
(යොහාන් භාසුර)
තාප විදුලිබලාගරවලට ඉන්ධන නොලැබුණ හොත් ඇඳිරි නීතිය ඉවත්කළ පසු දිනකට පැය හතහමාරක් අනිවාර්යෙන් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් එරංග කුඩාහේවා මහතා අද (11) පැවසීය.
එම විදුලි කප්පාදුව දහවල් පැය 5 ක් සහ රාත්‍රී පැය දෙකහමාරක් ලෙස සිදුවිය හැකි බවත් කුඩාහේවා මහතා කීය.
සියලුම තාප විදුලි බලාගාර සඳහා දැවිතෙල් ඇතුළු ඉන්ධන නොලැබීම නිසා බලාගාර ඇනහිටින තත්වයක් ඇති වී තිබෙන බව කී එරංග කුඩාහේවා මහතා දැවිතෙල් ඊයේ අවසන් වූ බව ද සඳහන් කළේය.
ඉන්ධන ලබාගැනීමට ඉල්ලීම් කළ ද ලංකා ඛනිජ තෙල් සස්ථාවේ වගකිවයුතු නිලධාරීන්ගෙන් පිළිතුරක් ලැබී නොමැති බවත් ඇඳිරි නීතිය ඉවත් කළ පසු විදුලි ඉල්ලුම වැඩි වන බවත් එරංග කුඩාහේවා මහතා වැඩි දුරටත් කීය.
මාසක පමණ කාලයක සිට දෛනිකව පැය 3 යි විනාඩි 20 බැගින් විදුලිය කප්පාදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරිම අසාධාරණයි. අපේ සල්ලි සේරම ආණ්ඩුව හූරන් කාලා. අපිට ගෑසුත් නැහැ, ලයිටුත් නැහැ. අපේ දරුවන් දාඩිය දාගෙන නිදි. මීට වඩා හොඳයි ලයිට් කපන්න එපා... මිනිස්සු මරලා දාන්න. ඔයාලා විසඳුමක් ගේන්න උත්සාහ කරන්නේ නැතිව ලයිට් එකත් කපලා දානවට නම් හෙණම ගහනවා.