(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
විදුලි ගාස්තු වැඩි කළේ ඉංජිනේරුවන්ට බෝනස් දීමට නොවන බවවිදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේද අතිකාල දීමනා කප්පාදු කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගැසට් නිවේදනය පිළිබඳ විවාදයේදීය.
අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කළේය.
අවුරුද්දක් තිස්සේ තිබුණු විදුලි කප්පාදුව නතර කළා. අපිට අමතර මුදල් සහනාධාර වශයෙන් දෙන්නෙ නැහැ. වියදමට සරිලන ආදායමක් ලබා ගත යුතුයි. ගාස්තු සංශෝධනය දුන්නට පස්සේ අපිට ණය ගන්න පුළුවන් වුණා. ප්‍රධාන බැංකු අවශ්‍ය මුදල් ටික ලබා දුන්නා. ඒ අනුව දැවි තෙල් ටික මිලදී ගත්තා. මේ රටේ අඛණ්ඩව විදුලිය දෙන්න බැරිනම් සමහරු කැමතියි. ඉංජිනේරු සංගමය බෝනස් ඉල්ලනවා. අතිකාල දීමනා ඉල්ලනවා.එහෙම දුන්නෙ නැති වුණාම පාරට බහිනවා කියනවා. විදුලි බිල වැඩි කළේ ඉංජිනේරුවන්ට ප්‍රසාද දීමනා, වරප්‍රසාද දුන්න නොවෙයි. අපේ වියදම පියවා ගන්න. මණ්ඩලයේ පාඩුව ජනතාව මත පටවන්න බැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඔහෙලට බුරියානි කන්නද?නැතිනම් ලාභ ආයතනයක් කියලා පෙන්නලා ගානකට විකුනලා කුට්ටියක් ගෙදර අරන් යන්නද ?
උඹලා ඔක්කොම එකයි බලාගෙන යද්දී .දැන් ඩොලර් ප්‍රශ්න නැද්ද .උඹලා වින්දවලා මැරෙන්න ඕනේ උසස්පෙළ ළමයින්ව කළුවරේ තිබ්බට
එක කරේ ඔයාලාට හොරා කන්න කියලා අපි දන්නවා.
ඔව් ඔව් අපි දන්නවා, ඒ කලේ උඹල ඒ කරගත්තේ උඹලගේ වල කපාගත්තු එක තව ටිකක් ගැඹුරට
මෙ කාලකන්නි ආන්ඩුව කරන්නෙම බොරු තමයි..තොලොන්චිවෙලාම යන්ඩ ඔන
ඔව් අපි දන්නවා. පාඩු ලබන ආයතනයක් වික්කාට කොමිස් එක අඩු නිසා...
අප්පුච්චාට වෙච්චි දේම තමයි මෙයාට වෙන්නෙත්...
දැන්නම් මේ මූන දකින්නත් අප්පිරියයි...
ඉස්සර වගේ නොවෙයි, ජනතාව දේශපාලනයෙන් හොඳ දැනුවත්, ඔයගොල්ලන්ගේ තාත්තගේ කාලේ තමයි මිනිස්සුන්ට බොරු කිව්වාම පිළිගන්නේ.... ඒවාට තමයි ඔය දේශපාලකයින්ට යන එනමං නැතිවුණේ, අපිට නම් තේරෙන හැටියට මේ එන්නේ ලංකා විදුලි බල මණ්ඩලය කෑලි වලට කඩලා විකුණන්න. හොඳ ලාභ නැතුව කොම්පැනි කාරයින් ඕවා ගන්නේ නෑ. ඒකයි ලයිට් බිල වැඩිකළේ, ඒවාට නම් වැහි නැති... තමයි.