මහින්ද රාජපක්ෂ මහතා කොටි සංවිධානයට රජයේ මුදල් ලබා දුන්නාද නැද්ද යන්න ගැන විවෘත සංවාදයකට එන්නැයි තමා හිටපු ජනපතිට අභියෝග කරන බව එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්ක අපේක්ෂක විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා බත්තරමුල්ල හෙළ උරුම පක්ෂ කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
රණවක මහතා අදහස් දක්වමින් සිටිය දී හදිසියේ විදුලිය විසන්ධි වුවත් ඇමැතිවරයා නොනවත්වා කතා කරගෙන ගියේය. විනාඩි දෙක තුනකිත් විදුලිය නැවත ආවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් එන් සිල්වා ප්‍රකාශ කර සිටියේ ඔහු ලබා දුන් හෙල්පින් හම්බන්තොට තීන්දුව පිළිබද ජනතාවගෙන් සමාව අයද සිටින බවය. සුනාමිය යනු ජාතියේ අවාසනාවන්තම ඛේදවාචකයයි. මේ චෝදනාව නැගුනේ එවැනි අවස්තාවකය. ඉතුරු ටික ඔබට හිතා ගත හැක. මම චම්පික මහතා කියන දේ විශ්වාස කරමි (නදී)
අනේ මේ සෙනරත්, දන්නා දෙයක් කියන්න. (නි)
මෙයා ගැන නම් අපිට කිසිම විශ්වාසයක් නැහැ (නි)
ඔබතුමා වගේ පස්දෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියා නම් අපේ රට ගොඩ. එක එක්කෙනා කියන ඒව ගණන් ගන්න එපා. ජය වේවා! (නි)
මහින්ද ගැන පුදුම අමාරුවක්නේ තියෙන්නේ සමහරුන්ට (නි)
අනේ මන්දා! දැන්නම් ඡන්දෙ එපාවෙලා අපිට (නි)
ඔයිට වඩා වෙන මුකුත් චෝදනා නැත්ද? මෙතුමට ඉදිරිපත් කරන්න. ඔය චෝදනාවට දැන් කාලීන වටිනාකමක් නැහැනෙ. (නදී)
2005 ආණ්ඩුවේ ඉන්නකොට ඔබත් මහරජුට ප්‍රශස්ති ගායනා කළාද? (නි)
සෙනරත්ගෙ අදහස හරි. කෙක්කෙන් හරි කොක්කෙන් හරි වැඩේ කෙරුනනෙ. (නදී)
මේ හැමෝම පුද්ගලික හේතු මත මහින්ද සමඟ තරහයි. කවුරු වුණත් කමක් නැහැ ප්‍රායෝගික ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නකෝ මහින්දට බැන බැන ඉන්නේ නැතුව. සල්ලි දුන්නත් නැතත් කොටියා අවසන් කළේ මහින්ද. (නි)
මෙතුමා මම බොහොම ගරුකරන චරිතයක් (නි)
මෙයාලා එක්ක විවාද කරන්න එයිද මහින්ද මහත්තයා? (නි)
හෙළයිනි, රට බේරාගැනීමට වහා පෙළගැසෙවු! (නි)
ඉතින් ඒ කාලෙම ඕක කියලා එළියට බහින්න තිබුනනේ. (නි)
කරුණාකර අභියෝගය බාරගන්න. (නි)
අපිත් හරහට ඉන්නවා 17 වෙනිදට (නි)
අපේ ආචාරය ඔබට! (නි)
ඔයාලගේ ඡන්දෙන් මෙයාලා පාර්ලිමේන්තු යවලා පස්සේ පසුතැවෙන්න නම් එපා (නි)
