2014 වසරේදී ලංකා විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දීප ව්‍යාප්තව සිදුකළ වැටලීම්වලින් විදුලි හොරුන් 3199 ක් නීතියේ රැහැනට හසුකරගෙන ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය කියයි.
අහිමි වීමට ගිය රුපියල් විසි එක්කෝටි විසි අට ලක්ෂයකට ආසන්න මුදලක් නැවත අය කර ගැනීමට හැකි වූ බවත්, ඉන් මිලියන 191 ලංවිම අලාභය වශයෙනුත්, මිලියන 21 ක් උසාවි ගාස්තු වශයෙනුත් අයකරගෙන තිබෙන බවත් මණ්ඩලය පවසයි.
එම වැටලීම්වලින් 2077 ක් මීටර් වෙනස්කිරීම් වන අතර 1122 ක් කොකු යොදා විදුලිය ලබාගැනීම් ලෙස හඳුනාගෙන තිබෙන බවත්, එවැනි යම් වංචා සම්බන්ධයෙන් දුරකතන අංක 2422259 ඔස්සේ ලං.වි.ම. විමර්ශන ඒකකයට තොරතුරු ලබා දෙන ලෙසත් මණ්ඩලය ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවර පැත්තේ හෝටල් වල මම වැඩ කල කරපු දිනවල මම දැකපු දෙයක් තමයි මංඩලේ වැඩකරන සුපර්වයිසර් එක්ක එකතුවෙලා මේ වැඩ කරන්නේ. මම එක හොරෙක්ව අල්ලලා දුන්නා ඒ කාලේ. (නදී)
ලෝකයේ බොහෝ රටවල විදුලිය හොරෙන් ගන්න බැරි උනත්, කොහොමද මෙය අපේ රටේ පහසුවෙන් කරන්න පුළුවන් විදියට විදුලිය බෙදා හරින්නේ? පොලොව යටින් රැහැන් ඇද, විදුලිය බෙදාහරිනවානම්,"කොකු" මගින් කරන හොරකම් බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්. (ර)