(අංජුල මහික වීරරත්න)
මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පූනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධන කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස 2022.3.7 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව එම සමාගම විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කරනු ලැබ තිබේ.
එකී කමිටුවේ නිර්දේශ මත පදනම්ව යෝජිත ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝවොට් පැයකට ඇමරිකා ඩොලර් ශත 8.26ක අගය ( සැබෑ විනිමය අනුපාතය අනුව ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට යටත්ව) අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමටත් වසර විස්සක කාල සීමාවක් සඳහා M/s Adani Green Energy Limited වෙත විදුලිය මිලදී ගැනීමේ ටෙන්ඩරය පිරිනැමීමටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේ Green Power, එක kWh එකකට ඕස්ට්‍රේලියන් ශත 5ත් 8ත් අතර මුදලක් වැය වෙනවා.
චුට්ට චුට්ට කැල්ල කැල්ල දෙන්නේ නැතුව එහෙනම් පිටින්ම ලංකාව එක පාරටම ගෙඩිය පිටින්ම ඉන්දියාවට විකුණලා දාපල්ලාකෝ
මෙහම ගියොත් හරින් කිව්වා වගේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වේවිද?
රටේ තියන අස්ථාවර බවෙන් ඉන්දියාව උපරිම ප්‍රයෝජනය ගන්නවා