ජාතික විදුලිබල පද්ධතියේ දායකත්වය සපයන සියලු ස්ථානවලට වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා ආරක්ෂාව සපයන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි විදුලි බල නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා පවසයි.
ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී යුද හමුදාව එම ස්ථාන වෙත යොමුවනු ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි රැහැන් වලටත් හමුදාව දාන්න වෙයිද? (බ)
නාමල්, ඔබේ පැතුම හරිම අහිංසකයි, ඒ වගේම හරිම බොළදයි.......(බ) .
ඔව් ඔව් තාම ඉන්නෙ. ඒ කට්ටියම තමා රටේ විශිෂ්ට ජනාධිපති තුමා විතරයි අඩු (බ)
වැඩ බැරි ටාසන්ලා ඉන්නේ (බ)
රට පුරා පැය 5 ක් පමණ විදුලිය නැති වන රටකට එන විදේශ ආයෝජකයා කව්ද? මෙය කිසියම් කණ්ඩායමක කඩා කප්පල් ක්‍රියාවක්ද? පරණ බලාගාරයක් අලුතින් පාට ගා නොරොච්චෝලේ සවිකරමින් ගසා කෑ රාජපක්ෂලා සහ චීනුන් වගකිව යුතු නැතිද ? බලධාරීන් පිලිතුරු දිය යුතුය (බ)
මේවා තමයි යහපාලනයේ නියම විහිළු. පුළුවන්නම් කියන්න ඒකටත් අර රාජපක්ෂ රෙජීමය කියලා (බ)
ඔය තනතුරු වල තවමත් ඉන්නේ එවකට රට පාලනය කළ උදවියගේ ගෝලබාලයින්ම නේද? (නි)
ඔවු ඉතින් එහෙමවත් කරලා බලමු. සාර්ථක වෙයිද නැද්ද කියන එක පසුවට බලන්න පුළුවන් (නි)
කාර්මික දෝෂයකින් වුනා නම් හමුදාව යොදවන්නේ මොකටද? (බ)
ඔන්න යහපාලන රජයෙන් විදුලිය ආරක්ෂා කරන්නත් හමුදාව යොදවන්න හදන්නේ. මේකත් රාජපක්ෂ ගිණුමට බැරකරයිද දන්නෙත් නැහැ (නි)
හමුදාවටත් වැඩක් තියෙන්න එපාය නේද.? (ර)
දී කිරට බලල්ලුත් සාක්කි (බ)
බැරි කම පේනවා වැරදුනාම හිටපු අයට දොස් කියනවා හැමදාම මේ ටික කරන්නේ අපේ රට දිනෙන් දින අගාධයට යනවා එ්ක වළක්වන්න බැහැ (බ)
ඒ කියන්නේ විදුලිය නැතිවුනේ කව්රුහරි ඒ ටික හොරකම් කරලද? ලොරි වලද දන්නේ නෑ අරන් ගිහින් තියෙන්නේ.. (බ)
ඒ කිව්වේ රටේ ආරක්ෂාව පිරිහිලා කියන එකද (බ)
අනේ මෙහෙමත් විහිළු (බ)
විදුලිය ආරක්ෂා කළාට කුණු කාණු සුද්ද කරන්නේ නැනේ (බ)
බලමු හිසේ රුදාවට කොට්ටේි මාරු කරලා (බ)
විදුලිය නැති වුනේ කඩාකප්පල්කාරයින්ගේ වැඩකින් බව පිළිඅරගෙන ඇත. නව රජයට විරුද්ධ අය මේවාට වගකිවයුතුය . (බ)
යහපාලනය වැඩ පටන් අරන්. ජයවේවා. (බ)
අපේ රටේ අනාගතය මොකක් වේයිද කියල හිතෙනවා , මේ වගේ තීරන ගන්න මැති ඇමතිල අතින්. සිකුරිටි කැමරා දාල සාක්ෂි සහිතව විසදන්න පුලුවන් ප්‍රශ්න හමුදාව දාල විසදන්න හදන එක, මොන තරම් විහිලුවක් ද ? (බ)
