විදුලි මණ්ඩලේ කියන අර්බුදය ගැන රට දැනුවත් කරන්න ආණ්ඩුවට සම්බන්ධ රෑපවාහිනී මාධ්‍ය ආයතනයක් සාකච්ඡාවක් සංවිධාන කළා...
ඉතින් මේ සාකච්ඡාවට මුලින්ම දේශපාලන ලොක්කන්ට එන්න කිව්වා.. අනේ ඒ අය "බිසී" දැන්නම් අමාරැයි කියලා උත්තර ලැබුණා... ඊළඟට මණ්ඩලේ සභාපති තැනට ජී.ඇම්. තැනට ආරාධනා කරන්න තීන්දු කළා. අවාසනාවකට ඒ දෙන්නම ටෙලිෆෝන් එකට උත්තර දෙන්න ආවෙ නැතිලු.
ඊට පස්සෙ මණ්ඩලෙන් කවුරැහරි දෙන්න බැරි නම් ඒකපාක්‍ෂික සාකච්ඡාව ගෙනියනව කියලා මාධ්‍ය ආයතනය දැන්නුව. ඔන්න බොලේ ඒ පාර එක්තරා වියපත් ඉන්ජිනේරැ මහත්තයෙක් ආව... උන්නැහේ ඇවිල්ලා මෙහෙම කිව්වා. මට ඔය කියන ප්‍රශ්නවලට ඇත්ත උත්තර දෙන්නත් පුළුවන් විසඳුම් කියන්නත් පුළුවනි. හැබැයි ඒව ක්‍රියාත්මක කිරීම ගැන වගකීම ගන්න නම් බැහැ...,
මේ ඉන්ජිනේරැතුමා උප සාමාන්‍යධිකාරි මට්ටමේ ඉන්න නිසා මාධ්‍ය කස්ටිය පුදුම වෙලා ඇහුව විසඳුම් ක්‍රියාත්මක කරන්න බැරි නම් කතා කරන්න ආවෙ මොකටද? කියලා..
,ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක්" විදුලි බලධාරිය කිව්වා.
"මොකද්ද ප්‍රායෝගික ප්‍රශ්නය" මාධ්‍ය කස්ටිය ඇහුවා.
"මම ලබන සුමානෙ පෙන්ෂන් යනවා. ඉතින් මම කොහොමද ඕව ගැන සහසුද්දෙන් පොරොන්දු වෙන්නෙ"
නිලධාරිතුමා කිව්ව. මේක අහපු මාධ්‍ය කට්ටිය උඩ ගියා. ලබුන සුමානෙ පෙන්ෂන් යන කෙනෙක්ද මේ වැදගත් සාකච්ඡාවට එව්වෙ. කියලත් ප්‍රශ්න කළා... ඒත් ඉතින් කරන්න දෙයක් තිබුණෙ නැහැල්ලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd