( රංජන් කස්තුරි)
ජාතික ලේඛනාගාරයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කරන ආචාර්ය නදීරා රූපසිංහ මහත්මියට තව දුරටත් එම ධූරයේ කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන්නැයි විද්වතුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය එම ධූරයෙන් ඉවත් කර වෙනත් කෙනෙකු පත් කළහොත් එය ජාතික ලේඛනාගාරයේ පැවැත්මට අනර්ථකාරී විය හැකි යැයිද එම විද් වතුන් පිරිස ලිපියක් මගින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය වෙත ලිපියක් යවමින් එම විද්වතුන් පිරි එම කරුණු සඳහන් කරයි.
මහාචාර්ය මහින්ද දීගල්ල හිමි මහාචාර්ය සවීත්‍රි ගුණසේකර,මහාචාර්ය ගණනාත් ඔබේසේකර ,අචාර්ය රංජනී ඔබේසේකර,ආචාර්ය සිරාන් දැරණියගල,ආචාර්ය මයිකල් රොබට්ස්, ආචාර්ය ලියනගේ අමරකීර්තී, ආචාර්ය මාලතීද අල්විස්, මහාචාර්ය නීරා වික්‍රමසිංහ, විද්‍යා ජ්‍යෝති ඈෂ්ලිද වෝස් , ආචාර්ය උදාන් ප්‍රනාන්දු, ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල, ආචාර්ය කාවන් රත්නතුංග සහ ජගත් වීරසිංහ ඇතුළු පිරිසක් එම ලිපියට අත්සන් තබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි දේශපාලුවෝ ටික ජාතික ලේඛනාරක්ෂකෙටත් රිංගන්න බලනවාද? විනාශයි විනාශයි. අනාගත පරපුරට අපේ ප්‍රෞඪ ඉතිහාසය ගැන කිසිම තොරතුරක් ඉතිරිවෙන එකක් නැහැ. කසිප්පුකාරයින්ගෙයි කුඩුකාරයින්ගෙයි ඉතිහාසය විතරයි ඉතිරි වෙන්නේ. මේ සංස්කෘතික විනාශයටනම් කොහෙත්ම ඉඩදෙන්න එපා.
ජනාධිපතිතුමනි, මේගැන ටිකක් සිතන්න. විනිශ්චයකාරවරුන්ගේ ක්‍රියා කලාපයට ප්‍රතිකර්ම කළොත් අනිකුත් රජයේ සේවකයෝ හැදෙයි කියා සිතන්න පුළුවන්. ප්‍රේමදාස කළා වගේ මොවුන්ගේ වැඩගැන පරික්ෂාවෙන් ඉන්න කට්ටියක් පත් කරන්න.