගෙන් යුත් කම්ටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම කමිටුව පත් කිරීමට තීරණය කර තිබේ.
දැනට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම ඩොලර්වලින් ණය ගැනීම සඳහා පමණක් සිදුකෙරේ.
ජපානයේ යෙන් සහ චීනයේ යුවාන් යන මුදල් ඒකකවලින් ද ණය ලබා ගැනීමට හැකි වන සේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට මෙම නව නිලධාරී කමිටුව පත් කර ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ ණය ගැනීමේදී ඩොලර්වලින් ණය ගැනීම වෙනුවට යෙන් සහ යුවාන් වලින් ගැනීමට උත්සාහ කිරීමට වඩා බැලිය යුත්තේ වියදම අඩුවෙන් ණය ගැනීම කල හැක්කේ මොන මුදල් වලින්ද කියලා බලන එකයි.