ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර සේනක විජයපාල මහතා පවසනුයේ රට පුරා විදුලිය විසන්ධිවීමේ සිද්ධිය ගැන තමා ලජ්ජාවට පත්වන බවයි. විදුලිය ලැබුණු වහාම තමා පදවියෙන් ඉල්ලා අස්වන බව ඔහු කියයි.
පසුගිය මාස හයේදී තෙවරක්ම විදුලිය බිඳ වැටීමේ වගකීම තමා බාරගන්නා බවද ඔහු පවසයි.
විජයපාල මහතා 1991 දී මොරටුව විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා විදුලි ඉංජිනේරුවරයකු විය.
ට්‍රාන්ස්ෆෝමර් නිර්මාණ ඉංජිනේරුවරයකු ද වන ඔහු ලක්දනවි ඩීසල් බලාගාරයේ ව්‍යාපෘති ඉංජිනේරුවරයා වූ ඔහු මොරටු සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ද විය. 2011 ලංකා විදුලි බල මණ්ඩලයේ උප සභාපති වූ විජයපාල මහතා ශ්‍රී ලංකාවේ විදුලි ඉංජිනේරු කර්මාන්තයේ 20 වසරක පළපුරුද්දක් ලබා සිටියෙකි.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේත් අන්තර්ජාතික වෘත්තීය ඉංජිනේරු ආයතනයේත් සාමාජිකයකු වන ඔහු ශ්‍රී ලංකාවේත් එතෙරත් උපදේශක සේවාවන්හි යෙදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලා අස්විය යුත්තේ ඔබතුමා නෙමෙයි (බ)
ඒත් දේශපාලකයෝ එක් කෙනෙක්වත් එළියට බහින්නේ නැහැනේ. කෝ විදුලිබල ඇමති? (නි)
ඉල්ලා අස්වුණා කියලා මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැහැ නේද? (නි)
සමහරු සම්මුඛ සාකච්ඡාවලදි කියනවනේ වෙච්ච ඒවා දැනගෙන හිටියාය මාධ්‍යවේදින් ඇහුවෙ නැති නිසයි එකල නොකිව්වෙ කියලත්. (බ)
වැරදුනාම දාලා යන එක නොවෙයි හරෙ. ඒවා හදාගෙන ඉදිරියට යන එක (නි)
මහානාම, ඔබේ ප්‍රතිචාරය තමයි නිවැරදිම අදහස. මමත් ඔබ සමඟ මුළුමනින්ම එකඟයි. (නි)
වගකීම් භාරදිය යුත්තේ මෙවැනි මිනිසුන්ටයි. විජයපාල මැතිතුමනි, ඔබතුමා සැබෑ මිනිසකු ලෙස දකිමි. ඔබගේ සේවයද මිනිසුනට අවශ්‍ය බැවින් තනතුරේ රැඳී සිටිනවා නම් හොඳයි. (නි)
ඔබ රටට ඉතා වටිනා කෙනෙක්. පළමු වතාවට ලංකාවෙන් මේ වගේ කතාවක් ඇහුවෙ. හිතට අවංකව ඔබේ තීරණය ගන්න. ඔබට සුබ පැතුම්! (නි)
එතුමා ඉල්ලා අස්වෙනවා නම් දේශපාලනය කරන අය දස දහස් වාරයක් ඉල්ලා අස්විය යුතුය (නි)
එතකොට මුදල් ඇමතියි පාරිභෝගික කටයුතු ඇමතියි ඉල්ලා අස්වෙන්නේ කවදාද? දැන් ජනතාව වැඩිපුර බඩගින්නේ ඉන්නේ (නි)
හරි ප්‍රශ්නයක් තමයි දැන් වෙන්නේ. ඔබතුමාව ආදර්ශයට අරගෙන අපේ දේශපාලඥයිනුත් ඉල්ලා අස්වෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ රටට? (නි)
යන්තම් එක වැදගත් මනුෂ්‍යයෙක් හරි ලංකාවේ ඉන්න බව දැකලා මගේ හිත චිත්තප්‍රීතියෙන් මුසපත් වුණා. (නි)
මෙතුමා වැදගත් මහත්තයෙක්. මේ තීරණය රටට ආදර්ශයක් (නි)
මේක නම් ඉහළ රැකියා වෘත්තිකයින්ට බොහොම අපල කාලයක් වගෙයි (නි)
බලගතු දේශපාලකයෙකුගේ ඇම්බැට්ටයෙකුට යම් වාසියක් සිදුවෙන්න කරන මෙහෙයුමක් වෙන්න බැරිද? මොකද ඉතින් පුර්වාදර්ශ ඕනෑතරම් ඔය තියෙන්නේ. (නි)
