විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් අතර විශේෂ හමුවක් අද (13) ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී පැවැත්වේ.
ජිනීවා මානව හිමකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයට සහභාගී වීමට ජිනීවා නුවරට ගිය අතරවාරයේ දී අමාත්‍ය මංගල සමරවීර මහතා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේදී මානව හිමිකම් කොමසාරිස්වරයා හමුවන බව විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වර්ධනය සඳහා රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවද එම නිලධාරියා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණයක් ලැබෙයි කියා විශ්වාස කරමු (නි)