IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විදුලි බිල අඩු කිරීම ජුලි

(සුජිත් හේවාජුලිගේ)

විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම සඳහා ක්‍රියාදාමය ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනා බාරදීමට අද (17) දක්වා කාලය ලබාදෙන ලෙස විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත

එම යෝජනා මැයි මස 1  වැනිදා කොමිසමට ලබාදීමට නියමිතව තිබුණත් විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් මත එම කාලය පසුගිය10 වැනිදා  දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කළේය.

කෙසේ වෙතත් පසුගිය 10 වෙනිදාද ලංකා විදුලි බල  මණ්ඩලය අදාළ යෝජනා කොමිසමට ඉදිරිපත් නොකළ බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ අනුව කොමිසම යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්  විදුලිබල මණ්ඩලයට යළි සිහිකැඳවීමක්ද කර තිබිණ.



අදහස් (8)

විදුලි බිල අඩු කිරීම ජුලි

ranjith Thursday, 16 May 2024 12:12 PM

ඡන්දේ ළං වෙනකල්ම ජනතාව සුරා කාපල්ලා

:       3       17

Nimal Thursday, 16 May 2024 12:53 PM

එක මෝසමක් ඉවර වෙලා තව එකක් ඇවිත්. මුන් තාම අඩුකරන්න හදනවා. අපි දන්නවා උඹලගේ ඡන්ද ගුණ්ඩු. ඡන්දේ කට උඩ තියන් ගහන ගැටවලට අපි අහු වෙන්නෙ නෑ. ඒ ගොනා වික්කා.

:       3       17

Hafeel Thursday, 16 May 2024 01:58 PM

ඡන්දය ලං වෙන තුරු මෙහම කල් මරනවා. ඒ වුණාට ජනතාව දැනටමත් තීන්දු අරන් අවසන්.

:       4       11

ravin Thursday, 16 May 2024 02:32 PM

සියලු අකාර්යක්ෂම අයව රජයේ සේවය තුළින් අතුගා දැමීමට පමණක් අනාගතයට පමණක් රටක් ඉතිරි වෙයි...

:       3       7

පාරිභෝගිකයා Thursday, 16 May 2024 02:56 PM

අඩු කරන්න එපා ඔහොමම තියපල්ල තව ටික දවසයි දෙන්නම් උඩින් යන්න විශේෂයෙන් අර කටහැකර ඇමැතියාට

:       4       7

Kazi Shajahan Thursday, 16 May 2024 04:06 PM

අපි මේ සැරෙත් රැවටෙන්න යන්නේ.. අපිව මාස 3 -4 රවට්ටලා, මුන් හදන්නේ තවත් අවුරුදු පහක් අපෙන් නිකන් කන්ඩ, විදුලි බිල විතරක් මදි. ඩිසල් පෙට්‍රල් ගෑස් වතුර වැට් ඔක්කෝම අඩුවෙනවා...

:       0       0

කාංචනා Thursday, 16 May 2024 07:22 PM

ඇමැතිතුමා ලංකාවෙ මිනිසුන්ට යමක් මතකයේ තියෙන්නෙ සතියකට ආසන්න කාලයක් පමණයි ඉතින් ඔය වැඩේ අනගාරික ධර්මපාල තුමාගේ නැත්නම් ජේආර්ගෙ උපන් දිනයේ හෝ එයට ආසන්න කාලයේ කලොත් වැඩක් නැහැ ඒ දිනවල ගෙවන බිලේ ගාස්තු අඩුකරන්න නැත්නම් ඉතින් සුම්මා තමා

:       0       0

swene Friday, 17 May 2024 05:26 AM

වැඩි කරනවිට ක්ෂණිකව. අඩු කරන විට බාලගිරි දෝෂය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site