ඉල්ලා අස්වෙන්නේ කුමන හේතුවක් නිසාද? ජනතාවට තේරුම් කරන්න. (නි)
යහපාලනයට ඡන්දය දුන් අය දැන්මම භූමිතෙල් කුප්පියක් සූදානම් කරගත්තොත් හොඳයි. වෙනස උදාවෙලා.... (නි)
තම ආදරණීය දෙමව්පියන්ගේ ගෞරවය ආරක්ෂා කළ ඔබතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උගතෙකි. බුද්ධිමතෙකි. ඔබතුමාට මම හිසනමා ආචාර කරමි! (නි)
ඔබතුමා ඉල්ලා අස්වීම නොව වැඩ වැදගත් වන්නේ හේතුව සොයා බැලීමයි. හේතුව සොයාබලා පිළිතුරු ලබා දී තීරණයක් ගැනීම වඩා සුදුසුයි නේද? හේතුව සොයා ගැනීමට නොහැකි නම් වහාම ඒ සම්බන්ධයෙන් සුදුසු නිගමනයක් ලබාදෙන්න. (නි)
මම නම් හිතන විදිහට එතුමා ඉල්ලා අස්වියයුතු නැහැ. ඇයි එහෙම කරන්නේ? (නි)
අස්විය යුත්තේ ඔබ නොවෙයි. ඇමති හා උප ඇමති. එ්කයි සාමාන්‍ය සිරිත. දැන් වෙන්නේ කොහේහරි යන දේශපාලු හෙන්චයියෙක් ඔතනට ඔබන්න ඔබතුමාම දේශපාලුවන්ට ඉඩදෙන එකයි. එ්ක නිසා තීරණය වෙනස් කරන්න. (නි)
චානක මධුසංඛ, මමත් එකඟයි ඔබ සමඟ. (නි)
ළඟදි විදුලිබල මණ්ඩලය පුද්ගලික අංශයට දෙන්න පාර කපනවාවද්ද? එහෙම නැත්නම් එයට ඉඩ නොදෙන පිරිස් රටේ ආර්ථිකයට හානිකරලා කියලා මුල්‍ය අපරාධ අංශයට එක්ක යන්නවද්ද? එහෙමත් නැත්නම් ඇත්තටම අපේ අයට ලෙඩේ හොයාගන්න බැරුවද? (නි)
මහානාම, වසර විස්සක පළපුරුද්දක් ඇති උගත් බුද්ධිමත් කෙනෙකුට කළමනාකරණය පිළිබඳව අප කියාදිය යුතු නැහැ. ඒත් මොළේ තිබෙන මිනිසුන්ට වැඩකරන්න දෙන්නේ නැතුව කකුලෙන් අදිනවා නම් කොහොමත් එතන රැඳෙන්න කවුද කැමති? (නි)
මේවා දේශපාලන වශයෙන් පලිගැනීම් කරන කඩාකප්පල් කාරී ක්‍රියාවන් බව ඕනෑම මෝඩයෙකුට පැහැදිලියි , ඒ වගේ දේවල්වලට කරන්න ඕන මේ තරම් උගත් බුද්දිමත් පළපුරුදු රාජ්‍ය නිලධාරියෙක් ඉල්ලා අස් වීම නොවෙයි , තමන්ගේ දේසපාලන මැති මතාන්තර ඉෂ්ට සිද්ද කරගැනීමට ඕනෑම කුජිත වැඩක් කර රටේ ජන ජීවිතය අදාළ කිරීමට කැස කවන තිරස්චින ගෝල බාලයන්ට දඬුවම් කිරීමයි , හෙට අනිද්දට ආරංචි වෙයි මේ මනුසයත් ඕසට්‍රේලියාවට හරි කැනඩාවට නැත්නම් ලෝකේ තියෙන හොඳම රටකට ගියා කියල , ජරාජීරණ වුණ දෙශපලනයක් නිසා තවත් උගතෙක් , බුද්දීමතෙක් රටට අහිමි වීමට පෙර විදුලි බල ඇමති තුමනි මේ ඉල්ලා අස් වීමේ ලිපය බාර නොගෙන වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙන්න , රටේ ජනතාව හැටියට අපි බලා සිටින්නේ ඒ දෙසයි (අ)
ඔබතුමා ආයතනයේ ප්‍රධානියා වගකීමක් ඇත. එහෙත් ඔබතුමා අස්වූ පමණින් විදුලිය බිඳ වැටීම නවතීද ? සිදුවියයුත්තේ ඔබතුමා අස්වීම නොව බිද වැටීමට නියම හේතුව ජනතාවට් පැහැදිලි කිරීමයි. ඔබතුමා වැනි උගතුන් ඉහල තනතුරුවලින් ඉවත් වීම රටේ අවාසනාවක්, මොකද පෙන්දන්ට නටන්න වේදිකාවක් සලසා දීමක්. නැවත වරක් සිතන්න මේ නිසා තමයි අපේ විද්වතුන් රට හැර යන්නේ .(අ)
පළමුකොට සේනක මහතාට හිස නමා ආචාර කරමි. ඒ අප රටේ බොහෝ දෙනෙකුට නොමැති වරදක් වූ විට පිළිගන්න හා එහි වගකීම භාරගන්න උතුම් ගුණාංගය නිසා. එහෙත් මෙහි අදහස් පල කර ඇති බොහෝ දෙනෙක් කියන්නාක් මෙන් අපට අහිමිව ඇත්තේද ඔබ වැනි උතුම් ගුණාංග ඇති උගත් මිනිසුන්මය. කරුණාකර වැරැද්ද සොයා බලා පිළියම් කරන්න. අනෙක් අතට මෙය ඔබ තුමාගේ ගිණුමට බැර කරගැනීමද සාධාරණ නොවේ.මෙයට හේතු විය හැක්කේ කාලයක් පුරා ගනු ලැබූ අවිදිමත් තීරණ විය හැක. අපට කිසිදු වැඩක් කල නොහැකි 225 ක ගව ගාලක් බත්තරමුල්ල ප්‍රදේශයේ මහජන මුදලින් දින පතා නඩත්තු කල හැකි නම් මෙවැනි දේ ඉතා සුළු කොට තැකිය හැකියි.(අ)
ඔබට ආත්ම ගරුත්වයක් තියනව, ඒකයි ඉල්ලා අස්වෙන්නෙ. ඇමතිවරුන්ට එහෙම එකක් නෑනෙ. ගෙදර යවනකල්ම ඉන්නව. ඔබ තුමාට අස්වෙන්න බියකුත් නෑ, උගත්කම නිසා රැකියා ගැටළුවක් නෑ. නූගත් මැති ඇමතිවරු එහෙමද, වෙන මොනවා කරන්නද?(අ)
ඔබතුමා,ඉල්ලා අස්වීම මේකට විසදුමක් නොවේ (අ)
විදුලිය බිදවැටුනයි කියලා ඔබතුමා අස්වෙන්න යනවා. ඒවුණාට ඒකාලේ ස්ටාර් තරඟයට කෝටි 12යි. මැයි දින කෑමට ලක්ෂ 42යි. වැය කරපු කට්ට්ටය තාම ඒ පුටු වලමයි. (අ)
මෙතුමාගේ තීරණයට මම නම් එකඟ නැහැ. ඉල්ලා අස්වීම විසඳුමක් නෙමෙයි (නි)
විදුලිය පමණක් නොව සියල්ලම බිද වැටෙන යුගයක් උදාවී තිබෙන්නේ.සියල්ලන්ම ඉල්ලා අස්වී ගෙදර යායුතු වුවද එය සිදු නොවන බැවින් එලවා දමන්නට ජනතාව පාරට බැසිය යුතුය. (අ)
පරිපාලනය කලයුතු වන්නේ පරිපාලනය දන්නා උදවිය. එහෙත් අපේ රටේ බොහෝ තැන්වල කිසියම් වෘත්තීයක් බලවත්ද එම ආයතනය එම වෘත්තීකයන් ඇත තබාගන්නට ගොස් අනාගනී. දොස්තර වරුන් බොහොම දෙනෙක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරිපාලන රැකියාවල නිරතව සිටින්නේද මෙලෙසමය. අවසානයේ වැඩිපුරම අර්බුධ ඇත්තේද මේ ආයතන වලමය. තම රැකියාවෙන් උපාධියෙන් හිස උදුම්මා ගන්නා උගතුන් රටට කරන විනාශයන් අපමණය. (අ)
සත්‍යපාල, නියමෙට තියෙයි එහෙම ගියොත්. ඔයා ඔය තොප්පි වෙලෙන්දගේ කතාව කරන්නද හදන්නේ. පහුගිය කාලේ අයට බලට ආවොත් රටම ඉවරයි. (අ)
කළමනාකරණය කියන එක හැමෝටම පුළුවන් නම් කලමනාකරණ උපාධි තියෙන්න ඕනෙ නැහැනේ. නමුත් කලා උපාධි සහ වෙන වෙන උපාධ් ගත්තු අයයි තමයි හුඟක් වෙලාවට රාජ්‍ය ආයතන වල ඉහලම කළමණාකරන තනතුරු වල ඉන්නේ. (අ)
මෙම අස්වීමට තිබෙන උවමනාව පිටුපස රහසක් නැද්ද? (අ)
විශාඛා මැතින්ය ඔබ නිවැරැදියි. අස්විය යුතු අය තාම එතනමයි. ඉතිං රට ගොඩ යන්නෙ කෙලෙසද? ඒ අය ඇඟිලි ගනිමින් සිටින්නේ නැවත බලය එනතුරුයි. මේ ක්‍රමය තිබෙන තුරු දුප්පතා දුප්පතාමයි. රට එතනැමයි.
මෙතුමාගේ විස්තරය අනුව මෙතුමාට කිසිම පරිපාලන දැනුමක් ඇතිබවට ලකුණු නැත. මෙතුමා පමණක් නොව මෙතුමාව පත්කළ අයද ඉල්ලා අස් විය යුතු නොවේද?
