පසුගිය පස් මාසයේ දී විදුලි සැර වැදීමෙන් පුද්ගල මරණ 13ක් වාර්තා වී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාර මහතා පවසයි.

අනුරාධපුර, මහනුවර, රත්නපුර, වව්නියාව හා අම්පාර යන දිස්ත්‍රික්කවලින් එම මරණ වාර්තා විය.

ගිය වසරේ විදුලි අනතුරුවලින් 76 දෙනෙකුට දිවි අහිමි විය.