ඔහු නියම කෙළින් මිනිසෙක් (නි)
මම එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලන්නේ මේ යහපාලන පෙරමුණෙන් ගොඩබැහැපු අනාතයෝ වගේ අයට නම් උදවු දෙන්න එපා කියලා.සතෙකුට වුණත් කළගුණ මතක තිබෙනවා. (නි)
මහින්ද මහත්තයා දිනුවොත් ලැජ්ජා නැතුව අායෙත් පස්සෙන් යනවද ? (නදී)
ඔබ තුමා කාගේ කොන්ත්‍රාත් එකක්ද කරන්නේ (අ)
හැරෙන හැරෙන පැත්තට මොන මොනවා හරි කිය කිය තමුන්ගේ බලය තහවුරු කරගන්න දඟලන බව තමා අපිට නම් පේන්නේ. (නදී)
මෙයා කිසිවක් සොයා නොබලා චෝදනා කරන්නෙකු බව ඔප්පු කළා ලෙස්ටර් කේ.පී. කිරීමෙන්. ඔබ අපේ විස්වාසය බින්දා. (අ)
මහින්ද නොවේ කොටිය චම්පික තමා කොටියා. පුලුවන්නම් ඔප්පු කරන්න සල්ලි දුන්න කියලා බොරු පඩ ෂෝ දාන්නේ නැතුව (අ)
මේ ලෝකේ සල්ලි අරගෙන මැරෙන මිනිස්සුත් ඉන්නවා එහෙනම්. මේ අයගේ මොලේ තරම හිතා ගන්න පුළුවන්. (අ)
පච්නේ කියවන්නේ එකයි . (අ)
මෙයාට මොලේ අමාරුවද ? අපිට වැඩක් නෑ සල්ලි දුන්නද නැත් ද කියල, කොටි සංවිධානය නැතිවෙන්නම වැඩේ දුන්න නේ ඒ ඇති අපිට. මෙයා මහා ලොකුවට රට ජාතිය ගැන කතාකරනවා . දැන් කොටිය මැරුණු එක ගැන දුක්වෙනවා වගෙයි පෙනෙන්නේ. (අ)
ඉතින් අභියෝගය භාර ගත්තනම් ඉවරයිනේ ඇයි නිකන් කලබල වෙන්නේ , හැබැයි රාජපක්ෂලා නම් කවදාවත් මුහුණට මුහුණ විවාද කරන්න අාවේ නැහැ නේද? (නදී)
එකට ගහගෙන ඉන්න කලේ ඔයාට අභියෝග කරන්න වෙලාවක් තියෙන්න නැතුව ඇති .පව් ඔය (අ)
ඔහොම යනකොට තව මොනවා කියයිද මන්දා (නි)
මෙච්චර කියන එකේ ඔය විවාදෙට මහින්ද මහත්තයා ආවා නම් ඉවරනේ (නි)
ඔන්න මහින්ද මහත්තයෝ චාන්ස් එක අරන් චම්පිකව පතුරු අරින්ඩ විවාදයට ඇවිත් අපිටත් බලාගන්න.(නදී)
සරත් හේවා, ඔයා කීය වෙනකන් ඉස්කෝලේ දැකල තියෙනවද? (නදී)
එකට කාගෙන බීගෙන හිටිය කාලේ ඕවා පෙනුනේ නැද්ද?ඡන්දය ගන්න ඔය වගේ දේවල් කියලා ඡන්දදායකයන් වන අපිට නිග්‍රහ කරන්න එපා (නි)
අනිත් අයට බොරුවට අභියෝග කර කර ඉන්න වෙලාවේ හදිසි බිඳ වැටීම් නැතුව විදුලිය දෙන එක ගැන බැලුවනම් නරකද ? ඇමති ඉන්න තැනත් විදුලිය විසන්දී වෙනවා නම් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද. (නදී)
"පටිසෝතගාමීව තිස්වසක් " කියල පොතක් තියනව චම්පික රණවක කියල කෙනෙක් ලියපු. අන්න ඒකෙ මේ චෝදනාවට උත්තර දීල තියනව. කියවල බලන්න. (බ)