හසන්ත පහුගිය කාලේ අයට බලට එන්න රටක් ඉතුරු වුණොත් පුළුවන්. මෙයන විදිහට රටක් ඉත්රු වේවිද? මේ අවුරුදු එකහමාරට රටට මොනවද කලේ? (අ)
ඇයි හසන්ත, දැන් හොඳට සියල්ල වෙනවද? ඉස්සර ගෙදරක වැඩකට කුලී කරන මිනිහෙක් හොයාගන්න බැරි තරමට රස්සා තිබුනා අමතකද? හැම පවුලකම කාට හෝ වාහනයක් ගන්නට පුළුවන් කාලයක් තිබුනා අමතකද? සති අන්තයේ විනෝද ගමනක් යන්නට බස් එකක් වෙන්කර ගන්නට බැරිතරම් මිනිසුන් ගමන් බිමන් ගිය කාලයක් දැනට මාස 15-20ට පෙර තිබුනා අමතකද? මේ වේගයෙන් කඩා වැටෙන්නේ එහෙම තිබුන රටක් නොවේද? (නි)
බමුණු, මේ අවුරුදු එකහමාරට රටට මොනවද කළේ කියලා ඔයා අහපු නිසා කියන්නේ. කළේ නම් පසුගිය අවුරුදු ගාණක් තිස්සේ කෝටි ප්‍රකෝටි ගණනින් හූරාකාපු ඒවා ගොඩදාගන්න බලන එකයි, කම්බා හොරු කොටුකර ගන්න හදන එකයි තමයි. ඒ කාලේ කිසිම දූෂණයක් වෙලා තිබුනේ නැත්නම් ජනවාරි 8 සිටම සංවර්ධනය පටන් ගන්න තිබුනා (නි)
විජිත්, මේ නිතරම විදුලිය බිඳවැටීමේ තාක්ෂණික දෝෂය කරුණාකරලා විස්තර කරන්න පුලුවන්ද ඔයාට? ස්තුතියි. (නි)
ස්ටාර් තරඟ වලට, මැයි දින කෑම් වලට ලක්ෂ කෝටි ගණනින් වැයකළාම රටක් ඉතුරුවෙන්නෙ කොහොමද ඇත්තටම? (නි)
වංචා දූෂණ සහ අකාර්යක්ෂමතාවයන් සිදුවු සහ වෙනවායැයි කතාවෙන තැන් වල ඉන්න ඉහළ නිලධාරින් සජිවී මාධ්‍ය වලට ගෙන්වා ප්‍රශ්න කරවන වැඩසටහනක් හදනවා නම් බොහෝ වංචා හෙළිකර ගතහැකිවනවා සේම නැවත විම වළක්වාගත හැකි බවයි මාගේ හැඟීම. (නි)
සභාපතිතුමනි, මෙම ඉල්ලීම ඉතාමත් දයාබරවයි ඔබතුමාගෙන් ඉල්ලන්නේ. ඔබ යටතේ අපගේ ඥාතීන් සහ හිතවතුන් ඉන්නවා. ඒ නැතත් අප මණ්ඩලයට කැමති නිසයි මෙම ඉල්ලීම ඉල්ලන්නේ. ඔබතුමා ඉල්ලා අස්වුණොත් මණඩලය ඉවරයි. වරදක් කරලා නම් එයට වගකිවයුතු අයට දැඩි දඬුවම් දීමත්, ඉදිරියට මෙම ආයතනය බබළවමින් ඉදිරියට ගෙනයනු දැකීමත් අපගේ සතුටයි. (නි)
දේශප්‍රිය, ඉතා හොඳ යෝජනාවක්. මේ වගේ නිලධාරීන් එකී අදාළ ආයතන මට්ටමින්ම රාජකාරියේ කොටසක් ලෙස සළකා මාධ්‍යයට එවිය යුතුයි. හොරෙන් හොරෙන් හොරකම් කරන්න පුළුවන් නම්, හොරෙන් ඇමතිලාට පන්දම් අල්ලලා තනතුරු / වරදාන වරප්‍රසාද ගන්න පුළුවන් නම් ඒවා ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරිම් වලට ලක්කරන තැන් වලට ඇවිල්ලා උත්තර දෙන්නත් හැකිවිය යුතුයි. (නි)
සත්‍යපාල කතා කරන්නේ ලංකාව ගැන වෙන්නත් බැහැ, කටින් වෙන්නත් බැහැ. ඒත් ලංකාවේ තමයි ඉන්නේ. මට කියන්න තියෙන්නේ “ මම දැකලා නැහැනේ සත්‍යපාල ඇත්ත කියනවා.....“ කියන සින්දුව විතරයි. (නි)
මෙන්න කොන්ද කෙළින් තිබෙන නියම මිනිස්සු. 'විශිෂ්ටයි සර්" කෝ මේ ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා එහෙම? (නි)
විදෙස්ගත ශ්‍රමිකයන් දහදුක් විඳලා රටට එවපු විනිමය නේද මේ තරඟ වලටයි, කෑම වලටයි වියදම් කරලා තියෙන්නේ? මේවා සහගහන අපරාධ. මේ අයනෙ ඇත්තටම ඉල්ලා අස්වෙන්න ඕනෑ. අස්වෙලාද කියලා ජනතාව දැනගන්න කැමතියි. මොකද මේ ජනතාවගේ සල්ලි නිසා. විදුලිය බිඳවැටුනා ජනතාව දැක්කා. එතුමා ඉල්ලා අස්වෙනවා කියන එකත් ජනතාව දැක්කා. නමුත් අනිත් දේවල් කෝ? (නි)
