
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
නව රජයේ විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ දුමින්ද දිසානායක මහතා සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ඇරඹීම කොළඹ 07 , ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි විදුලිබල අමාත්‍යාංශයේ දී අද (18 ) සිදුකෙරිණි.
මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව අමාත්‍යවරයා සුබ මොහොතින් නිළ ලිපියකට සිය අත්සන යොදමින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.
අමාත්‍යවරයාගේ මව ඇතුළු පවුලේ ඥාතීන් ද, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ඇතුළු මැති ඇමැතිවරු ද, අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd