
(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා )
විදුලි විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයින් දෙදෙනෙකු ගේට්ටුව වසා හිරකර බල්ලන් ලිහා දමන බවට බියවද්දා විදුලි සැපයුම ලබාගැනීමට උත්සාහ කළ හමුදා මේජර් වරයෙකුගේ බිරිඳ ක් සහ මේජර් වරයාගේ මිතුරෙකු මොරොන්තුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරොන්තුඩුව නාන්දූව ප්‍රදේශයේ පදිංචි අයවලුන් බව පොලිසිය කීය.
හමුදා මේජර් වරයා, බිරිඳ සහ ඇයගේ මව පදිංචි නිවස පිහිටි ඉඩමෙහිම බිරිඳ ගේ අක්කා කෙනෙකුගේ නිවසද පිහිටා ඇති අතර, අක්කා ජපානයේ පදිංචිව සිටින බව සදහන් වේ.
විදුලි සේවකයින් සිව්දෙනෙකු ජපානයේ පදිංචි බව කියන කාන්තාවගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට පැමිණ ඇති අතර, ඇයගේ මව ගේට්ටුව විවෘත කල පසු විදුලි සේවකයින් දෙදෙනෙකු ඇතුළුව ඇති බවත්, අනෙක් දෙදෙනා ඔවුන් පැමිණි වෑන් රථයේම සිට ඇති බවත් පැවසේ.
ගේට්ටුව විවෘත කල මව මේජර් වරයාගේ බිරිඳට විදුලිය විසන්ධි කිරීම දැනුම් දී පැමිණෙන අතරවාරයේ විදුලි සේවකයින් යාබද පිහිටි සිය අක්කා ගේ නිවසෙහි විදුලිය විසන්ධි කර තිබී ඇති බවද පොලිසිය කීය.
එහිදී ඇය ජපානයේ සිටින අක්කාට දුරකථන ඇමතුමක් ලබාගෙන විමසීමේදී ඇය ඔන් ලයින් තාක්ෂණය ඔස්සේ විදුලි බිල්පත ගෙවූ ලදුපත වට්සැප් මගින් නැගණියගේ ජංගම දුරකථනයට යොමුකර ඇති බවත් සදහන් වේ.පසුව ඇය එය විදුලි සේවකයින්ට එය පෙන්වීමට උත්සාහ කලත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබූ බවද පොලිසිය කීය.
එහිදී උරණවූ මේජර් වරයාගේ බිරිඳ ගේට්ටුව වසා ඉබි යතුරු දමා, නිවසේ ඇති කරන සැර බල්ලා ලිහා දමන බවට තර්ජනය කොට විසන්ධි කර තිබූ විදුලි සැපයුම යලිත් ලබාදෙන ලෙස ඉල්ලා සිට ඇති බව පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අත්දැකීම මටත් තියනවා. විදුලිය කපන්න එන්නේ වෙනම ටීම් එකක්... ඒ ගොල්ලන්ට කැපුවොත් තමයි ගාන ගෙවන්නේ... රිසිට් පෙන්නුවාට බලන්නේවත් නැහැ...
මෙතන කව්රු ඇත්ත කිව්වද කියලා හරියට දන්නා නැහැ. නමුත් ළඟදී එක් නිවසට විදුලි විසන්ධි කරන්න ඇවිල්ලා. එතකොට නිවාස හිමියන් ගෙවපු රිසිට් පත ඔවුන්ට පෙන්නලා තිබුණා. නමුත් විසන්ධි කරන්න ආපු පිරිස කියලා තියන්නේ අපිට විසන්ධි කරන්න දීපු ලැයිස්තුවේ මෙම නිවසත් අඩංගු කියලා. ඒ මොහොතේම විසන්ධි කරන්න ආපු පිරිස කියලා තියන්න දැන් අමතර ගාස්තු අපිටම ගෙව්වා නම්..., දැන්ම නැවත සේවය ලබාදෙන්න පුළුවන් කියලා. ගේ හිමියා මණ්ඩලයට දැනුම් දීලත්, ඔහුට සාධාරණය ඉටුවෙලා නැහැ. පසුව ඔහුට තේරුණාලු අයථා ලෙස මුදල් උපයන්න කරන කුප්ප වැඩක් කියලා. එම නිවාස හිමියා අහිංසක නිසා නීතිමය කටයුත්තකට ගිහින් නැහැ...