දේශපාලකයන්ට ඔයිට වඩා දේවල් වෙලත් ඉල්ලා අස්නොවන එකේ ඔබතුමා මොකද මේ ඉක්මනටම යන්න හදන්නේ. හේතුව සොයාබලා තීරණයක් ගන්න. (බ)
දේශප්‍රියගේ යෝජනාව කාලෝචිතයි. කරනවා නම් නියම වැඩක් (නි)
දේශප්‍රිය සහ සෝමදාස මහත්වරුන්ගේ අදහස් වලට හිස නමා ගරු කරමි. මෙයයි වියයුත්තේ. හොරුන්ට වැට බැඳිය යුතුයි. හොරුන් හෙළි කළයුතුයි. (නි)
හිරි ඔත්තප්ප තියන වැදගත් උගත් මනුෂ්‍යයෝ . රටට වාසනාවක් ! වෙන තනතුරක් ලැබේවා. (බ)
අකාර්යක්ෂමතාවයන් සිදුවු සහ වෙනවායැයි කතාවෙන තැන් වල ඉන්න ඉහළ නිලධාරින් සජිවී මාධ්‍ය වලට ගෙන්වා ප්‍රශ්න කළයුතුයි. (නි)
කමනි, තමන්ට බැරිද ඔතනට ගිහින් පරිපාලනය කරන්න. විදුලිය ගැන දන්නවද? ඔතන තියෙන්නේ පරිපාලනයේ වැරැද්දක් නොවෙයි, දේශපාලක වැරැද්දක්. (නි)
විදුලිය විසන්ධි වීමේ සිද්ධිය ගැන සභාපති ලජ්ජා වෙන්නේ මොකද? විදුලිය බිඳ වැටීමේ හේතුව හොයන එකනේ කරන්න ඕනේ, ඔය වගේද ඉස්සර දවස් ගණන් විදුලිය කප්පදුවකුත් කළානේ (බ)
අපේ කාලේ විෂයන් බාරව සිටියේ විෂය ගැන පරිණත බුද්ධියක් ඇති ගෞරව කළයුතු අයයි. දේශපාලනය කරන අය මේ අයගෙන් රටට වන සේවයට නියම ආකාරයට ගෞරව කරන්න වගබලා ගතයුතුයි නේද? (නි)
දේශපාලනය තමයි සේරටම මුල (බ)
මෙතුමා කලින් ආණ්ඩුව කාලේ සිට සිටි කෙනෙක් නේද? ඉල්ලා අස්වෙන්නේ පෙර වැරදි මේ කාලේ හොයන නිසාද කියලා සැකයකුත් මතුවෙනවා දැන් වෙන දේවල් බලනකොට (නි)
ඉල්ලා අස්වීම විසඳුම නෙමෙයි. එවිට මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ (නි)
ඉතාම දුර්ලබ ඝනයේ මහත්මයෙක් (බ)
කීර්ති, ඔබ 100%ක් නිවැරදියි. රට කෑ හොරු , හොරුන්ට උදවුකළ දෙවන පෙළ හොරු තාම නිදැල්ලේ. (නි)
මෙතුමාට හිස නමා ආචාර කරමි මන්ද යත් අපේ රටේ මෑත ඉතිහාසයේ පළමුවරට යමෙක් වෘත්තිය වගකීම අනුව කටයුතු කර තිබේ ! සියල්ලන්ටම ආදර්ශයක් වේවා !!! (බ)
මේ අවුරුදු ගණනටම මෙහෙම දෙයක් වුණේ ඊයෙද? මීටපෙර ඔය තීරණය නොගත්තෙක් ඇයි? ඒක මට ප්‍රශ්නයක් (නි)
ඔය පුටුවට ගැලපෙන්නේ ඔබ තුමා වගේ කෙනෙක් මිසක් දේශපාලකයෙක් නෙවේ. වුන වැරැද්ද හදාගෙන ඔබ තුමා රට වෙනුවෙන් කළ හැකිදේ කරන්න. ඔබ තුමා ඔය ක්ෂේත්‍රයේ හොද දැනුමක් ඇති උගතෙක්. ඉදිරියට එහෙම නොවෙන්න වග බලාගන්න. (බ)
වරුණ, දේශපාලන වැරැද්දක් නම් තමන්ට බැරිද ඔතනට ගිහින් දේශපාලනය කරන්න? රාජ්‍ය ආයතන තියෙන්නේ දේශපාලනය කරන්න කියන මෝඩයෝ ඉන්න රටක මෙහෙම වෙන එක පුදුමයක්ද? (නි)
පිස්සුද මහත්තයෝ ඔයා අස්වෙනවනම් දේශපාලකයෝ වහ කන්න එපැයි. (බ)
අද විලාසිතාව වි තිබෙන්නේ කවුරුන් හෝ දේශපාලඥයින් පිරිසක් ගෙන්වා පැය ගනන් කතා කිරීමේ පිළිවෙතයි. නමුත් දේශපාලඥයාට කිසිදා තනිව සොරකම් කළනොහැක. එයට උදව් කළ පිරිසක් ඇත. ඒ අය සදා සැප විඳිමින් සමාජයෙන් සැඟවි සිටියි. (නි)
ඉල්ලා අස්වුණාට 2011 සිට මේ තනතුර දරා තිබෙන නිසා එකල සිට යම් යම් වැරදි ආයතනයේ වී තිබෙනවා නම් එයින් මඟහැරිය නොහැකි වියයුතුයි (නි)
