IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


විදුලිය කපනවාද නැද්ද තීරණ හෙට

(යොහාන් භාසුර)

විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳව හෙට (13) පෙරවරුවේ තීරණය කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (12) පස්වරුවේ පැවසීය.

විදුලි කප්පාදුව තීරණය කිරීමට විදුලි ඉල්ලුම, සැපයුම සහ ජනන ධාරිතාව පිළිබඳව නිවැරදි තොරතුරු සමඟ අධ්‍යනය කිරීම අවශ්‍ය බවත් හෙට දිනයේ විදුලි ඉල්ලුම පිළිබඳව පෙරවරුවේ පුරෝකථනයක් කිරීමට නියමිත බවත් විමලරත්න මහතා කීය.

ඒ අනුව විදුලිය කොපමණ කාලයක් කප්පාදු කරනවාද ඒ කුමන කාල පරාසයක් තුළ ද යන්න හෙට පෙරවරුවේ තීරණය කරන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  

සමස්ත රටේම විදුලි සැපයුම පසුගිය ඉරිදා (9 වැනිදා) විසන්ධිවීම හේතුවෙන් නොහොච්චෝලේ ‘ලක්විජය’ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර තුන අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ විදුලි ප්‍රමාණය ආවරණය කිරීම සඳහා පසුගිය 10 සහ 11 දෙදින පැය එකහමාර බැගින් විදුලිය කප්පාදු කළේය. 



අදහස් (2)

විදුලිය කපනවාද නැද්ද තීරණ හෙට

සිල්වා Wednesday, 12 February 2025 06:10 PM

ඉන්ජිනේරු ආචාර්ය මහාචාර්යවරු එකතුවෙලා වැඩේ හරියටම කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

:       1       7

soma Thursday, 13 February 2025 06:52 AM

මේ පුංචි රටේ නටන මේ නාඩගම මොකක්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 841 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2482 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site