සාධාරණයි තරහා යන එක. බිල ගෙවලා තියෙද්දීත් ඒක පෙන්නද්දීත් විසන්ධි කිරීම වැරැදියි. විදුලිබල මණ්ඩලේට එරෙහිව නඩුවක් ගොනුකර සිදුවූ අපහසුතාවයට වන්දි අයකර ගන්න තියෙන්නේ...!
විදුලිය බිල් ගෙවා තිබියදී විසන්ධි කිරීම බරපතළ වරදක් කියන්න පුළුවන්. එහෙම තියෙද්දී හරියට සොයා නොබලා පොලිසිය කරලා තියෙන්නේ ඒ වගේම වරදක් කියන්න පුළුවන්... අධිකරණයට ගොස් පොලීසිය කළ අපහාසයට විරුද්ධව හා මණ්ඩලය අත්තනෝමතික ආකාරයට විසන්ධි කිරීම වෙනුවෙන් වන්දියක් ඉල්ලා නඩු පැවරීම කරන්න ඕනෑ. මෙහිදී ප්‍රශ්නයක් ඇතිවෙනවා විදුලිය විසන්ධි කරන්න ආවේ රොබෝවරුද කියලා..? මොළයක් තියෙන කෙනෙක් බිල් ගෙවා තිබියදී විදුලිය විසන්ධි කරන්නේ නැහැ...
ඔය අමිහිරි අත්දැකීම මමත් විඳලා තියනවා.. කාළකන්නි කොන්ත්‍රාත් කාරයින්ගේ ගෝලයෝ එන්නේ විදුලිය කපන්න. ඔවුන්ට ඒ මොහොත වනවිට ගෙවාඇති ඊ බිල් එක පෙන්නුවත් ගණන් ගත්තේවත් නෑ. විසන්ධි කරලා ගියා විතරක් නෙවෙයි, ඔවුන්ගේ ගාස්තුව රුපියල් 3000ක් පසුව බිලකින් අයකර ගත්තා. විදුලිබල මණ්ඩලයට අවස්ථා කිහිපයක්ම ලිඛිතව කරුණු ඉදිරිපත් කළත් නැවත ඒ මුදල් ලැබුණේවත්, ඒ ලිපිවලට පිළිතුරක්වත් ලැබුණේවත් නෑ.. ඕකුන්ට හෙන ගහනවා...
මේ වැඩේ මටත් වෙලා තියෙනවා. බිලගෙවපු රිසිට් තියෙනවා. ඒ වුණත් ඊළඟ බිල්වලත් ඒ හිඟේ ඒ විදිහටම තියෙනවා. වරෙල්ලකෝ ලයිට් කපන්න.
ඒ මේජර්කම හමුදාවට. විදුලි බල මණ්ඩලේට අදාළ නැහැ කියලා මේජර් දන්නේ නැහැ...!
මෙවැනි ගැටළු බොහෝ දෙනාට ඇතිවෙන්නේ විදුලිබල මණ්ඩලයේ ඇති පිළිවෙලක් හා කිසිඳු සැලකිල්ලක් නැති ක්‍රියානිසා කිව යුතුයි. ඔන්ලයින් මුදල් දමා තිබියදීත්, විදුලිය කැපීමට පැමිණීමෙන් ඔවුන්ගේ බාල බොළඳ බව පෙනේ. ඔන්ලයින් මුදල් ගෙවීම් කොට රිසිට්පත ඉදිරිපත් කිරීම සිදුකොට තිබියදීත්, විදුලිය කැපීමට කටයුතු කිරීම බලවත් වරදකි. මේ සම්බන්ධව අදාල නිලධාරීන් හට එරෙහිව කිසියම් පියවරක් ගත යුතුයි. එසේම පොලිසිය විසින් සිදුකොට ඇත්තේ ද අපූරු දෙයකි. විදුලිය සඳහා ගෙවූ බවට ඔන්ලයින් රිසිට් පත තිබේ නම්, ඔවුන් වරදක් කළා යැයි අත්අඩංගුවට ගන්නේ කෙසේද කියා තර්ක කළ හැකියි. පොලිසියද අත්තනෝමතික ලෙස කටයුතු කොට ඇත. එසේම සිද්ධියට සම්බන්ධ නැති මේජර් වරයාට අපකීර්තියක් සිදුවී ඇත. ඔහුගේ කීර්තිය හානිවී ඇත. මේ රටේ හැටි එසේය...