මෙය සැළසුම්සහගතව කළ කඩාකප්පල්කාරි ක්‍රියාවක්ද යන්න සෙවිය යුතුයි. එසේ වීමට බොහෝ ඉඩකඩ ඇත. රට ගැන අමුතුම චිත්‍රයක් මැවිමට ඡන්දය ආසන්නයේ කිසියම් පිරිසක් හදන බව පෙනේ. (නි)
ප්‍රතිපත්ති ගරුක, උගත් විදුලිය පිළිබඳ විශේෂඥයක් වන මෙතුමා සිය බුද්ධියෙන් විමසා ගත් තීරණයක් නමුත්, නැවතත් වරක් හෝ සිතන්න කියලයි මමනම් ඉල්ලන්නේ.ඔබතුමා ඔතනින් ඉවත්වුණා කියා ඔය ප්‍රශ්නය අවසන් වන්නේ නැහැ. තව කෙනෙක් එයි..එයාටත් ඔය ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවාමයි. මේවා ඔබතුමාට කියා දෙන්න දේවල් නොවෙයි ....වැයවෙන මුදල් ගැන නොසිතා " අධිසංවේදී ඉලෙක්ට්‍රොනික් සින්ක්රෝනයිසර්ස් " ග්‍රිඩ් උපපොලවලට සවිකරන්න පියවර ගන්න. අඩුමවශයෙන් " මුළු ලංකාවටම " එකවර විදුලිය නැතිවීම වලක්වාගත හැකිබව මගේ මතයයි. (බ)
විදුලි බල මණ්ඩල සභාපතිට නම් ලැජ්ජයිලු. තව ලැජ්ජාවෙන්න ඕනෑ ඇමතිලා, ඇමතිලාට උල්පන්දම් දුන් අය කොපමණ ඉන්නවාද? ඒ අයට නම් ලැජ්ජාව ගෑවිලාවත් නැතිබවයි පෙනෙන්නේ. (නි)
සදා සැප විඳිමින් සිටින පිරිස දැන් කරලියට ගෙන්වන්නට කාලය එලඹ ඇති බවයි ජනතාව කිය්නනේ. බොරු වෙස් මුහුණු දාගෙන ජාතික ධනය සොරකම් කරමින් ඉන්න දෙන්න එපා. ඒ අයව ගෙන්වා ප්‍රශ්න කරන්න (නි)
රොහාන් දයාදර, විදුලිය බිඳවැටීම ලෝකයේ ඕනෑම තැනක සිදුවිය හැකි සාමාන්‍ය දෙයක්. එය නැවත ස්ථාපනය කරගැනීමට ගතවන කාලයයි ප්‍රශ්නය. (නි)
මේ වගේ අපේ මැති ඇමැතිවරුත් කරනවානම් මොනතරම් අගය කරන්න පුළුවන්ද ඔබේ ඔබ ගත් තීරණය අගය කළ යුතු වැදගත් තීරණයක් ඔබට වාසනාවන්ත අනාගතයක් (බ)
රාජ්‍ය ආයතන තිබෙන්නේ දේශපාලනය කරන්න කියන එක ජනතාවට කාවැද්දුවේ මීට වසර ගානකට පෙර සිටයි. රාජ්‍ය ආයතන ලොක්කෝ කළේ ඇමතිලාට පන්දම් අල්ලා තනතුරු ගත් එකයි (නි)
වෙන රට වල දේශපාලකයන් ඉල්ලා අස්වෙන්නේ ...! එ්ත් අපේ රටේ හොද දක්ෂ නිලධාරිය වගකීම බාර ගෙන, කොන්ද නැති දේශපාලුවෝ....(බ)
බුද්ධිමත් මිනිස්සු තැනකට පැමිණිවිට බලයට ලෝභනැතුව තමන්ගේ වැඩ ටික කරනවා. බැරිනම් යනවා (නි)
නිහතමානී මහත්මයෙක්. අනික් ඔක්කොම මහත්හොරුන්. ඔබතුමාගේ වචනයට අපි ගරු කරනවා. ඒ නිසා ඔබතුමා වගේ කෙනෙක් ගෙදර යනවට මම කැමති නෑ (බ)
හොර මැරකම් අහුවුණ අනිත් ආයතන වල ඉහළ නිලධාරිනුත් මෙසේ ඉල්ලා අස්විය යුතුයි. විශේෂයෙන්ම මැදපෙරදිග දුක්විදින අහිංසකයින්ගෙ මුදල් වලින් බාල් නටපු නිලධාරින් ටික. (බ)
දේශපාලුවන් ඉල්ලා අස්වෙනතුරු ඉන්න. ඔබ ගියොත් ඔය තනතුර දේශපාලන හෙන්චයියෙකුට දෙයි. යන්න එපා. ඔබ මොකටද ලැජ්ජා වෙන්නේ. (නි)
විදුලිය බාර ඇමතිතුමා, උප ඇමතිතුමා, රාජ්‍ය ඇමතිතුමා, ජ්‍යෙෂ්ඨ ඇමතිතුමා,මොකද කියන්නේ, ඔබතුමන්ලා ගැන ලැජ්ජයි, අප්පිරියයි, හිරිකිතයි කියනවා ඇරෙන්න අපිට වෙන කියන්න දෙයක් නැහැ. නැත්නම් විශේෂ ප්‍රකාශයක් තියල මේකත් මහින්දගේ වැඩක් කියල කියන්න. (බ)
යහපාලනයෙ අඳුර විඳිමි.විදුලිය ගත්ත අයට හරියට දෙන්න බැරිව,රටේ ඔක්කොටම විදුලිය දෙන්න කතාව. රටම අදූරේ (බ)
ඩිල්ෂාන්, එයත් ඇවිල්ලා තියෙන්නේ 2011 දි කියලා අමතක කරන්න එපා (නි)