බලය ගන්න යම් පිරිසක් ජනතාව කුපිතකර කඩාකප්පල්කාරී වැඩ වල නිරතවෙන බව පෙනී යනවා. දේශපාලකයින්ට නොව රටට ආදරය කරමු! (බ)
නොහැකියාව අදක්ෂකම තව තවත් පෙන්නනවා කැකිල්ලේ තීරණ (බ)
හමුදාව දාන්නේ විදුලිය යනවට කරන්ට් එකට යන්න නොදී අල්ලන් ඉන්න වෙන්න ඇති.අනේ මෙහෙමත් ඇමතිලා.මට පේන්නේ මෙයාලට බැරි බැරියාව රෝගය හැදිලා වගේ (බ)
මෙකටත් කියයි රාජපක්ෂගෙ වැඩ කියලා. හමුදාව දාලා කාර්මික දෝශ නවතන්න හැකිද? (ර)
සිසිටිවි හයි කරන්න හැම සැක කටයුතු තැනකම. එය අධික්ෂණ නිලධාරියෙකු පත් කරන්න. නිකන් ඉන්න අය ඇතිනේ විදුලි බල මණ්ඩලය ඇතුළේ ඕනතරම්. (බ)
පළමුම තම තනතුරෙන් ඉල්ලා අස්වෙන්න. බැරි කම වහගෙන නිහඩව ඉන්නවා නෙමේ. වරද අනෙකා පිට පටවන්න හදනවා. මෙයාව දකිනකොට පුදුම කේන්තියක් එන්නේ (බ)
අනේ සංජීව ඔයාගෙ ටිකිරි මොලේ තමයි මොලේ. රටක කඩාකප්පල්කාරි වැඩ වෙන කොට මෙහෙම කළයුතුයි. (බ)
වැඩ බැරි දාසලා..(බ)
මේක ශත වර්ෂයේ විහිලුව ලෙසයි මම දකින්නේ . කඩාකප්පල්කාරීන් ඉන්නවා නම් ඔව්න් විදුලිය සැපයුමට හානි කරන්නේ තුවක්කු , බෝම්බ අරන් ඇවිත් පහර දීලා නොවෙයි . පොඩි ස්විච් එකක් නිව්වාම සිදුවෙන හානිය හරියටම දන්නා කෙනා හමුදා සෙබළුන් මැදදී වුනත් ඒ දේ කරාවි (බ)
දොස්තරලා එට්කා ගිවිසුමට එරෙහි වුනොත් සියලුම රෝහල් වලටත් හමුදාව කැදවිය යුතුය . හමුදාව සිටිය යුත්තේ යුද්ධයක් නැති උතුරේ කදවුරු වල නොව කුලුදුල් රජයට එරෙහිව එන බලවේග මර්දනය කර රට දියුණු කිරීමටයි. රජය කඩාකප්පල් කරන්නට හදන හැම විටම ෆොන්සේකා ජනරාල් තුමා හමුදාව නිසි ලෙස මෙහෙයවනු ඇති බව අපට විශ්වාසයි. ජයවේවා ! (බ)
මේ විදුලි බිද වැටීමට අදාල කරුණු සොයා බලා එවන් ද නැවත සිදු නොවීමට පියවර ගන්න සෑම් කියන විදිහට මෙය කඩාකප්පල්කාරයින්ගේ වැඩකින් බව පිළිඅරගෙන ඇත මෙවන් දෑ කරන අයට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා දෙන්න (අ)
සිසිටිවි හයි කරන්න. වැදගත් තැන් වලට , පොලිසිවල කට උත්තර ගන්න තැනට, විමිසම් වෙන තැනට, විදුලි බලය පාලනය වන තැනට, ආන්ඩුවේ මහජනයා ගැවසෙන තැන් වල ඉන්න් ඔළුව උදුම්මාගත් නෝනලා ඉන්න තැන් වලට සිසිටිවි සවිකරන්න. හුඟක් දේ යහපත් වේවි. අඩුගානේ සාමාන්‍ය මනුස්සයට හොඳින් කතාවත් කරාවි. (බ)
පසුගිය ආණ්ඩුවේ හිටපු අයට බැනල වැඩක් නැහැ. මොකද අලුත් ආණ්ඩුවක් මිනිස්සු පත්කර ගත්තේ අළුතින් හිතල පරණ වැරදි හදාගෙන රට ඉදිරියට අරන් යන්නයි. නමුත් දැන් වෙන්නේ හැමදේකටම රාජපක්ෂලාට බොලේ පාස් කරලා තමන් ඇඟ බේරගන්න න්‍යායයි. එය ඉතාමත් පිළිකුල්සහගතයි. (බ)