මමත් රජයේ සේවකයෙක් වශයෙන් සේවයට ගියේ නියම විදිහට පවත්වපු පරීක්ෂණ සමත්වෙලා. එ්ත් අද ඉන්න අය ඇත්තටම සුදුසුකම් ඇතුව නීත්‍යානුකූලව සේවයට ගිය අයද? දේශපාලන හිතවත්කම් මත සුදුසුකම් බලන්නේ නැතුව පත්වීම් දෙනවා. (නි)
මෙයත් ක්‍රමයට ඉන්දියාවට දාන්න යන ප්ලෑන් එකක්ද (බ)
ඔබතුමා මොනවා කරන්නද? අපිටත් ඇත්ත තේරෙනවා (නි)
ඕකත් රාජපක්ෂ ගිණුමට බැර කරන්න එතකොට අව්ලක් නෑ. හැමදාම රස්සාව තියේවි.ඔබට දීර්ඝායු වේවා මහත්තයෝ. (බ)
ඇමතිතුමා ඉවත් විය යුතුයි (බ)
ඔබ තුමා යමක් කළහැකි මහතෙක් මොකවත් බැරි අය රට පාලනය කරන එකේ ඔබ තුමා කලබල වෙන්න එපා (බ)
ඔබතුමා උගත් මහත්මයෙක්. හදිසි තීරණ ගන්න එපා. හේතුව සොයා බලා තීරණ ගන්න (නි)
රටේ විදුලි අර්බුදයක් ඇත. එය අද ඊයේ ඇතිවුවක් නොවේ. පළමු දෙය නම් දුෂිත නිලධාරීන් හා දේශපාලකයින්ය. බාල අවිශ්වාසි බලාගාර ඇතිවිට රටක විදුලි පද්ධතිය පිළිබඳ කිසිදු විශ්වාසයක් තැබීම කළනොහැක (නි)
ඔබතුමා හරි , මේක තමා ලෝකයේ දියුණු රටවල ක්‍රමය වගකීම භාරගෙන ඉල්ලලා අස්වීම (බ)
සීසීටීවි කැමරා සෑම රාජ්‍ය ආයතයකම සහ පොලිසි වල සවි කරන්න. කඩාකප්පල්කාරි වැඩ, පැමිණිලි බාර නොගැනිම් හෝ දුන් කටඋත්තරය නොලියා වෙන එකකට අත්සන් බලෙන් ගැනිම් වැනි වැරදි නැති කළහැකියි. ඒවට රජය මුදල් වැයකළාට කමක් නැහැ. ඒ සාධාරණත්වය රකින්න නිසා. ඇමති මන්ත්‍රී වරප්‍රසාද කපලා මේ වැඩේ කරන්න. (නි)
ඔබතුමා ගත් තීරණය ප්‍රශංසනීයයි. උතුම් ගුණයක් රටටම පෙන්නුවා. කව්රු කව්රුත් මේක ආදර්ශයට ගත්තොත් හොඳයි (නි)
ඉතා හොඳ තීරණයක්. ඔබේ ඉල්ලා අස්වීම රටේ අනෙක් වෘත්තීන්ට කදිම ආදර්ශයක්. (නි)
ඔබ වංචා දූශනයක් කරලා නෑ නෙ. මට පෙනෙන්නෙ නොහැකියාව හා බැරිබැරි රෝගය කියලා. ඔහොම හැමෝම අස්වුනොත් ලංකාවට දෙවියන්ගෙම පිහිට තමා. (බ)
මේ මනුස්සයා විතරක් නෙමෙයි..විෂය භාර ඇමති, විශේෂයෙන් අදාල ඉංජිනේරු ලයින් එකම අස් වෙන්න ඕන. (බ)
රාජ්‍ය ආයතන වල කැමරා සවි කරන්න. පොඩි මිනිහාට මහත්මයෙකුට වගේ සළකාවි. (නි)
සභාතිතුමා ඉල්ලා අස්වීම විසඳුමක් නොවෙයි. විෂය ගැන දැනුමක් තියන ඔබ තුමා ඉඳල වැරදි කරපු අය සොයල නැවත මෙවැනි දේවල් සිදු නොවෙන්න කටයුතු කරන්න. (බ)
අපේ විදෙස්ගත අහිංසකයන්ගේ සල්ලි ගසාකෑ අය කවදාද ඉල්ලා අස්වෙන්නේ කියලයි අපි නම් බලාගෙන ඉන්නේ? (නි)
වැරැද්ද තාක්ෂණික දෝෂයක් හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම් ඔබ අස්වෙලා වැඩක් නැහැ. හැබැයි වැරැද්ද් පරිපාලනයේ දුර්වලතාවයක් නිසා නම් අස්වුණත් ඔබට ඒ වගකීමෙන් නිදහස් වෙන්නත් බැහැ. (නි)
තීරණය රටටම ආදර්ශයක්. නිල්මිණි කියනවා වගේ හොර මැරකම් අහුවුණ අනිත් ආයතන වල ඉහළ නිලධාරිනුත් මෙසේ ඉල්ලා අස්විය යුතුයි. මොකද ඒ ආයතන වල හොඳක් තිබුනොත් ඒ නිලධාරීන් භාරගන්නවා තමන්ගේ වැඩ නිසා තමයි ඒක වුණේ කියලා. ඒ නිසා සදාචාරාත්මක අයිතියක් නැහැ ඒ පුටුවලම ඉඳගෙන රජයෙන් පඩි ලබන්න. (නි)
මේකට තම කියන්නේ කළමනාකරණ දැනීම නැති කම. ආයතනයක් පාලනය කරන්න තාක්ෂණික දැනුම විතරක් මදි (බ)
ඔබතුමා ඉල්ලා අස්වීම හොඳයි. එය ආදර්ශමත්. නමුත් ඉල්ලා අස්විය යුත්තේ විදුලිබල මණ්ඩලයේ ඉඳගෙන ම අඟේ ඉදන් කණ කන උදවියයි. දේශපලනඥයින්ටත් ඒ අයව පේන්නේ නෑ (බ)
වැරද්ද හොයල අපිට කියන්න ඔබතුමාගේ වගකීම. එහෙම නැතුව අස්වෙන එක නෙමෙයි (ම)
අස්වෙන එක හොඳයි. 2016 වෙන විටවත් දන්නෙ නැද්ද එකවර රටක විදුලිය විසන්ධි නොවෙන්න අනෙක් රටවල තියෙන දියුණු ක්‍රම මොනවද කියලා. 2011 දිනේ ආවයි කියන්නේ . අව්රුද් 5 ක් ගි්හිනුත් මේ වගේ දෙයක් නොවෙන්න පෙර සුදුානමක් තිබුනේ නැද්ද? (ර)
හසන්ත, ඔයාල හැමදාම හොරු අල්ලනවා හොරු අල්ලනවා අවරුදු පහේම හොරු අල්ලන්න. (ර)
ඔබතුමා ඔය ක්ෂේත්‍රයේ හොඳ දැනුමක් ඇති උගතෙක්. ඉදිරියට එහෙම නොවෙන්න වගබලා ගන්න. ඔබතුමා වගේ කෙනෙක් ගෙදර යනවට මම කැමති නැහැ (නි)
මේකට දෙමුහුන් අදිකරණයක් දාල, පිටරට විනිසුරු වරු ගෙන්නලා පරීක්ෂනයක් කරන්න. (ර)
මිනිස්සු කාටත් වැරදීම් වෙනවා මහත්තයෝ. ඔබතුමා මේ වෙලාවෙ ඉන්නම ඕනෑ. මොකද ඔහොම වෙන්නේ කියලා හොයන්න හොඳ දැනුමක් තියෙන කෙනෙක් ඕනෑ. අපේ රටට කියලා ඔබතුමා වගේ උගත් මිනිස්සු මහ ගොඩක් නැහැනේ. (නි)
විදුලිය බිද වැටුනයි කියලනම් අස්වෙන්නෙ නැහැ කියටවත්. මේකෙ යට මොකක් හරි කඩාකප්පල්කාරි ක්‍රියාවක් ඇති බව මෙතුමා දන්නවද දන්නෙ නැහැනේ. ඒ නිසා අස්වෙනවා වෙන් ඇති. කොහොමත් 2011 මෙතන වැඩභාර ගත්තානමි මෙහෙම දෙයක් නොවන්න මීට පෙර නේද වගබලා ගන්න තිබුනේ. (අ)
සම හරක් අදහස් දක්වලා තියෙන්නේ මහින්ද ඉන්නකොට විදුලිය බිදවැටුනේ නැහැ වගේනේ.(බ)
කිසිවිටෙකත් ඉල්ලා අස්වියයුතු නොවේ ඔබතුමා ලැබු උගත් කම ආයතනය ඉතා ඉහල එකක් නිසා ප්‍රශ්නය සොයා බලා විසදුමක් දෙන්න පුළුවන් නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් නොලැබේ නම් බිඳ වැටීම් නොවැලැක්විය හැක යල් පැන ගිය උත්පාදන මෙහෙයුම් උපකරණ ඉවත් කර අලුතින් සවි කළයුතු වෙනවා මේ රටේ නම් එය සිදු කරනවා (බ)
දුමින්ද, ඉහළ රැකියා වෘත්තිකයින්ට අපල කාලයක් නෙමෙයි. හොර වැඩ කළ සහ හරියට වැඩ නොකල ඉහළ රැකියා වෘත්තිකයින්ට බොහොම අපල කාලයක් ලෙස නිවැරැදි විය යුතුයි. (අ)
රුපියල් කෝටි ගාණක් මහජන මුදල් කබාසිනිය කරලා හදපු නොරොච්චෝලේ විදුලි බලාගාරය ගැන සද්දයක්වත් නැහැ.මේවා මහා ජාතික අපරාධ.කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාපු එවුන් හිනාවෙනවා අපිට.දැඩි දඩුවම් දෙන්න.(බ)
මේ වගේ විදුලි බිඳ වැටීම් වුණා 1983 කැනඩාවේදී (බ)
රාජපක්ෂලාගේ රුකඩ තාමත් හොල්මන් කරනවා....(බ)
මෙය සිදු වන්නේ ගෙවා විදුලිය ලබා ගන්න බලාගාර අත්හිටුවට පස්සේ මේක ඇතුලේ මාෆියාවක් තියෙනවා රහස් පොලිසියට දන්වන්න (බ)
චීනයෙන් ලෝකයේ කියන බංකු ගිණුමට මුදල් වැටිලා හදපු/අටවපු නොරොච්චෝලේ විදුලි බලාගාරය කරපු අවුන්ට දැඩි දඩුවම් දීල ඒ මුදලුත් රාජ සන්තක කරන්න.මේවා ජාතික අපරාධ. (බ)
මේකට පරාද වුන කෙනෙක් සබාපති කරන්නකෝ වැඩේ තිතට කරයි..ඔබතුමා වගේ අයට මේවා හරියන්නේ නැහැ (බ)